Tuesday, July 7, 2020

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලියවුන පොත්-පත් හොංකොං පුස්තකාල වලින් ඉවතට.


හොංකොං බලධාරීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරුණු ඇතුලත් සියලු පොත්පත් එරට පුස්තකාල වලින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ චීනය විසින් පසුගිය දිනයෙහි හොංකොං රාජ්‍යට තම ආධිපත්‍ය යෙදවීමත් සමගය. එයට හේතුව ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිදු වන උද්ගෝෂණ පාලනය කිරීමටය.එසේම කැරලි ගැසීම්,උද්ගෝෂණ,විදේශ රාජ්‍යන් සමග කටයුතු කිරීම එරට වැසියන්ට තහනම් කර ඇත.
චීනය විසින් පැනවූ නීතිය මගින් මෙලෙස කටයුතු කරන්නන්හට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ක්‍රියාත්මක කිරීමට හැකියාවද ඇත.
කෙසේ නමුත් දිනෙන් දින තම අයිතිවාසිකම් ඉල්ලා ජනතාව පාරට බසිනු පෙනේ.

0 comments:

Post a Comment