සම්ප්‍රදායට එරෙහිව කැරුල්ලක් ගැසු ගරිල්ලා සිත්තරෙක් බැන්ක්සි
චිත්‍ර කලාව තුළ මේ වන විට තරුවක් බවට පත් වී සිටින බැන්ස්කි ප්‍රදාන දහරාවේ චිත්‍ර කලා සංස්කෘතිය දෙදුරුම් කවන්නට සමත් වී ඇත.බැන්ස්කි සුවිශේෂි වන්නෙ සිතුවම් කලාව තුළ පැවැති ඔහුගේ සුවිශේෂිත්වය පමණක් නිසාම නොව කලා කරුවෙකු ලෙස ඔහු පෙන්වා දුන් ඔහුගේ භාවිතයත් නිසාවෙනි.
ඔහුගේ කලා මධ්‍ය චිත්‍ර කලාව බවට පත් වුවත් ඒ සිතුවම් නිර්මාණය වූයේ සුපුරුදු කැන්වස් හෝ කඩදාසි කොළමත නම් නොවේ ප්‍රසිද්ධ ස්ථානවල ල`ද සැම ඉඩක්ම ඔහුගේ සිතුවම් වලට ප්‍රමාණවත් විය.මෙසේ වීදි, තාප්ප,බිත්ති තුළ සිතුවම කිරිම චිත්‍ර කලාව තුළ හදුන්වනු ලබන්ානේ ග්රැෆිට් ලෙසිනි බැන්ස්කි තම සිතුවම් කලාව සදහා ග්රැෆිට් සම්ප්රදාය තොරා ගනු ලැබුවේ ද සුවිශේෂි හේතුවක් වුයේ ධනේෂ්වර සමජ ක්‍රමය තුළ මිනිසා කාර්්‍යය බහුල බවට පත් කර ඇති නිසා මිනිසුන්ට කලාව රස විදිමට නොහැකි වීම නිසාවෙන් මිනිසුන් අසලට කළාව ගෙන යාමටය.
ග්රැෆිට් නිර්මාණ කරනයේ නියැලිම පහසු කටයුත්තක් නොවන්නේ මහා සම්ප්රදාය උල්ලංඝන කරමින්, ඒවයේ පුර්ව නිශ්චිත තත්ත්වයන් ගණනකට නොගනිමින් කලාව විදියට රුගෙන ඒමේ දි මහා සම්ප්‍රදායෙන් එල්ලවන චෝදනා අතිමහත්ය සේම එය අභියෝගාත්මක කටයුත්තකි. ඔහු සිතුවම් කලාව සදහා තේමාවන් බවට පත් කර ගනු ලැබුවේ ද ක්‍රම විරෝදි තේමාවන්ය.ඒ බොහෝමයක් සිතුවම් යුධ විරෝධීය, ප්‍රචණ්ඩත්වයට එරේහිය,නුතන තාක්ෂණය විසින් වෙළ`දපොල අත්පත් කර ගැනීම වැනි ධනේෂ්වර අගතින්ට එරෙහිව තම හැකියාව භාවිත කරන ලදි.
බැන්ස්කි කෙතරම් ජනප්‍රිය සිත්තරෙක් බවට පත් වුවත් ඔහුගේ පැවැති සුවිශේෂිත්වය නම් ඔහු කිසිදු විටක තම අනන්‍යයතාවය හෙලි කර නොතිබිමයි.බැන්ස්කි සැම විටකම විශ්වාස කරනු ලැබුවේ තම නිර්මාණය තුළින් සමාජයට ලබා දෙන පනිවිඩය අදහස මිස තමා කවුද යන්න දැන ගැනීම එතරම් වැදගත් නොවන බවයි.රටවල් විශාල ප්‍රමාණයක මේ වන විය ප්‍රදර්ශන පවත්වා ඇතත් බැන්ස්කි කරුන්ද යන්න අභිරහසක්ව පවතින්නේ බැන්ස්කි විසින් දරනු ලබන මෙම අදහස නිසාවෙනි.
එංගලන්තයේ බ්්රස්ටල් නගරය මුලික කර ගනිමින් මුල් කාලීනව නිර්මාණ කරනයේ යෙදුනු ඔහු පසු කාලීනව ලෝකය පුරා ව්‍යාප්ත විම හරහා ඔහුගේ නිර්මාණ පවතින ක්‍රමය අභියෝගයට ලක් වන්නට ඔහුට පැමිනි බලපැම් වැඩි වන්නට විය.දේශපාලකයින් හා විවිධ සංවිධාන චොදනා කරනු ලබන්නේ ග්රැෆිට් නිර්මාණ හේතුවෙන් ප්‍රසිද්ධ ස්ථාන අපවිත්‍ර වන බවයි.එංගලන්තයේ ප්‍රසිද්ධ ස්ථාන විනාශ කිරිම යටතේ වසර 10ක සිර`දඩවමකට ලක් කර හැක.එම නිසා ඔහුව සිරභාරයට ගැනිමේ අවදානමක්ද පවති.කෙතරම් අවදානමක් පැවතුනද ඔහු ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරිම අත් හැර නැත.
කලාගාර තුල තම නිර්මාණ ඉහල මිල ගණන් වලට විකිණිම සම්බන්ධව ඔහු විසින් තම වෙබ් පිටුව තුළ ප්‍රංශ චිත්‍ර ශිල්පියෙක් වන යැබරස ප්එසිිැගේ උපුටනයක් දක්වමින් මෙසේ සදහන් කර ඇත. ‘‘මගේ චිත්‍ර ඉතා ඉහල මිල ගණන් වලට අලෙවි වීම ගැන මම ලැජ්ජා වෙනවා.මම කැමති නැ මට චෝදනා කරනවාට කවදාහරි මම නිර්මාණය කරලා තියෙන්නේ අග්රකෘති විතරයි කියන එකට‘‘
වරක් මාධ්‍ය විසින් සුප්‍රකට සාචි හා සාචි සමාගමේ හිමිකරු චාල්ස් සාචි ඔහුගේ රසිකයෙකු වන නිසා තම නිර්මාණ චාල්ස් සාචි හට විකුණන්නේද යන්න විමසු විට ඔහු පවසා සිටියේ ‘‘ඔහුට ඔහුගේ මුදල් ඔහු ලගම තියා ගන්න පුලූවන්,මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළ`ග තියා ගන්නවාට වඩා මගේ නිර්මාණ මිනිස්සු දස දහස් ගණනක් අතරේ තබන්න’’යනුවෙනි.
බැන්ස්කිගේ ජනප්‍රිය බාවය හේතුවෙන් භසනැ සමාගම ඔහුට තම සමාගම වෙනුවෙන් වෙළ`ද දැන්වීම් නිර්මාණය කිරිමට ආරාධනා කල විට එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ ‘‘මම විකිණෙන්න කැමති නැ.මම කැමති මගේ නිර්මණ වෙනුවෙන් අවධානය යෝමු කරන්න.’’යනුවෙනි.
බැන්ස්කි විසින් නිර්මණය කරන ලැබු ඩයනා කුමරියගේ රුව රුගත් බි්රතාන්ය පවුම් 10ක ව්‍යාජ මුදල් නෝට්ටුව දැඩි ආන්දෝලනයකට ලක් වු අතර නිර්මාණයකි.සාමාන්‍යයේන් බි්රතාන්ය පවුම් නෝට්ටු හා කාසි සදහා යොදා ගනු ලබන්නේ බි්රතාන්ය රුජිනගේ රුවය.බි්රතාන්යයේ ඩයනා කුමාරිය රජ පවුල තුළ දැඩි ආන්දෝලනයකට ලක් වු කුමාරියක්ය.ඔහු ඩයනා කුමාරිකාව යොදා ගත්තා පමණක් නොව නෝට්ටුවෙහි ඉ්බන දෙ ෑබටක්බා යන්න වෙනුවට ඉ්බනිහ දෙ ැබටක්බා ලෙස වෙනස් කොට තිබුනි.මෙම මුදල් නෝට්ටුව එංගලන්තයේ කලූ ජාතිකයන්ගේ සාම්ප්‍රදායික උත්සවයක්වන නොට්සග්ගම් සැනකෙළියේදි බෙදා හැර ඇත.ඇතැම් පුද්ගලයන් මෙම නෝට්ටුව හුවමාරු කර භාණ්ඩද ලබා ගෙන තිබුනි.එසේම දැනටද මෙම මුදල් නෝට්ටුව ෑඉමහ වෙබ් අඩවිය තුළ පවුම් 100වඩා අධික මුදලක් දක්වා දැනටමත් විකිනෙමින් පවති.
