වීදී සිත්තරාවරුනි නව ලොවකට පින්සල් තුඩ තබමුද?
මේ වන විට චිත්‍ර කලාව සම්බන්දයෙන් ජනප්‍රිය සංවාදයක් රටේ ඇති වී තිබෙන තත්වයක් දැකිය හැකිය.ලංකාවේ සෑම තැනකම විදිවල විවිද වූ සිතුවම් නිර්මාණයට මෙරට තාරුණ්‍ය ප්‍රවිශ්ට වී ඇති ආකාරය හදුනා ගත හැකිය.එයට සමාජයේ මිනිසුන්ගේ පොදු එකගතාවයක් ද ලැබී ඇති ආකාරය දක්නට ලැබේ.මෙරට තරුණයා විරැකියාවෙන් ,අනාගතය ගැන ඇති කලකිරීම් ,මානසික පීඩනයන් කැටි වූ අවරසික ජීවිත කොටස් තුළින් වීදි සිතුවම් කරණයට ඇතුල් වූ තරුණ කොටස් සෑම ප්‍රදේශයකින්ම වාර්තා වුණි .මෙය අතිශයෙන්ම මෙරට ඉතිහාසයේ සුවිශේෂී වූ කේන්ද්‍රයක් ලෙස හදුනා ගත හැකිය.
පාසල් කාලය නිම වීමත සමග රැකියාවකට යාමට හෝ තම පෞද්ගලික හීන මාළිගා තනා ගැනීමට හිතු හිතු අත දුවන්නට බල කරමින් ,ආර්ථික පීඩනයන් ඇතුළු වූ වත්මන් සමාජ ,ආර්ථික ,දේශපාලනික වියුහයන් තුළ තම ශ්‍රමය මුළුමහත් ජනයාට කලාවෙන් මුසපත් කරලීමට සාමුහික ශ්‍රමයේ ඇති සමාජ සංවර්දනය මානුෂික තලයන් වල ඇති ප්‍රබලතාවය සිතියම් ගත කිරීමට වීදිවල සිතුවම් කලාව මේ මොහොතේ දක්නට ලැබෙයි.ඒ අතර මෙරට තරුණ,මහලු ,බාල සියලු දෙනාගේ ම තම කලාත්මක භාවය ප්‍රකට කරන ව්‍යූහයක් ලෙසද මෙය හදුනා ගත හැකිය.මිනිසෙකු යනු කා බී ,කුමක් හෝ වැඩක් කරමින් රාත්‍රියට නිදා ගන්නා ඒකාකාරී යාන්ත්‍රික වස්තූන් නොවන බවටද මෙය ප්‍රබල නිදර්ශනයක් ලෙස දැක්විය හැකිය.
එම සාමුහික ශ්‍රමයන් වල වටිනාකම විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ලෙස අප කිසිදු විටක අපතේ යන නොවැදගත් දෙයක් යැයි නොපවසන අතර කේවල වශයෙන් තනිව චාලක ශක්තීන් යොදවමින් නිෂ්පාදනය කෙරුණු සරල ආයුධයන් වල සිට මහා පරිමාණයෙන් ගොඩනැගුණු එම කාර්මිකරණ ,ජයග්‍රහණ ,විද්‍යාවේ ජයග්‍රහණ වල යට සැගවී ඇති එහි ලෝකයම වසන් කරන සාමුහික ශ්‍රමයක් ඇති සමාජ සංවර්දන පදනම ගැන සලක බැලිමේදී මෙවැනි සිතුවම් කරණයන් අප කෙසේ මුළු ගන්වන්නක්ද
රජවරුන්ගේ සිතුවම් ,හමුදා සෙබළුන්ගේ සිතුවම් හා මෙරට සංකෘතික අංශයේ නිර්මාණයන් වීදී පුරා සිතුවම් කර තිබූ අයුරු අපට දැකගන්නට ලැබුණි.එම සිතුවම් වල ඇති කලාත්මක නිශද භාවය සහ පවතින ,පෙනෙන තත්වයන් ඒ ආකාරයෙන් ප්‍රතිනිර්මාණයට ඇති තරුණයන්ගේ ඇති හැකියාව විස්මිත කරවන සුළුය.ඒ හා සහසමිබන්දව බලන කල වීදි චිත්‍ර කලාවෙි ගෝලීය වපසරියන් වල සුවිශේෂී සලකුණක් ලෙස බැන්ස්කි චිත්‍ර කලා සංකෘතිය අපට කිසිම විටක මඟ හැර යා නොහැක.සුප්‍රසිද්ධ ස්ථානවල ලද සෑම ඉඩක්ම ඔහුගේ සිතුවමි වලට ප්‍රමාණමත් විය.මෙසේ වීදි ,තාප්ප ,බිත්ති තුළ සිතුවමි කිරීම චිත්‍ර කලාව තුළ හදුන්වනු ලබන්නේ ග්‍රැපික් ලෙසිනි.බැන්ස්කි තම සිතුවමි කලාව සදහා ග්‍රැපික් නිර්මාණ කරනයේ නියලීම පහසු කටයුත්තක් නොවන්නේ මහා සමිප්‍රදාය උල්ලංඝනය කරමින් ඒවායේ පූර්ව නිශ්චිත තත්වයන් ගණනකට නොගනිමින් කලාව වීදියට රැගෙන ඒමෙිදී මහා සමිප්‍රදායෙන් එල්ල වන චෝදනා අතිමහත් මෙන්ම එය අභියෝගාත්මක කටයුත්තක් වන හෙයිනි.ඔහු සිතුවමි කරණයට තෝරාගනු ලැබුවෙි බොහෝමයක් යුධ වීරෝධී සිතුවමි ය.ප්‍රචණ්ඩත්වයට එරෙහි වය.හුදෙක්ම මිනිසාගේ මානුෂීය බැමිමක් ඇතිකරලීමට වස් ඉතාමත් සංකීර්ණ ඒකීය රටාවකට කාර්ය බහුල කරව මිනිසාට මහ මඟ සිතුවම තම එදිනෙදා ජීවිතයේ ඇති ගැටලුවක් සමඟ එකට ඒකග්‍රාහී කිරීමට උත්සාහ දැරීය .ඔහු කිසිදු විටක තමා කවුරැන් දැයි අන්‍යන්නතාවය හෙළිකරන්නට ගොස් නැත.
බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් නගරය මූලික කරගනිමින් මුල්කාලීනව නිර්මාණය වූ චිත්‍ර සමස්ථ ලෝකය පුරාම ව්‍යාප්ත වන්නට විය.එය පලස්තීන යුධ ගැටුම් මතින් මිනිසුන් දහස් ගණනක් මරා දමන බිහිසුණු ස්ථාන මහපාර වල් වල තාප්ප වල යුධ විරෝධී සිතුවමි දක්නට ලැබෙයි.
යමෙකුට සිතෙන්නට ඇති අදහසක් ලෙස එසේ නමි මෙරට වීදි වල චිත්‍ර ඇඳි තරැණයන්ද බැන්ස්කි වන්න කියායි.මෙි ලංකාවෙි ගත කරන පවතින දේශපාලන තන්ත්‍රය හුඳු ධනේෂ්ව යාන්ත්‍රනයේ වත්මන් දිගුවෙි ප්‍රතිඵලයක් විනා අන් කිසිවක් නොව එහිදී ආදරණීය තරැණයන් ,ශිෂ්‍යයන් සැවොමටම බැන්ස්කිගේ චිත්‍ර කලාවෙි දේශපාලන හරයත් හුදු පවතින දේශපාලන ප්‍රපංචයන් වල ජාතිවාදී මරඋගුල් සියුමිව පිරි මදිමින් ජනප්‍රිය කරවීමක් නොවන බව වටහා ගැනීමට අප උක්සහ කල යුතුය දහස් ගණනින් මෙරට භූමියට යට කර තරැණ තරැණියන්ගේ ජීව්ත වල තිබුනු ඛෙදවාචකයන් හුදු අපට නැගෙන රැවන් රැල්ලක් නොව එය බියකුරැ වෙිදනාව පිරැණු විලාපයක් බව අප තේරැමි ගත යුතුය.
කලාත්මක වීදි සිතුවමි රැල්ලේ ඇති සාමුහික ස්වෙිඡ්චා ශ්‍රමයේ ඇති විස්මය ජනක කලාත්මක නිශ්පාදනයන් උතුර,දකුණ,බටහිර,නැගෙනහිර විසරණයේ පොදු හරයයි.එය මිනිසා ඇතුළු පෘථිවි වාසීන් සියලු ජීවින් ඇඳ ගෙන යන මිල්ලේචිඡ විනාශයේ ගමනේ එක් එක් ජාතිකත්ව හා අධිකාරිවාදී ස්වරෑපයන් මතින් එන ලාභය කේන්ද්‍ර කරගත් යාන්ත්‍රනයට එරෙහි ව හෙට දවසේ මිනිසුනගේ මිනිස් සබඳතා වලින් මෙි ලෝකය සුවඳවත් කරන සමාජයමය වටිනාකමි සහිත මත රැදුනු සාධාරණ නව ලොවකට වීදි කලාව යොදවමු යැයි අප මෙරට තරැණ තරැණියන් ඇතුළුව සියලු දෙනාටම ආරාධනය කරන්නෙමු.පෙනෙන දැනෙන සීමාව යට්න් ඛෙදවාචකයන් පිරැණු විනාශයකට ලංව ඇති මොහොතක දශයමකින් හෝ මෙි මහා ගල් ශිඛරය සුණු විසුණු කරන්නට අප සැවොම සංවිධානය වෙමු.
Tuesday, December 10, 2019
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment