• ‍ බ්‍රිතාන්‍ය මහා මැතිවරණය කෝබින් සහ වම

    ජෙරමි කෝබින් නායකත්වය යටතේ ලේබර් පක්ෂය සිය මැතිවරණ ප‍්‍රකාශය තුළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හැඩයේ යෝජනා රාශියක් ඉදිරිපත් කරයි. අධ්‍යාපනය සදහා වෙන්කරන ප‍්‍රතිපාදන ඉහළ දැමීම, දුම්රිය සේවය, තැපැල් සේවය, බලශක්ති ක්ෂේත‍්‍රය ආදිය නැවතත් ජනසතු කිරීමේ යෝජනා ඉදිරිපත් වී ඇත. තවද කම්කරුවන් පෙළන ක‍්‍රමයක් වන පැය බින්දුවේ කොන්ත‍්‍රාත් ක‍්‍රමය ,එනම් සේවා යෝජකයන් විසින් වැඩ කළ යුතු පැය ගණන නිශ්චිත නොකරමින් ලබා දෙන කොන්ත‍්‍රාත් ක‍්‍රම අහෝසි කිරීමේ යෝජනාද මෙයට ඇතුළත්ය. මෙහිදී සැලකිල්ලට ගැනෙන වැඩපිළිවෙල පූර්ණ වශයෙන් සමාජවාදී නොවීම හා ඒවා යථාර්ථයක් කරගැනීම ධනේශ්වර ක‍්‍රමය තුළ ඇති නොහැකියාව එසේ තිබියදීම නව ලිබරල් ආර්ථික උගුලේ සිටින බ්‍රිතාන්‍ය පීඩිත පාන්තික මහජනයාට මේ යෝජනාවලට තිබෙන ආකර්ෂණය ඔස්සේ වාම සාකච්චාව පු`එල් කිරීමේ අවකාශය උදා කර දී ඇත.

  • ඉල්ලන්නේ තවත් සිසු ජීවිතයක්ද?

    සබරගමුව සරසවියේ සිසු නායකයන්ට අගොස්තු 08 දින එල්ල කළ මැර ප‍්‍රහාරය තරයේ හෙළාදකිමින් එම සරසවියේ සිසුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

  • අත්අඩංගුවට ගත් සිසු නායකයින් වහා නිදහස් කරනු!

    නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහත් දිනා ගැනීමේ සටනේදී සිරගත කළ අවිශිබම කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා සහ අවිභිබම කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් දිවයින පුරා විශ්වවිද්‍යාලවල සිසුන් වීදි බසිති

Friday, November 24, 2023

නිදහස් පලස්තීනය පිළිගනු! ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේදී 05ක් අත්අඩංගුවට...

 






නිදහස් පලස්තීනය පිළිගනු! ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේදී 05ක් අත්අඩංගුවට...

"නිදහස් පලස්තීනය පිළිගනු" තේමාව යට⁣තේ ජන අරගල ව්‍යාපාරය විසින් අද කොල්ලුපිටිය ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී. එහිදී උද්ඝෝෂකයන් 05 දෙනෙකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් වන සුජිත් කුරුවිට, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ ඇතුළු පස් දෙනෙකි. උද්ඝෝෂණය පවත්වා අවසන් කළ අවස්ථාවේ පිරිස විසිර යාමට සූදානම් වන විට ධම්මික මුණසිංහ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේ සුවදුක් විමසීමට නීතීඥවරුන් සමඟ කොල්ලුපිටිය පොලීසියට ගිය අවස්ථාවේ සුජිත් කුරුවිට සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. උද්ඝෝෂණයේ අවස්ථා කීපයක් පහත දැක්වේ.










Monday, November 13, 2023

ඔබ මියගොස් නැත! කළුතරදී පැවැත්වූ පෙ.ස.ප. ඉල්මහ විරු සමරුව.



ඔබ මියගොස් නැත! කළුතරදී පැවැත්වූ පෙ.ස.ප. ඉල්මහ විරු සමරුව.


87/89 සමයේ නවලිබරල්වාදී නරුම ධනේෂ්වරයට එරෙහිව සමාජවාදී සමාජයක් වෙනුවෙන් වූ අරගලයේදී දිවි පිදූ සහෝදරයන්, සහෝදරියන් සිහිකරමින් සිදුකෙරෙන ඉල්මහ විරු සමරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කළුතර නගර ශාලාවේදී පවත්වන ලදී. මෙවර පැවැත්වූයේ 34 වැනි ඉල්මහ විරු සමරුවයි. 












Tuesday, November 7, 2023

බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය

 


බළලුන් ලවා කොස් ඇට බාවන ඇමරිකානු උපක්‍රමය

ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද්ධය නැවත වටයකින් ආරම්භ වී ඇත . මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් ගාසා තීරය ආශ්‍රිතව පවතින්නේ වෙඩි හඬවල් සහා මිනිසුන්ගේ වේදනාවේ විලාපය පමණී. ලෝක බල දේශපාලනයේ උවමනාවන් සතෘප්ත කිරීමට දහස් ගණනින් දරුවන් මරා දමන ඊශ්‍රායල් පලස්තීන් යුධ උමතුව පරාජය කිරීමට නම් එහි මූලයන් පිළිබඳව දැනුම්වත්ව සිටිය යුතුය. මෙම ප්‍රශ්නය ආගමික හෝ දේශපාලනික කෝවකට දමා සමාලෝචනය කළ හැකි වියුක්ත ප්‍රශ්නයක් නොවේ. එය සමස්ථ ලෝක දේශපාලනය සමග සංයුක්තව ගැටගැසී ඇත. 

                   පුරාවෘත්තයන් අනුව අරාබි ජාතිකයන් සහා යුදෙව් ජාතිකයන් යනු එකම මූලයකින් පැවතෙන පරම්පරාවන් දෙකකි. යුදෙව් , ක්‍රිස්තියානි සහා ඉස්ලාම් යන ආගම් තුනේම අදහන්නේ එකම දෙවි කෙනෙක් වනාතර එවායේ ඉතිහාසයද එකිනෙකට ගැටගැසී ඇත. යුදෙව් පුරාවෘත්තයන්ට අනුව යුදෙව් ජාතිකයින් යනු දෙවියන් වහන්සේ විසින් තම පරම්පරාව පවත්වාගෙන යාම සඳහා තෝරාගත් ජාතියයි. ආබ්‍රහම් නම් නම් දිවැසිවරයා යටතේ යුදෙව්වන්ට පොරොන්දු දේශයක් ලබා දුන් බව ඉතිහාසයේ සඳහන්ව ඇත. අදින් වසර 3834කට පමණ පෙර ආරම්භ වූ මෙම දේශය හැදින්වූයේ කානාන් දේශය නමිනි. වරින් වර සතුරු ආක්‍රමණ හමුවේ පරාජය වෙමින් සහා ජයග්‍රහණය කරමින් යුදෙව්වන් මෙම දේශය ගොඩනැගූ බවට ඉතිහාසය සාක්ෂි සපයයි. 

                ක්‍රිස්තු පූර්ව දහවන සියවසේදී පමන ඊජිප්තු පාරාවෝ  පාලකයෙක් වූ ශිශාක් යුදෙව් දේශය ආක්‍රමණය කළ අතර යුදෙව්වන් ලක්ෂ ගණනින් වහලුන් ලෙස ඊජිප්තුවට රැගෙන යන ලදී. පසුව මෝසෙස් යටතේ නැවතත් සංවිධානය වූ යුදෙව්වන් නිදහස ලබා නැවතත් සිය පොරොන්දු දේශය වෙත පැමිණෙන ලදී. ඉන්පසුව බැබිලෝනියානුවන් විසිනුත් පසුව රෝම අධිරාජ්‍ය මගිනුත් කානාන් දේශය යටත් කරගන්නා ලදී. එහිදී රෝම පාලන සමයේදී යුදෙව්වන්ගේ දේශය සිරියාද පලස්තීනා යැයි වෙනස් කර ඇත. ක්‍රි.ව. 636 දී මුස්ලිම් ජාතිකයන් විසින් ජෙරුසෙලම ආක්‍රමණය කළ අතර එයින් පසුව පළමු ලෝක යුද්ධය දක්වාම මෙම භූමියේ පාලන බලය ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය සතු විය. මුස්ලිම් අධිරාජ්‍යක් වූ ඔටෝමන් පාලනය යටතේ බොහෝ යුදෙව්වන් මෙම භූමියෙන් පිටමං කළ අතර ඉතිරි වූවන්ගෙන් බහුතරයකට ඉස්ලාම් ආගම වැලඳ ගැනීමට බලකරන ලදී. කෙසේ වෙතත් එයින් පසු වසර දහස් ගණනක් තිස්සේ මෙම භූමියේ යුදෙව් ඉස්ලාම් සහා ක්‍රිස්තියානි ජන කොටස් මිශ්‍රව ජීවත්ව ඇත. 

                      මුස්ලිම් ආක්‍රමණයත් සමග ලෝකය පුරා විසිර ගිය යුදෙව්වන්ට ස්ථිර දේශයක් දිනාගැනීම සඳහා දියත්කළ මතවාදීමය මෙහෙයුම සියෝන්වාදයයි. ප්‍රංශ හමුදාවේ සේවය කළ ඩිරෙප්ස් නම් යුදෙව් සොල්දාදුවාට එරෙහිව පාවාදීමේ ඡෝදනාව මත එල්ල වූ ණඩු විභාගය නැරඹීමට ගිය තියෝඩර් හර්ෂල් විසින් ක්‍රි.ව. 1897 දී සියෝන්වාදී යුදෙව් සංගමය පිහිටුවන ලදී. එහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 197කි. සියෝන් යනු ඊශ්‍රායලයේ පිහිටි කන්දක් වන අතර එහි අර්ථය " නැවත තම මුල් බිම් වෙත " ( Land of Israel ) යන්නයි. පළමු ලෝක යුද්ධයත් සමග ජර්මනියට සහා ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට එරෙහිව සටන් වැදුනු එංගලන්තය ප්‍රමුඛ පාර්ශ්වයට යුදෙව්වන්ගේ සහය හිමි විය. ඒ සිය පොරොන්දු දේශය නැවත ලබාදිය යුතුය යන ගිවිසුම පිටය. Balfour Declaration නමින් ප්‍රසිද්ධ වූ මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගනු ලබන්නේ එවකට බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් ආතර් බැල්ෆෝර් විසිනි. පළමු ලෝක යුද්ධයෙන් ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය පරාජය වන අතර ඊශ්‍රායල් පලස්තීන් භූමිය බ්‍රිතාන්‍ය පාලනය යටතට පත් විය. එහෙත් යුදෙව්වන්ට පොරොන්දු වූ රාජ්‍ය ලබාදීමට බ්‍රිතාන්‍යයන් කටයුතු කලේ නැත. නමුත් අධික මුස්ලිම් ජන ගහනයක් පවතින මෙම ප්‍රදේශයට ක්‍රමයෙන් ලෝකයේ විවිධ රටවල විසිරී සිටි යුදෙව් ජාතිකයන් පැමිණෙන්නට විය. 

                  යුදෙව්වන් මිලියන හයකට වඩා සමූල ඝාතනය කළ හිට්ලර්ගේ ජර්මනිය ඇතුළු අක්ෂි පාර්ශ්වයට එරෙහිව ඇරඹි දෙවන ලෝක යුද්ධයේදී යුදෙව්වන් නැවතත් බ්‍රිතාන්‍යය සහා ඇමරිකාව නියෝජනය කළ මිත්‍ර පාර්ශ්වයට සහයෝගය දෙන ලදී. මෙම සංග්‍රාමයෙන් පසු වර්ෂ 1948 දී බ්‍රිතානයන් ඊශ්‍රායල් භූමියෙන් ඉවත් වූ අතර යුදෙව් ජාතිකයන් ඊශ්‍රායලය නමින් ස්වාධීන රාජ්‍යයක් ප්‍රකාශයට පත්කලේය. 

                    මුලදී ඉතා සීමිත භූමියකට සීමා වූ ඊශ්‍රායලය පසුකාලීනව පලස්තීන භූමිය ආක්‍රමණය කරමින් ව්‍යාප්ත වූ අතර වර්ථමානය වන විට පලස්තීනය ගාසා තීරයට සහා බටහිර ඉවුරට පමණක් සීම කර ඇත. මෙම ඊශ්‍රායලයෙ ආක්‍රමණය පිටුපස තිබෙන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදී උවමනාවන් ය. මුස්ලිම් රටවල්වලින් වට වූ මැදපෙරදිග ආශ්‍රිතව යුදෙව් රටක් නිර්මාණය කිරීමේ මූලික සැලසුම වන්නේම මැදපෙරදිග බලය තමන්ට උවමනා ලෙස පවත්වාගෙන යාමේ රූකඩ රාජ්‍යයක අවශ්‍යතාවයයි. මැදපෙරදිග තෙල් සම්පත සහා එහි භූ දේශපාලනික වටිනාකම ඇමරිකානු අධිරාජ්‍යවාදයට මගහැර යා නොහැකි තත්වයකී. එබැවින් වර්තමාන ගාසාතීරයේ ප්‍රශ්නයට මූලික වූ හමාස් අන්තවාදය මෙන්ම සියෝන් අන්තවාදය පිටුපසද ආරම්භක සාධකය වශයෙන් ඇමරිකාව සිටින බව පැහැදිලි වේ. ඊශ්‍රායලය හරහා ඇමරිකාව මේ සිදුකරන්නේ බළලුන් ලවා කොස් ඇට බාවන ක්‍රියාවලියකි.

               අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රාග්ධන උවමනාවන් සංතෘප්ත කරන ඊශ්‍රායල් පලස්තීන් යුද්ධයෙන් බැට කන්නේ දෙරටේම අහිංසක දුප්පත් ජනතාවය. ඊශ්‍රායලය බිහි වූ දා පටන් පලස්තීනය මත පැටවූ බලහත්කාරයේ පීඩනය මෙසේ පුපුරා යාම ආකාශ්මික සිද්ධියක් නොවේ. ගාසාතීරයේ ගුවන් සහා නාවුක බලය තමන් සතු කරගනිමින් ඊශ්‍රායලය ගාසාතීරය ලොව විශාලතම එළිමහන් සිරකඳවුර බවට පත්කළ බව නොරහසකි . මේ පුපුරා යන්නේ පලස්තීනුවන්ගේ එයට එරෙහි පීඩනයයි. එහෙත් එකී පීඩනය ඉල්ලක්ක වන්නේ අධිරාජ්‍යවාදයට සහා ප්‍රාග්ධන වියරුවට එරෙහිව නොවීම කණගාටුවට කරණකි. 

                 අන්තවාදය පෝෂණය කරමින් සිය අධිරාජ්‍යවාදී දේශපාලන ඉලක්ක සපුරාලීමට යුද්ධය පෝෂණය කරණ ප්‍රාග්ධන ක්‍රියාවලියට එරෙහිව වැඩකරන ජනතා බලයක් ජාත්‍යන්තර මට්ටමින් ස්ථාපිත කළ යුතුය. ඊශ්‍රායලයේත් පලස්තීනයේත් පීඩිත ජනතාවගේ නිදහස ස්වාධීනත්වය ආරක්ෂා වන්නේ එවැනි සන්ධානයක් මගින් පමණි.

Monday, November 6, 2023

අහස් මාළිගය කඩන් වැටුණ ද?



අහස් මාළිගාව කඩා වැටුණා ද ? 

         2022 / 2023 අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගිය සැප්තැම්බර් මාසේ නිකුත් වුනා. මෙවර විභාගයට පෙනී සිටි සමස්ථ අපේක්ෂකයින් සංඛ්‍යාව 331711ක්. ඒ අතරින් 166938 දෙනෙක් සරසවි අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවා. එහෙත් ප්‍රශ්නෙ තියෙන්නේ ඒ සමස්ථ ප්‍රමාණයටම උසස් අධ්‍යාපන පහසුකම් දෙන්න රාජ්‍ය සරසවි පද්ධතිය සමත්ද ? කියන කාරණය. මෙවර රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සමස්ථ සිසුන් ප්‍රමාණය 44000යි.

                     ඉතින් උසස් පෙළ සමත් වෙලත් උපාධි සිහිනය අහිමි වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? නැත්තං උසස්පෙළ නියමිත ලකුණු ප්‍රමාණය ගන්න බැරුව අසමත් වෙච්ච අපි ඉස්සරහට මොනවද කරන්නෙ ? කියන ප්‍රශ්නයට උත්තර නැතුව දහස්ගාණක් මේ වෙද්දිත් නන්නත්තාර වෙලා. එහෙම අසරණ වෙච්ච සිසුන් බිලී බාගන්න කළුකඩ මුදලාලිලා එහෙන් මාන බලනවා. 

                       ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යයේදී නාමල් ජයසිංහ කියනවා " දරුවෙක්ට පරිස්සමෙන් පය තියලා ඇවිදින් යන්න පුලුවන් පොළොවක් නෙමෙයි දැන් තියෙන්නෙ " කියලා. හෙට ඉපදෙන්න ඉන්න පොඩි එකා පවා ලක්ෂ ගානක් ලෝකෙට ණයයි. 

                       සංඛ්‍යා ලේඛන අනුව 2019 අවුරුද්දේ ලක්ෂ 30ක් වෙච්ච දිළිඳු ජනගහනය 2023 වෙද්දි ලක්ෂ 70 ඉක්මවා ගිහිල්ලා. 2018 අවුරුද්දේ 34% වෙච්ච වතුකරයේ දරිද්‍රතා මට්ටම 2023 වෙද්දි 51%යි . වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 43%කට මන්දපෝෂණය. අධ්‍යාපන අයිතිය දිනෙන් දිනම කප්පාදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩයි . රෝහල්වල බෙහෙත් නෑ. තියෙන බෙහෙත් බොන්න බයයි. ඒවා බිව්වම ලෙඩ්ඩ උන්හිටි තැන මැරිලා වැටෙනවා. මෙහෙම සමාජයක තමයි අපි ජීවත් වෙන්නෙ. 

                           දැන් ගොඩක් අය හිතනවා රට ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳගන්න . හිතලා බලන්න රට ගිහිල්ලා ඩොලර් හොයාගෙන තව අවුරුදු පහ හයකින් ඉන්න වෙන්නෙත් මේ රටේම තමයි . ඒ වෙද්දි මේ අපාය දිව්‍ය ලෝකයක් වෙලා තියෙන්නෙ නෑනෙ . ඉතින් එතකොට ආයෙ රට යනවද ? ඔබට ජීවත් වෙන්න තියෙන අයිතිය ඉගෙනගන්න තියෙන අයිතිය කොල්ලකාපු මේ නරුම සමාජ ක්‍රමය තවදුරටත් නඩත්තු කරනවද ? නැත්තං එකතුවෙලා මේ සමාජය වෙනස් කරනවද කියලා හිතල බලන්න සුදුසම කාලය තමයි දැන් උදාවෙලා තියෙන්නෙ . 

"අපි ආස කරන සමාජය අහසින් පාත් වෙන්නෙ නෑ උත්තරා දේවි. අපි ඒකට උත්සාහ කරන්න ඕනේ. අපිමයි ඒක හදාගන්න ඕනේ."

 ( සහෝදරයා - නාමල් ජයසිංහ )

රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න කලින් Vaathi බලන්න.




රනිල් - විජයදාස වාර්තාවට අත උස්සන්න පෙර VAATHI බලන්න.

" ඉගෙනීම විකුණන්න එපා. ප්‍රසාදම් වගේ හිතේ ලෝභකමක් නැතුව දෙන්න ඕන" (VAATHI )

         පීඩිත පන්තියේ විඥානය සමාජගත කිරීමෙහිලා සිනමාව සිදුකරන ලද කාර්‍යභාරය ඉමහත් ය. එහිලා දකුණු ඉන්දීය සිනමාව පොදුජන අභිලාෂයන් කෙරෙහි වඩ වඩාත් සංවේදී වන බවක් දක්නට ඇත. 

                        Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමාපටය වන VAATHI එකී දකුණු ඉන්දීය සිනමාවේ ජනතාවාදී භාවයට නිදර්ශන සපයයි. සමාජ සංවර්ධනයෙහිලා වඩාත් සංවේදී බලපෑම් කරනු ලබන අධ්‍යාපන ප්‍රශ්නය චිත්‍රපටයට පාදක වී ඇත. ඉන්දියාවේ අති බහුතර ජනතාව අන්ත දුප්පතුන් ය. එදා වේල උපයාගැනීම පවා අවිනිශ්චිත ජීවිතයක් ගත කරන ජනතාවකගේ අධ්‍යාපන සෞඛ්‍යය තත්වය ඊටත් වඩා අවිනිශ්චිත වීම අරුමයක් නොවේ. 

                 VAATHI පසුබිම් කරන්නේ එවැනි සමාජයකී. අධ්‍යාපනය මුදල් උපයන ජාවාරමක් බවට පත්කරගත් කුප්‍රකට ව්‍යාපාරික පැලැන්තියක් විසින් මෙහෙයවන ජනතාවකගේ ඉරණම කවරාකාර වේවිද ? මෙකී පෞද්ගලිකරණ ජාවාරම නිසාවෙන් රාජ්‍ය අධ්‍යාපනයට කනකොකා හඬන අතරම අධ්‍යාපනය ධනවතුන්ගේ වරප්‍රසාදයක් බවට පත් වේ. එහෙයින් සමාජයේ අති බහුතරයකගේ අධ්‍යාපන අයිතිය අහිමි වන බව වාති පෙන්වා දෙයි. 

    " පහළ මධ්‍යම පන්තියේ දෙමව්පියෝ එයාලගෙ දරුවන්ගේ ආසාව ඉෂ්ට කරන්න එයාලගේ ආසාවන් මකලා දානවා. දරුවෝ එකවේලක් බඩගින්නේ නොතියන්න මෙයාලා බඩගින්නේ ඉන්නවා සර්. ( VAATHI ) 

චිත්‍රපටයක් යනු ප්‍රබන්ධයකී. එනමුත් ප්‍රබන්ධය අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනය තුළ ගොඩනැගුනු මනඃකල්පිතයක් නොවේ. පොදු සමාජ යථාර්ථයම චිත්‍රපටය තුළින් ප්‍රතිනිර්මාණය කිරීම ජනතාවාදී සිනමාවේ ලක්ෂණයයි. පහල පන්තියේ ජනතාවගේ ප්‍රශ්නය කෙරෙහි සංවේදී වන තරමටම ප්‍රේක්ෂකාගාරය අවධානය දිනාගැනීමට හැකියාව ලැබේ. 

                          ධනේශ්වර ජාතිය නිර්මාණය වීමේදී නොවිසඳුණු ජාතික ගැටලුව ද ඉන්දීය සමාජයේ බරපතළ ප්‍රශ්නයක් වශයෙන් පවතී. පාලකයන්ගේ දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් නඩත්තු කරන ජාතිවාදී කුලවාදී බෙදීම ඇතැම් අවස්තාවක සමාජ ඝට්ටනයක් දක්වා තීව්‍ර වේ. 

" සර් එයාලා ලගින් අපි වාඩිවෙන්නේ නෑ.

ඒ මොකෝ ?

එයාලා වෙන අය සර්.

වෙන අය කිව්වේ ? 

වෙන කිව්වේ වෙන අය සර්..."  (VAATHI ) 

                       මීට පෙර නිර්මාණය වූ HICHKI සහා SUPER 30 චිත්‍රපටයන්ගේ හෙවනැල්ල VAATHI නිර්මාණය කිරීමේ දී වැදගත් වන්නට ඇත. මෙම චිත්‍රපට තුනේම ආඛ්‍යානයේ යම් සමානතා පෙන්නුම් කරන්නේ එබැවිනි. අධි යථාර්ථවාදය කරපින්නාගත් හරසුන් නිර්මාණයක් වෙනුවට VAATHI එක එල්ලේම පීඩිත ජනතාව මත නිදන්ගත වෙමින් නිර්මාණ කාර්‍යයේ යෙදෙන්නේ සිනමාවේ සැබෑ අභිලාෂයන් මුදුන් පමුණුවමිනි. 

              මෑත යුගයේ ලංකාව තුළ පවා අධ්‍යාපන ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා සමාජයේ නිර්මාණය විය. ඒ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමට අදාළ නීති සම්මත කිරීමේ අරමුණින් සභාගත කළ රනිල් විජේදාස වාර්තාවත් සමගිනි. පෞද්ගලික පාසල් මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලද නීතිගත කිරීමට අදාල ප්‍රතිපාදන මෙම වාර්තාව මගින් සම්පාදනය කර ඇති අතර රාජ්‍ය පාසල් දහස් ගණනක් වසා දැමීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ අනුව පොකුරු පාසල් ක්‍රමයක් යෝජනා කර ඇත. සියල්ල ලාභ සඳහා විකුණන නවලිබරල් වෙළෙඳපොළට ලංකාවේ අධ්‍යාපනය විවෘත කිරීම යනු මරණයට අත වැනීමක් බව අවබෝධ කරගැනීමට VAATHI නරඹන ලෙස අපි ඔබට ආරාධනා කරමු. අධ්‍යාපනය වෙළඳභාණ්ඩකරණය කළ සමාජයක ඉරණම එමගින් ඔබට අවබෝධ වනු ඇත.



රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ...


රතුමල් පිපෙන ඉල්මහේ - සොයුර යළි ඔබ හඬ ඇහේ..

ඔබ මියගොස් නැත! 34 වැනි ඉල්මහ විරු සමරුව නොවැ.13 පැවැත්වෙනවා. වසරින් වසර ඉක්මයද්දී ඉල්මහේ විරුවන් දිවි කුසුම් කැප කළ ශ්‍රේෂ්ඨ අරමුණු වඩ වඩාත් මේ සමාජයට අදාළ වෙනවා. ඒ නිසා මෙවර ඉල්විරු සමරුව කියන්නෙත් අරගලය පිළිබඳ යළිත් වතාවක් අලුත් කතාවක් ගොඩනගන්න සුදුසු ම අවස්ථාවක්. 

ඇමරිකාවෙ, ඉන්දියාවෙ අධිරාජ්‍යවාදී අරමුණු කරපින්නාගත් ජේ.ආර්.ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුව එදා නවලිබරල් වැඩපිළිවෙළ මෙරට තහවුරු කරන්න සමාජය මත විශාල මර්දනයක් මුදාහැරියා. ජාතිවාදී ගැටුම් නිර්මාණය කරා. අධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව ක්‍රම වෙනසක් වෙනුවෙන් අරගල කරපු සහෝදර සහෝදරියන් දහස් ගණනින් මරලා දැම්මා. අද අපි ඉල්මහේ විරුවන් විදිහට සිහි කරන්නෙ එදා එජාපය ප්‍රමුඛ ධනවාදී ගහලයන් විසින් වධකාගාරවල දසවද දීලා මරලා දැම්ම ආදරණීය පරම්පරාවක්. ඔවුන් වීරයෝ වුණේ මරලා දාපු හින්දවත්, වධකාගාරවල වේදනා වින්ඳ හින්දවත් නෙවෙයි. මරණය පෙනී පෙනී ඔවුන් අපේක්ෂාවක් දල්ව⁣ගෙන හිටියා. සමාජවාදී සමාජයක් වෙනුවෙන් අත් නොහරින දිදුළන  අපේක්ෂාවක්! 

මළ මිනී මතින් ගොඩනැගුණු නවලිබරල් වැඩපිළිවෙළ 2009 න් පසු එහි දෙවන ඉණිම ආරම්භ කරා. මෙතෙක් අතගහන්න බැරි වුණු සියලු කේෂ්ත්‍රවලට කෑදර ප්‍රාග්ධනය බලහත්කාරයෙන් කඩාවැදුණා. නමුත් මේ දෙවෙනි ඉණිම ආරම්භ කරන්නෙ ම ලෝක පරිමාණයෙන් නවලිබරල් වැඩපිළිවෙලේ කඩුල්ල දැවී ගිය තත්ත්වයක් තුළ. 2007/2008 වෝල් වීදියෙන් ඇරඹුණු ආර්ථික අවපාතය 2019 අග කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟ බරපතල අර්බුදයක් බවට පත් වුණා. ලොව පුරා මෙතෙක් නොවූ විරූ විශාල ජන අරගල පැනනගින්න වුණා. 2022 අපේ ර⁣ටේ ජනතා නැගිටීම ඇති වෙන්නෙත් මේ සන්දර්භය ඇතුළෙ.  

ඇත්තටම දැන් ධනවාදය ගත කරන්නෙ පණ අදින ⁣පරඬැල් වෙච්චි මොහොතක්. 88/89 වකවානුවටත් වඩා ගතවෙන මේ මොහොත තුළ සමාජවාදී සමාජ පෙරළියක අත්‍යවශ්‍යතාවය දැඩිව දැනෙන්න  පටන් අරන්. ඇමරිකාව, ඉන්දියාව, චීනය ඇතුළු ලෝක බලවතුන්ගෙ යුධ පිටියක් බවට මෙරට පත් වෙමින් තියෙනවා. IMF කොන්දේසි සියලුම ජනතා අයිතීන් බලහත්කාරයෙන් උදුරගන්නවා. බදුබර බඩුමිල දෛනිකව ඉහළ යනවා. ජනතාව ත්‍රස්තවාදීන් කරන පනත් ගෙන ඒම දක්වා ම මර්දනය තීව්‍ර වෙලා. මේ ඔක්කොම සොහොන් ලකුණු.
ජනතාව පීඩනයෙන් පීඩනයට හෙළා ඇති ධනවාදයට අවසන් ගමන් යන්න කාලය හරි. ඒ සඳහා සැබෑ ක්‍රම වෙනසක් - සමාජවාදී සමාජයක් වෙනුවෙන් මහජන බලය සංවිධානය කළ යුතුයි. තප්පරයක්වත් ප්‍රමාද කරන්න බැරි මේ මොහොතෙ අපේ වගකීම ඒක. ඒ සඳහා පෙරගමන්කරුවන් වෙලා පාර පෙන්නපු, පන්නරය දීපු ඉල්මහේ ආදරණීයයන්ට විප්ලවීය ආචාරය පුද කරමු. ඔවුන්ගේ අරමුණු මල්ඵල ගන්වන්න සෑම ඩා බිඳුවක් ම කැප කරමු. 

Saturday, November 4, 2023

අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මිථ්‍යාව

 




අධ්‍යාපන පෞද්ගලිකකරණයේ මිථ්‍යාව 

ගෝලීය වශයෙන්අ ධ්‍යාපන ම ධනවාදය අර්බුදයට ගොස් තිබේ. ලොව පුරා පීඩිත ජනතාව නවලිබරල් කොල්ලයට එරෙහිව අරගල කරමින් සිටී. මේ අතර ලාභ පිපාසිත ධනේශ්වරය මෙතෙක් ප්‍රාග්ධනයට අතපෙවිය නොහැකි වූ නොයිඳුල් කේෂ්ත්‍රයන්  සොය සොයා ලෝක ගෝලය පීරමින් මරු විකල්ලෙන්  අර්බුදයට විසඳුම් සොයනු පෙනෙන්නට තිබේ. එය කොතරම් බරපතල ද යත් තුන්වැනි ලෝක යුද්ධයක මරණීය ආතතිය දිනෙන් දින ලෝක ගෝලය වෙලා ගනිමින් තිබෙයි. අප අධ්‍යාපනය පිළිබඳ මෙම සංවාදය ගොඩනගන්නේ එවන් සන්දර්භයක් තුළ ය. පාලකයින් අධ්‍යාපන අයිතිය වෙළඳභාණ්ඩයක් කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරමින් සිටියි. IMF කොන්දේසි මත පදනම්ව අධ්‍යාපනය වෙළඳභාණ්ඩයක් කරන ව්‍යාපෘති ගණනාවක් මේ මොහොතේත් ක්‍රියාවට නගමින් තිබේ. මේ කතාබහ ඒ පිළිබඳවය. 

අධ්‍යාපනය මූලික අයිතියකි.

අධ්‍යාපනය මූලික අයිතියකි. ඒ බව ධනේශ්වරය ම පිළිගත් ලෝක මානව හිමිකම් සම්මුතිය තුළ ද දක්වා තිබෙයි. අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය, සම අවස්ථා තහවුරු කළ යුතු බව මෙරට ව්‍යවස්ථාව තුළ ද සඳහන් කර ඇත. එහෙයින් අධ්‍යාපනය මූලික අයිතියක් වන බව  ධනේශ්වරයට ද ප්‍රතික්ෂේප කිරීමට නොහැකි සත්‍යයකි. 

අධ්‍යාපනය යනු ජීවත්වීමට ඉගැන්වීමයි. අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ජීවත්වීමට ය. අධ්‍යාපනය බිහිවන්නේ මිනිසා ස්වභාවධර්මය තුළ නොනැසී ජීවත්වීමට සිදු කළ අනවරත අරගලය තුළ ය. එනම් යථාර්ථය පිළිබඳ අවබෝධ කරගැනීමටත් යථාර්ථය ජය ගැනීමටත් සිදු කළ අරගලය තුළ ය. එහෙයින් අධ්‍යාපනය යනු මිනිස් වර්ගයාගේ පැවැත්ම සහ සමාජ සංවර්ධනයේ දිශානතිය තීරණය කරන තීරණාත්මක ම සාධකයයි. අධ්‍යාපනය අයිතියක් වන්නේත් එය වෙළඳභාණ්ඩයක් කොට සිල්ලරට විකණිය නොහැකි වන්නේත් එ⁣බැවිනි. 

අධ්‍යාපනයේ නිදහස කියන්නෙ මොකක්ද?

නිදහස් අධ්‍යාපනය විනාශ නොකරන බවත් අප උත්සාහ කරන්නේ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට වන බවත් ධනේශ්වර පාලකයින් නිතර කියනු ඇසෙයි. අධ්‍යාපනයේ නිදහස යනු විකිණීමේ නිදහස නොවේ. විකිණීමේ නිදහස යනු ප්‍රාග්ධනයට රිසි සේ හැසිරිය හැකි වෙළෙඳ පොල නිදහසයි. අධ්‍යාපන⁣යේ නිදහස ලෙස පාලකයන් අර්ථ දක්වන්නේ කැමති අයට අධ්‍යාපනය මිලදී ගැනීමේ අයිතිය තහවුරු කළ යුතු බවයි. බැලූ බැල්මට එය අහිංසක යෝජනාවක් බව පෙනී ගිය ද යථාර්ථය අහිංසක නැත. නිදහස් අධ්‍යාපනය යට⁣තේ අධ්‍යාපන අවස්ථා හිමිවන්නේ කුසලතා පදනමින් වන අතර මේ යෝජනා කරන්නේ කුසලතා පදනම නොසලකා අතේ ඇති මුදල් ප්‍රමාණය මත අධ්‍යාපන අවස්ථා තීරණය කරන ලෙසයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ගෙන එන්නේ ඒ සඳහා ය. එමගින් අහෝසි වී යන්නේ සම ප්‍රවේශය සහ සම අවස්ථා හිමිවීම යන අධ්‍යාපන මනෝ විද්‍යාවේ මූලික මූලධර්මයි. අධ්‍යාපනයේ නිදහස යනු එවැන්නක් නොවේ. එයින් කියවෙන්නේ කැමති කෙනෙකුට  කැමති දුරකට කැමති විෂය ධාරාවකින් අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියයි. එසේ ම පාලකයන්ට අවශ්‍ය කීකරු වහලුන් බිහි කරන දෘෂ්ටිවාදී කෙමනක් වෙනුවට සැබෑ නිදහස් අධ්‍යාපනයක් ලැබීමට ඇති අයිතියයි. 

ශිෂ්‍යයෝ විදෙස්ගත වෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල නැති නිසා ද?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේ විදෙස්ගත වන සිසුන් හේතුවෙන් වසරකට ඩොලර් බිලියන 03ක් රටට අහිමි වන බවත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් එම මුදල ඉතිරි කරගැනීමට හැකිවනවා මෙන් ම විදෙස් සිසුන් මෙහි ගෙන්වා ඩොලර් ඉපයිය හැකි බවත් ය . මෙරට අපනයන සමාගම් විදෙස් ගිණුම්වල සඟවා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 53 ක් වන බව සාකච්ඡා වූයේ ද එම පාර්ලිමේන්තුව තුළ ම ය. නමුත් එම මුදල් ගෙන්වාගැනීමටවත්, අධි සහ අව ඉන්වොයිසිකරණය හරහා අපනයන ආදායම මෙරටින් සඟවා තබන එවැනි වංචාවන් වළක්වාගැනීමටවත් කිසිඳු වැඩපිළිවෙළක් කිසිඳු අවස්ථාවක පාලකයන් ඉදිරිපත් කරන්නේ නැත. 

අනෙක් කරුණ වන්නේ student visa ලබාගෙන විදෙස්ගත වන සියලු දෙනා සැබැවින් ම විදෙස්ගත වන්නේ අධ්‍යාපනය ලැබීමට නොවීමයි. වඩා පහසුකම් සහිත රටවල (විශේෂයෙන් ම යුරෝපා රටවල) පුරවැසිභාවය හෝ ස්ථීර පදිංචිය ලබාගැනීම හෝ රැකියාවක නිරත වීම බහුතරයකගේ අවශ්‍යතාවයි. එවැනි රටවල රැකියා සඳහා වීසා ලබාදීම සීමා සහිත බැවින් ඒ සඳහා පහසුම මාවත ස්ටුඩන්ට් වීසා ලබාගැනීමයි. 

අනෙක් කරුණ සිය දරුවන්ට විදෙස් රටක සුළං පොදක් හෝ වැදීමට සැලැස්වීම සංස්කෘතියක් වූ සීමිත සමාජ තීරුවක පැවැත්මයි. වියදම් කිරීමේ හැකියාව සහිත ඉහළ මධ්‍යම පාන්තික ජනතාව ලෝකයේ උසස් යැයි සම්මත රටවල විශ්වවිද්‍යාලයක සිය දරුවන් අධ්‍යාපනය ලැබීම ගෞරවයක් සේ සලකයි. පහළ මධ්‍යම පාන්තිකයන් කුමන හෝ විදෙස් රටක සිය දරුවන් අධ්‍යාපනය ලැබීම තම සමාජ තත්ත්වය වර්ධනය කරවන්නක් බව සලකයි. ලංකාව වැනි බංකොලොත් ආර්ථිකයක් සහිත රටක අධ්‍යාපනය ලැබීම ගෞරවයක් ලෙස සලකන විදෙස් සිසුන් නොමැති වුව ද වැඩි පහසුකම් සහිත රටවලට එවැනි ඉරණමක් නැත. 