බැන්ස්කි චිත්‍ර ශිල්පියෙක් පමණක් නොව වාර්තා චිත්‍රපට අත්්ධක්ෂකවරයෙකුද වේ.ඔහු විසින් නිර්මාණය කරන ලද ැංසඑ එයරදමටය එයැ ටසෙෙ ියදච නම් වාර්තා චිත්‍රපටය 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොදම වාර්තා චිත්‍රපටය ලෙස නිර්දේශ විය.බොහෝ පිරිසක් බැන්ස්කි මෙම උළෙලට සහභාගි වේ යැයි බලා පොරොත්තු වුවත් බැන්ස්කි මෙම සම්මාන උළෙලෙට සහභාගි නොවිය.
බැන්ක්සි විසින් පලස්තීන බටහිර ඉවුර ප්‍රදේශයේ ඊශ්‍රාලය හා පලස්තීනය වෙන් කිරිමට ඉදිකර ඇති සැතැපුම් 425ක් දිග තාප්ප මත ග්රැෆිට් චිත්‍ර 09ක් නිර්මාණය කර ඇත.මෙම ප්‍රදේශය යනු දැඩි අවදානම් සහිත ප්රදේශයකි නමුත් පලස්තීන ජාතිකයන්ව පීඩාවට පත් කිරීමට එරෙහිව ඔහු ජිවිත අවදානමද නොතකා නිර්මාණ කරනයේ යෙදුනි.
බැන්ක්සිගේ නිර්මාණ නොමිලේ බාගත කර ගැනිම සදහා ඤඅඅඅගඉ්බනිහගජදගමන% වෙබ අඩවියට පිවිසිම මගින් හැකි වේ.ඒ සම්බන්දව ඔහු මෙසේ වෙබ් පිටුවේ සදහන් කර ඇත.‘‘ ඔබගේ පුද්ගලික පරිහරණය සදහා ඕනෑතරම් බාගත කිරීම සදහා මම ආරාධනා කරමි ඒත් මින් ඔබ තමන්ගේම නිර්මාණ කිරිමට හෝ විකිණිම සදහා යැයි කියමින් නිල වශයෙන් හෝ සැබෑ බැන්ක්සි නිර්මාණ යැයි පැවසීම නරකය,හො`දටම වැරදිය.’’
දහස් ගණන් නිර්මාණ කරුවන් අතරින් අපට බැන්ක්සිව කියවා ගැනීම වැදගත් වන්නේ වර්තමානය තුළ තමාව විකුණා ගැනීමට සැම උත්සහයක්ම ගන්නා මිනිසුන් අතර නොවිකිණි සමාජ අරමුණක් සහිතව නිර්මාණ කරනයේ නියැලූනු සේම ජිවිත භාවිතය තුළ ක්‍රියාවෙන් පෙන්වා දුන් කලාකරුවෙක් ලෙසට ඔහුගේ ජිවිතය තුලින් අපගේ ජිවිතට එකතු කරගත හැකි බෝහෝ දේ ඔහු සතුව පැවැති නිසාවෙනි.
කොටේෂන් වරක් මාධ්‍ය විසින් සුප්‍රකට සාචි හා සාචි සමාගමේ හිමිකරු චාල්ස් සාචි ඔහුගේ රසිකයෙකු වන නිසා තම නිර්මාණ චාල්ස් සාචි හට විකුණන්නේද යන්න විමසු විට ඔහු පවසා සිටියේ ‘‘ඔහුට ඔහුගේ මුදල් ඔහු ලගම තියා ගන්න පුලූවන්,මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළ`ග තියා ගන්නවාට වඩා මගේ නිර්මාණ මිනිස්සු දස දහස් ගණනක් අතරේ තබන්න’’යනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment