skip to main
|
skip to sidebar
Pages
Home
කතුවැකිය
දේශපාලන සටහන
විශේෂාංග ලිපි
පාඨක ලිපි
සංවාද
අප ගැන
අප අමතන්න
Monday, November 13, 2023
ඔබ මියගොස් නැත! කළුතරදී පැවැත්වූ පෙ.ස.ප. ඉල්මහ විරු සමරුව.
ඔබ මියගොස් නැත! කළුතරදී පැවැත්වූ පෙ.ස.ප. ඉල්මහ විරු සමරුව.
87/89 සමයේ නවලිබරල්වාදී නරුම ධනේෂ්වරයට එරෙහිව සමාජවාදී සමාජයක් වෙනුවෙන් වූ අරගලයේදී දිවි පිදූ සහෝදරයන්, සහෝදරියන් සිහිකරමින් සිදුකෙරෙන ඉල්මහ විරු සමරුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කළුතර නගර ශාලාවේදී පවත්වන ලදී. මෙවර පැවැත්වූයේ 34 වැනි ඉල්මහ විරු සමරුවයි.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Search This Blog
විශේෂාංග ලිපි
ජනතාව උගුලක සිරකළ ආර්ථිකයේ වියවුළ
දේශපාලන සටහන ශී‍්‍ර ලංකාව වර්තමානයේ දී මුහුණදී සිටින ආර්ථික අර්බුධය රටෙහි මහජනතාව, රාජ්‍ය නිලධාරීන්, ව්ය...
වීදී සිත්තරාවරුනි නව ලොවකට පින්සල් තුඩ තබමුද?
වීදී සිත්තරාවරුනි නව ලොවකට පින්සල් තුඩ තබමුද? මේ වන විට චිත්‍ර කලාව සම්බන්දයෙන් ජනප්‍රිය සංවාදයක් රටේ ඇති වී තිබෙන තත්වයක් දැකිය හැකිය....
"පත්තු කරපං රත්නෙ" හෙට පේරාදෙණියේ දී..
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු වන තරිදු හර්ෂණ අමරසිංහගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන " පත්තු කරපං රත්නෙ " සන්ථව ප්‍රකාශ...
ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ අඩු කරන්න නියෝග දෙයි
කොවිඩ් 19 පරීක්ෂණ අඩුකරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට සෞඛ්‍ය අංශවලට උපදෙස් දී තිබේ. කොරෝනා වෛරසය ආසාධිත වූවාද යන්න සොයා ග...
මහපොළ ශිෂ්‍යාදාර වාරික ඉහළ දමනු. ගලහ මන්සන්දියේ විරෝධතාවක්
විශ්වවිද්‍යාල සිසුන් සදහා ලබාදෙන මහපොල සහ ශිෂ්‍යාදාර වාරිකය රු. 10 000 දක්වා ඉහල දමන ලෙසත් 80% නීතියට මුවාවී මහපොල කප්පාදු කිරීමේ වැඩපිළිව...
මේ ජාතිවාදී ගින්නට රාජපක්ෂ ආන්ඩුවත් රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් වගකිව යුතුයි - දුමින්ද නාගමුව
Powered by
Blogger
.
වැලිවේරිය,
රූකාන්ත, චන්ද්‍රලේඛා සහ
තවත් කතා
මාධ්‍ය තුළ තිබූ සිරස්තලයක් - ‘‘වැලිවේරිය පුදුමාතලන් වූ හැටි!’’ මෙය ජීවිත කාලයක් තුළ අප අත්විඳින්නට බලාපොරොත්තු නොවූවකි. අප බලාපොරොත්තු වූයේ අපේ ඇස් පියවෙන්නට පෙර ‘‘ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතරට එක් වේ’’, ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුව ද ඉක්මවයි’’, ‘‘සියලූ ජාතීන් එක්ව කටයුතු කරන සුන්දර රටක්’’ වැනි සිරස්තලය. නමුත් වාසනාව මෙන්ම අවාසනාව ද රජකරන කල්පයකට අප ඇතුලත්ව තිබේ. අපි වරක් සුනාමියෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු, එයින් යමක් සිදුනොවූ තැන අප 2009 යුධ ජයග්රහණයෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු. නමුත් ඒ සියල්ල විසිරී බොඳව යන බව පෙනෙන්නට ඇත. රූකාන්ත, චන්ද්‍රලේඛා සහ වැලිවේරිය සම්බන්ධ වන්නේ කෙසේද? රූකාන්ත සහ චන්ද්‍රලේඛාට නීතිමය බැඳිමකින් සම්බන්ධයක් ඇතත් පෙනෙන ආකාරයට වැලිවේරියට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය ඔවුන් ජීවත්වන රටේ එක්තරා ප්‍රදේශයක් වීම හෝ ඇතැම් විට වැලිවේරියේ ප්‍රසංගවලට ඔවුන් සහභාගීවීම විය හැක. නමුත් ගැඹුරින් සිතා බැලූ කල්හි, එතනට එහා ගිය යමක් දක්නට පුළුවන්ය. වැලිවේරියේ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාස උද්ඝෝෂණ කළ අතර හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීම සිදුකරන විට එය ගැටුමක් දක්වා දුර දිග ගිය අතර හමුදාවෙන් පොලූ හා වෙඩි පහරවල් ද ජනතාවගෙන් ගල් මුල් බෝතල් පහරවල් ද එල්ල වෙද්දී එයට මැදිහත්වූ ජනතාව මාධ්‍යවේදීන් මෙන්ම හමුදාවේදී අය ද තුවාල වන්නට ඇත. හමුදාව ප්‍රශ්නයට මැදිහත් වූයේ තනියම හිතා නොවන බව පොඩි එවුන් පවා දනී. නමුත් හමුදාව එසේ පැමිණ සිවිල් ගැටළුවක් ගැටුමක් දක්වා දුර දිග යවා අවසානයේ එයට මැදිහත්වුණු පාසල් දරුවන් මිය යාමට තුවක්කු හැරවීම ඛේදවාචකයකි. ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය ඇත. ඔවුන් මහජන සාමයට බාධා කරනවානම් එයට කටයුතු කල යුතු විදියක් ඇත. කෙසේ හෝ හමුදාව මහජනයා දෙසට තුවක්කුව හැරවූයේ ඉහළින් ලැබුණු අණින්ය. රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම සිදුවීමට සම්බන්ධවන්නේ මෙසේය. පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ එජාපයට වැඩ කල රූකාන්ත යුවළට හිරිහැර කිරීමට අදාළව ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන්ට දඬුවම් ලැබුණේ ගිය සතියේය. එදා ඔවුන් රූකාන්තලාට අඩම්තේට්ටම් කරන්නට ඇත්තේත් තනියම හිතලා නොව ඉහළින් ලැබුණ අණටය. නමුත් අද ඉහළින් අණදුන් ඇත්තන් තනතුරුවල හෝ ලංකාවේ නැති වෙන්නට පුළුවන්ය. එම නිසා අවසානයේ දඬුවම ලැබුණේ අණ පිළිපැද නිල ලත් චණ්ඩි වන්නට ගිය ආරක්ෂක අංශයේ සෙබළුන්ය. වැලිවේරිය හා රූකාන්තලා දැඩි ලෙස සම්බන්ධ වන්නේ මෙතනදීය. එසේනම් අද අවි අතට ගෙන සිවිල් ගැටළුවල දී නිල ලත් චණ්ඞීන් ලෙස හැසිරෙන ආරක්ෂක හමුදාව දත යුත්තේ, දඬුවම් විඳින්නට සිදුවන්නේ අණ ක්‍රියාත්මක කළවුන්ට මිස අණ දෙන්නවුන්ට නොවන වගය. එබැවින් ඉහළ අණ ඉක්මවා කටයුතු කිරීමේදී වර්තමානයේ ලැබී ඇති උදාහරණ සිතා බලා කටයුතු කිරීම වඩාත් වටී. එසේම වැලිවේරියේ දී පොලූ පහරවල් වදිනවිට මිනිස්සු දෑත් ඉහළට ඔසවා කල ප්‍රකාශ කීපයක් අප පහතින් ඉදිරිපත් කරමු. ‘‘අනේ පුතේ... උඹලා ඇයි අපිට ගහන්නේ.. මේ අත් වලින් තමයි උඹලා කොටියගෙන් බේරන්න කියලා බෝධි පූජා තිබ්බේ පොල් ගැහුවේ.. ’’ ‘‘අනේ මල්ලියේ... තව ගහපල්ලා උඹලා අපිට... මේ මගේ ලේ යකෝ... මේ ලේම තමයි උඹලා වෙනුවෙන් මම විසි සැරයක් දන් දුන්නේ.. තව ගහපන් ලේ යන්න’’ ‘‘උඹලා අපිට වෙඩි තියලා මදි යකෝ... කොටියා වෙඩි තියලා මලා නම් අපිට දුකක් නෑ යකෝ.. ඒත් අපිට වෙඩි තියන්නේ අපේම එවුන්...’’ ‘‘අපි රටක් රාජ්ජයක් ඉල්ලූවේ නෑ යක්කුනේ... අපි ඉල්ලූවේ වතුර... වතුර විතරයි... ඒ නොමැරී ඉන්න...’’ ලේ වැගිරී ඇත. එය ඛේදවාචකයකි. ඉතිරි කොටස බාර ජනතාවට ය.
www.boondi.lk
වෙබ් පිටුව ඇසුරෙන්
Pageviews
0 comments:
Post a Comment