එහෙයින් මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමෙන් සිසුන් විදෙස්ගත වීම වැළැක්වීමට සිතීම මුග්ධකමකි. පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිකර විදෙස් සිසුන් මෙහි ගෙන්වා ආදායම් ඉපයීමට සිතීම ඊටත් වඩා මුග්ධකමකි. සීමිත පිරිසක් හෝ විදෙස්ගතව අධ්‍යාපනය ලැබීම රටක ආර්ථික වර්ධනයට අවාසියක් නොව අත්‍යවශ්‍ය දෙයකි. එය රටකට නව දැනුම ගලා එන ප්‍රධාන ක්‍රමවේදයක් වන අතර හරිනම් කළ යුත්තේ අධ්‍යාපනය හැදෑරීමට විදෙස්ගතවන සිසුන්ට රජය අනුග්‍රහය ලබාදීමයි. 

ලෝකෙ හැමතැනම තියෙන්නෙ පෞද්ගලික විශ්වවිද්‍යාල. ඇයි අපිට ඒවා ඇලජික් ද? 

ලාභ ලැබීමේ අරමුණින් ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාල කිසිවක් ලොව කීර්තිමත් විශ්වවිද්‍යාල අතර නැත. සංවර්ධිත බව සැලකෙන රටවල පවා අධ්‍යාපනය පවතින්නේ ප්‍රධාන වශයෙන් ම රාජ්‍ය වගකීම යටතේ වන අතර මෙරටට සාපේක්ෂව විශාල ප්‍රතිශතයක් අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් කරයි. රාජ්‍ය විශ්වවිද්‍යාල යටතට නොගැනෙන ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් වැනි කීර්තිමත් විශ්වවිද්‍යාල කිසිවක් පෞද්ගලික විශ්වවිද්‍යාල නොවන අතර ඒවා පුණ්‍යායතන ලෙස ක්‍රියාත්මක වෙයි. 

රජය යටතේ බහුතරයක් විශ්වවිද්‍යාල පැවතිය ද මෙම බොහෝ විදෙස් රටවල නිදහස් අධ්‍යාපනයක් නැති බව සැබෑවකි. නමුත් එය කිසිඳු රටකට සාධනීය  ප්‍රතිඵල අත්කර දී නැත. අධ්‍යාපනයට මුදල් අය කිරීම හේතුවෙන් මෙම බොහෝ විදෙස් රටවල ශිෂ්‍ය ණය මාෆියාවක් බවට පත්ව තිබේ. විශේෂයෙන් ම යුරෝපාකරයේ ශිෂ්‍ය ණය මූල්‍ය අර්බුදයේ ප්‍රධාන පංගුව හිමි කරගෙන තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ ගෙවිය නොහැකි ශිෂ්‍ය ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 1.71 කි. බ්‍රිතාන්‍යයේ එම අගය පවුම් බිලියන 177 කි. ඕස්ට්‍රේලියාවේ ඩොලර් බිලියන 66 කි. මෙම ශිෂ්‍ය ණය අර්බුදය මූල්‍ය අර්බුදයේ සීමාව ඉක්මවා ⁣ගොස් බරපතල සමාජ අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙයින් මෙහි කේන්ද්‍රීය  ප්‍රශ්නය  අධ්‍යාපනය මුදලට ලබාගැනීමට සිදුවීමයි. 

ජාජබ අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියානු සංචාරයට ගොස් මෙල්බර්න්වල ලාංකිකයන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාව පැහැදිලි කරදුන් දිනයේ ම මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩන්කන් මස්කෙල් ශිෂ්‍ය ණය අහෝසි කරන ලෙසත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ලෙසත් බලකරමින් පැවැත්වූ ශිෂ්‍ය අරගලයකට සහය වෙමින් උද්ඝෝෂණයක නිරත විය. ඕස්ට්‍රේලියවෙ, එංගලන්තය, ඇමරිකාන, ප්‍රංශය ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක සිසුන්, ආචාර්යවරුන් මෙලෙස ශිෂ්‍ය ණය ක්‍රමයට, අධ්‍යාපනය විකිණීමට එරෙහිව දැවැන්ත අරගල ක්‍රියාත්මක කරමින් සිටියදී මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමට පාලකයින් පිඹුරුපත් සකසමින් සිටියි.  

ලොව පුරා අධ්‍යාපනය සම්බන්ධව පැතිර යන නවතම රැල්ල නිදහස් අධ්‍යාපනය වන බව මෙරට ළිංමැඬි පාලකයින් දන්නේ නැත. ජර්මනිය 2014 දී ප්‍රාන්ත 16 ක විශ්වවිද්‍යාලවල සියලු මුදල් අය කිරීම් නතර කරන ලදී. නවසීලන්ත අගමැතිනිය සිය රට තුළ නිදහස් අධ්‍යාපනය තහවුරු කරන බව ජනතාව ඉදිරියේ පොරොන්දු ලබාදෙන ලදී. ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණ වේදිකා⁣ තැනෙද්දී නිදහස් අධ්‍යාපනය ගැන පොරොන්දු ප්‍රධාන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරයි. මේ සියල්ල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ලොව පුරා සිදු කරන සිසුජන අරගලයේ බලපෑම්ය. එබැවින් ලෝක යථාර්ථය ඉදිරියේ යල්පැන ගිය පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය මෙරටට හඳන්වාදීම යනු අභ්‍යවකාශයට ගොං කරත්ත යැවීමට උත්සාහ කිරීමකි.

ඉතිං නියාමනය කරාම ඔය ප්‍රශ්න මොකුත් නෑනෙ?

පෞද්ගලික විශ්වවිද්‍යාල රාජ්‍ය නියාමනය යටතේ ආරම්භ කළ හැකි බවත් එවිට නිදහස් අධ්‍යාපනයටවත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවයටවත් ගැටළුවක් නොවන බවත් තවත් ප්‍රසිද්ධ තර්කයකි. නමුත් මහපොළොවේ පෙනෙන යථාර්ථය එය නොවේ. පෞද්ගලිකකරණයට ලක් කළ අනෙක් කිසිඳු කේෂ්ත්‍රයක් නියාමනය කරගත නොහැකිව ති⁣බියදී අධ්‍යාපනය පෞද්ගලිකකරණය කොට නියාමනය කළ හැකි බව පිළිගන්නේ කුමටද? 

2022 ජනතාව සහල් පෝලිංවල සිටියදී විශාල මිල ගණන්වලට සහල් අළෙවි කිරීම සඳහා මෝල් හිමිකරුවන් සහල් තොග සඟවන ලදී. රජය පාලන මිලක් නියම කළ විට මෙම මෝල්හිමියන් මාධ්‍ය හමුවක් පවත්වා රජයේ පාලන මිල  ⁣අහෝසි කරන ලදී. මේ කුමන ආකාරයේ නියාමනයක් ද? බාල ඖෂධ ගෙන්වා මිනී මරන්නේ ඖෂධ නියාමන මණ්ඩලයක් රජය යට⁣තේ තිබෙන පසුබිමක් තුළ ය.  එක ම ඖෂධය විවිධ මිල ගණන්වලට අලෙවි වන්නේ කුමන නියාමනයක් රජය සිදු කරන නිසාද? ඉන්ධන සමාගම තුනක් විසින් මසකට කිහිප වතාවක් ඉන්ධන මිල තරඟයට මෙන් ඉහළ දමන්නේ රාජ්‍ය නියාමනයක් නොමැති නිසාද? නියාමනය කිරීමට තබා පෞද්ගලික සමාගම්වලට රජයෙන් ලබාදුන් ණය ටික අය කරගැනීමටවත් රජය කිසිවිටෙක එඩිතර වන්නේ නැත. එසේ තිබියදී පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ හැකි බව විශ්වාස කිරීමට තරම් අන්ධ භක්තියක් පාලකයන් කෙරෙහි අපට නම් නැත.   

"කිරි දියෙනි දෙවියත් - අඟුරු සුදුවන කලෙක් නම් නැත්" යනුවෙන් පැරැන්නන් පවසා තිබේ. එලෙස ම කුමන සුදු හුණු ගෑවත් පෞද්ගලික විශ්වවිද්‍යාල සසාධාරණීකරණය කළ නොහැක. තුන්වේල කන්නට නැති ජනතාවකට පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන බව කීම හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වීමකි. ගහෙන් වැටුණු මිනිහට ගොනෙකුත් අනින්නට සැලැස්වීමකි. එහෙයින් IMF කොන්දේසි මත අටවන පෞද්ගලික විශ්වවිද්‍යාල උගුලට අප හසුවිය යුතු නැත. පෞද්ගලික විශ්වවිද්‍යාල සංකල්පය ම පරාජය කළ යුත්තකි.

පිටකවරේ - pitakaware

 


පොතට කලින් පිටකවරේ බලලා ජජ් කරන්න එපා!


සංජීව  ලෝන්ලියස්ගෙ 'කන විදලා කොණ්ඩෙ පාට කරපු' සිංදුව මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. කන විදලා, කොන්ඩෙ වවලා පාට කරලා, ටැටුවක් කොටාගෙන ඉන්න, සිංහල බෞද්ධ මහා සංස්කෘතියෙන් අවඥාවට ලක් කෙරුණු තරුණ පරම්පරාව ගැන වපර ඇහින් බලන්න එපා, උන් බොක්ක තියෙන කොල්ලො කියන එක තමයි සිංදුවෙන් කියන්න උත්සාහ කරන්නෙ. 

ඕනෑ ම කලා කෘතියක පවතින සමාජ යථාර්ථය මොන වගේද කියන එක වගේ ම කලාකරුවාගේ දෘෂ්ටිවාදී සීමාවත් සටහන් වෙලා තියෙනවා. මේ සිංදුවෙත් එහෙම තමයි. අපි උත්සාහ කරන්නෙ ඒ ගැන කතාකරන්න. බලන්න මේ පද ටික. 

"පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
මේ පපුවේ ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා"

මෙතන දෙවැනි සිව්වැනි පදවලින් කියන්නෙ ටැටුව දැකලා අපි ගැන චරිත සහතික ලියන්න එන්න එපා. අපි ආදරේ තියෙන මිනිස්සු කියලා. පවතින සිංහල බෞද්ධ වික්ටෝරියානු කවලම් සංස්කෘතිය ඇතුළෙ තරුණයා පීඩාවට ලක්වීම රචකයා ප්‍රශ්න කරනවා. නමුත් ඒ රචකයා ම ඒ පසුගාමී සංස්කෘතිය කරගහගෙන ඉන්න කෙනෙක් කියලා ඊට උඩින් තියෙන පද දෙකෙන් පේන්න තියෙනවා. නිකමට හිතන්න, සීතා රාමාට පෙරළපු පොත මොකක්ද? 
රාමායණයෙදි සීතව රාවණාගෙන් බේරගත්ත රාමා පතිවත රැක්ක ද බලන්න සීතට ගිනි⁣ගොඩකට පනින්න කියනවා. මෙතන සීතයි රාමයි කියන්නෙ රාමායණයේ ඉන්න චරිත නෙවෙයිනෙ. මේ කියන්නෙ වර්තමාන සමාජයේ ගැහැණිය සහ පිරිමියා ගැන. රාමායණය ලියපු වාල්මිකීගෙ පුරුෂෝත්තම බමුණු අදහසේ ම ඉඳගෙන රචකයා කාන්තාව අවඥාවේ ගිනි⁣ගොඩට තල්ලු කරනවා. 

පිටකවරෙ බලලා අපිව ජජ් කරන්න එපා කියන රචකයා ම 'ගෑණු කොහොමත් එහෙමයි' කියලා කාන්තාව ගැන ජජ් කරේ කොහොමද? පිටින් බලලා ජජ් කරන්න හොඳ නැත්තෙ පිරිමි විතර ද?  සංවාදය ඔබට බාරයි. සිංදුවෙන් කියන්න හදන අදහස ම අරගෙන අන්තිමට අපිට මෙහෙම කියන්න පුළුවන්. සිංදුව ගැනත් 'අමු' කියන පිටකවරේ දිහා විතරක් බලලා ජජ් කරන්න එපා.  වචන අස්සෙ දේශපාලනය තියෙනවා. අවධාන⁣යෙන් අහන අයට ඒ දේශපාලනය සේවය කරන්නෙ කාටද කියලා අමුවෙන් ම වටහගන්න පුළුවන්.

Thursday, July 6, 2023

කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!

කැලුම් - දිල්ශාන් සිරගත කර මාස 06 ක් ඉක්මවයි!

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක, කණ්ඩායම් නායක දිල්ශාන් හර්ෂණ සිරගක කර මාස 06 ට අධික කාලයක් ගෙවී ගොස් තිබේ. සිසුන් පවසන්නේ ත්‍රස්ත පනත යටතේ වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම හිමියන් සිරගත කර සිටියදී අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන් කැලණිය විශ්වවිද්‍යාලයට ආ ගිය දින, භාවිතා කළ යතුරු පැදි ආදිය පිළිබඳව ආරක්ෂක අංශවලට ඔත්තු දුන් පිරිසක් හසුවීමත් සමඟ ඔවුන් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. නවකවද පනත යටතේ චෝදනා ගොනු කොට තිබීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණය ඇප ප්‍රතික්ෂේප කළ අතර මෙම සිසුන් අරගලයට සම්බන්ධ වූවන් යැයි කියමින් නීතිපතිවරයා එල්ල කළ දැඩි විරෝධය හේතුවෙන් ගම්පහ මහාධිකරණය විසින්ද ඇප ප්‍රතික්ෂේප කර තිබේ. දැන් නඩුව පවතින්නේ අභියාචනාධිකරණයේ වන අතර නීතීඥ නුවන් බෝපගේ, සාලිය පීරිස් ඇතුළු පිරිසක් නඩුව මෙහෙයවනු ලබයි. මෙහි විශේෂම කාරණය වන්නේ අදාළ සිදුවීම කිසිසේම නවකවද සිදුවීමක් නොවන බවත් සිසුන් දෙපිරිසක් අතර සංවිධානාත්මකව ඇති කළ ගැටුමක් බවත් පවසමින් මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කර තිබීමයි. මෙම සිසු නායකයින් දෙදෙනාට ඇප නියම නොකර ඉතා දීර්ඝ කාලයක් සිරගත කරගෙන සිටින්නේ විශ්වවිද්‍යාලය විසින් නිකුත් කළ අදාළ නිර්දේශය තිබියදීය. කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් වරින් වර පැවැත්වූ උද්ඝෝෂණවලදී කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 35 දෙනෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව මහර උසාවියේ නඩු ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතියි. මැයි මස 18 දින ⁣කැලුම් - දිල්ශාන් නිදහස් කරන ලෙස බල කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරමින් වසන්ත මුදලිගේ ඇතුළු සිසුන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිරිබත්ගොඩ පොලීසියේ රඳවාගෙන සිටියදී පෑලියගොඩ පොලිස් ප්‍රධානියෙකු වන මහින්ද විලෝලාරච්චි එම සිසුන් අමතා කළ ප්‍රකාශයකින් මෙම සටහන අවසන් කරමු. 

"සාමාන්‍යයෙන් මිනියක් මරපු එකෙක්ටත් දවස් 90 කට පස්සෙ ඇප දෙනවා. මෙච්චර දවසක් මුන් දෙන්නට ඇප දෙන්නැත්තෙ ඇයි කියල උඹල හිතල තේරුම්ගනිල්ලා"

Sunday, February 13, 2022

ආණ්ඩුව මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ


කම්කරුවෝ, ශිෂ්‍යයෝ, ගොවියෝ පීඩාවට පත්කරන අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ 09 වනදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අධිභාර බදු පනත හරහා අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම වැටුප් අරමුදල් මංකොල්ල කෑම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත හරහා ගොවි ඉඩම් මංකොල්ලයට පාර සැකසීම, මහපොල භාරකාර අරමුදල් සංශෝධන පනත හරහා එම අරමුදල දේශපාලන රූකඩයක් කිරීම සිදුවන බවයි.

පුබුදු ජයගොඩ පලකරන ලද අදහස්වල සංක්ෂිප්ත සටහනක් පහත දැක්වේ.

“2022 පෙබරවාරි 03වනදා දිනැතිව අධිබාර බදු පනත නමින් පසුගිය අයවැයේදී සඳහන් කළ විශාල සමාගම්වලින් බදු අයකරගැනීමට අදාළ මූලික නීතියත් එක්ක සම්බන්ධව මේ පනත ඉදිරිපත් කර තිබෙනවා. රුපියල් බිලියන 2ට වඩා ආදායම් උපයන සමාගම්වල ලාභයෙන් සියයට 25ක් බද්දක් ලෙස ජීවිතයේ ගෙවිය යුතු බද්දක් ලෙස අයකරනවා කියලා තමයි කිව්වේ. ඒත් මේ වනතුරු අදාළ සමාගම් මොනවාද කියන එක සඳහන් කරලා නැහැ. 2015සිට 2020 දක්වා අතර ගෙවුණු අවුරුදු 06 ඇතුලේ පමණක් රු කෝටි 50000ක වටිනාකමකින් යුතු බදු මුදලක් සමාගම් විසින් ගෙවීම් පැහැර හැරලා තියෙනවා. ඒ එකක් වත් අයකරන්නේ නැතුව තව බද්දක් ගහලා මේ සමාගම්වලින් බදු අයකරගැනීමේ ඉඩ අඩුයි කියලා තමයි අපට හිතෙන්නේ. මේ පනත් කෙටුම්පතේ දෙවන වගන්තියේ තියෙනවා 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධි විධාන ප්‍රකාරව ගණනය කිරීම් කරනු ලබනවා කියලා. මෙහි සඳහන් කරන දේශීය ආදායම් පනත ගත්තහම සමාගම් කියන අර්ථ කතනයට සේවක අර්ථ සාධක අරමුදල, සේවක බාරකාර අරමුදල, විශ්‍රාමික පාරිතෝෂික අරමුදල සහ අනෙකුත් සියලු විශ්‍රාම අරමුදල් ඇතුලත් කර තියෙනවා.ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල්වලින් මේ සියයට 25 බද්ද අයකරන්න යනවා. කලින් යහපාලන ආණ්ඩුව මේ අරමුදල් සිදුකරන ආයෝජන මත ලැබෙන පොලී මුදලට අයකරන බද්ද 10% සිට 14% දක්වා වැඩිකර තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ල 25%ක අධිබාර බද්දක් පනවන්න යනවා සේවක අර්ථසාධක අරමුදල මත. බැසිල් රාජපක්ෂගේ අදහසක් අනුව මැතිවරණ අල්ලස් ලබාදීමට ක්‍රියාත්මක වැඩ ලක්ෂයේ ව්‍යාපෘතියට සල්ලි හොයාගන්න හදන්නේ පෞද්ගලික අංශයේ කම්කරුවෝ ඉතුරු කරපු මුදලින්. ධන කුවේරයෝ මත පනවනවා කිව්ව අධිබාර බද්ද අන්තිමට පනවලා තියෙන්නෙ පෞද්ගලික අංශයේ කම්කරුවා මත.

ඒ වගේම දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත කියලා පනත් කෙටුම්පතාක්. මේ කෙටුම්පතට ඉඩම්වලට අදාළ හොඳ කරුණු ගණනාවක් දාලා ඒක අස්සට ලංකාවේ ගොවියාගේ ඉඩම් අහිමි කිරීමේ ප්‍රධාන සැලැස්ම මේක අස්සට ඔබ්බලා තියෙනවා. තමන්ටම කියලා සින්නකර ඉඩම් තියෙන ගොවීන් ඉතාම අඩුයි. ගොඩක් ගොවීන් රජයේ ඉඩම්වල වගා කරන්නෙ. සමහර ගොවීන්ට මේ ඉඩම් ජය භූමි, ස්වර්ණ භූමි නමින් ඔප්පු සහ බලපත්‍ ලබාදී තියෙනවා. ඒ ඉඩම් ගොවීන් පරිහරණය කරාට විකුණන්න බැහැ. ඉඩම් ආඥා පනතේ ඒ බව නිශ්චිතව සඳහන් කර තියෙනවා. දැන් මේ ඉඩම් සංවර්ධන සංශෝධන පනතේ 4වැනි වගන්තියේ හැටියට කියනවා ඉඩම් අන්සතු කළ නොහැකියි කියන වගන්තිය වෙනස් කරලා අවශ්‍ය නම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට ඉඩම උගස් කිරීමේ හැකියාව ලැබෙනවා කියලා. ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් වෙළඳ භාණ්ඩ බවට පත්කර ඒවා වෙළඳපොළට මුදා හැරලා ඒවා විකුණන්න සලස්වලා ගොවියාට ඉඩම අහිමිකරලා ඒ ඉඩම ඒකාධිකාර සමාගම් සතුකරගන්න සැලසුම් ප්‍රමාණයක් පහුගිය කාලෙ පුරා අවා. ආසන්න උදාහරණ MCC ගිවිසුම ,ඉඩම් බැංකු පනත සහ ඉඩම් විශේෂ විධි විධාන පනත සඳහන් කරන්න පුළුවන්. මේවට විරුද්ධ වෙච්ච පොදුජන පෙරමුණේ කට්ටිය බලයට ආපු ගමන් ඉඩම් සංවර්ධන පනත ගෙනත්.

ඒවගේම ඊයේ පාර්ලිමේන්තුවේදී මහපොළ ශිෂ්‍යත්ව බාර අරමුදල සංශෝධන පනත සම්මත කරා. ඒකෙ මූලික වෙනස්කම් කිහිපයක් කරා. එකෙ එක වෙනසක් තමයි නමට ලලිත් ඇතුළත්මුදලි කියන නම ඇතුළත් කරා. දැනට මේකෙ රු බිලියන 12ක් වත්කමක් තියෙනවා. අර්ථසාධක අරමුදල මංකොල්ල කනවා වගේ මහපොළ අරමුදලත් මංකොල්ල කන්නද හදන්නේ කියන සැකය එනවා. මෙච්චරකල් මහපොළ භාරකාර අරමුදලේ සභාපතිවරයා ලෙස හිටියේ අගවිනිසුරුවරයා. ඔහු නිල බලයෙන් පත්වුණේ. දැන් මේ නව පනත හරහා එය නවත්වලා. නව පනතේ හැටියට විශ්‍රාමික විනිසුරුවරයෙක් ජනාධිපතිවරයා විසින් තෝරා පත්කරනවා කියලා සඳහන් වෙනවා. ජනාධිපතිවරයා විසින් පත්කරන කෙනෙක් සභාපති වීමෙන් මේ අරමුදලේ ස්වාධීනත්වය නැතිවෙලා ඒකට දේශපාලන අතපෙවීම් සිදුවීමට නියමිතයි. ශිෂ්‍යාධාර වැඩිකරන්න කියලා ශිෂ්‍යයෝ කියද්දී ශිෂ්‍යාධාර වැඩි කරන්නෙ නැහැ. මහපොළ බාරකාර අරමුදලේ මුදල් යොදවලා පෞද්ගලික විශ්ව විද්‍යාල හදනවා. උදාහරණ මාලඹේ SLITT එක. දැන් ඒ අර්බුද මද මහපොළ අරමුදලත් මංකොල්ල කන්න හදන්නේ. “