skip to main
|
skip to sidebar
Pages
Home
කතුවැකිය
දේශපාලන සටහන
විශේෂාංග ලිපි
පාඨක ලිපි
සංවාද
අප ගැන
අප අමතන්න
Monday, December 16, 2019
MCC උගුල සහ ගොදුර, හෙලිදරවුව හෙට කොළඹ මහජන පුස්තකාලයේදී
MCC උගුල හා ගොදුර හෙළිදරවුව 12/17 සවස 03
ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාර ශාලාවේදී පැවැත්වේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි.
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
Search This Blog
විශේෂාංග ලිපි
‘‘මනමේ’’ හි භාවිතාව කුමක්ද?
මනමේ බිහි වීමට පෙර පැවති කි‍්‍රයාකාරී ඉංගී්රසි වේදිකා නාට්‍ය ක්‍රමය යනු සිංහල නාට්‍ය කලාවේ සංක්‍රාන්ති සමයේ එක්තරා බීජ අවස්...
PCR පරීක්ෂණය සිදු නොකර ඇමෙරිකන් තානාපති නිලධාරියකු මුදා හැරේ
කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ. අ...
වනාන්තර රැකගත් 05/2001 චක්‍ර ලේඛය අහෝසි කරයි
මේ වන විට ආයෝජකයන්ට ඉඩම් පැවරීමේදී ඇතිවන ගැටළු නිරාකරණය සදහා වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු රක්ෂිතවල ආරක්ෂාවට නිකුත් කර තිබු 05/2001 ච...
කොරෝනා හමුවේ යට ගැහෙන ලතින් ඇමරිකානු ජන ජීවිත..
කොරෝනා වෛරසය ආසාධිත සංඛ්‍යාව හා මියගිය සංඛ්‍යාව සම්බන්ධ තොරතුරු වසං කිරීම, ප්‍රමාණවත් පරිදි කොරෝනා පරීක්ෂණ සිදු නොකිරීම හා ඊට සමගාමීව ජ...
මේ තිත්ත ඇත්ත නොදකින්නේ ඇයි?
වර්තමානය අතීතයත් සමග ගලපා අනාගතය ගැන සිතීමට අපට බල කරයි. කෙනෙක් තම ජීවිතය ගැන සීතිමේදි යම් ක්රියාකාරීත්වයකට පැමිණිය යුතුය. එහිදී ඔහ...
මේ ජාතිවාදී ගින්නට රාජපක්ෂ ආන්ඩුවත් රනිල්-මෛත්‍රී ආණ්ඩුවත් වගකිව යුතුයි - දුමින්ද නාගමුව
Powered by
Blogger
.
වැලිවේරිය,
රූකාන්ත, චන්ද්‍රලේඛා සහ
තවත් කතා
මාධ්‍ය තුළ තිබූ සිරස්තලයක් - ‘‘වැලිවේරිය පුදුමාතලන් වූ හැටි!’’ මෙය ජීවිත කාලයක් තුළ අප අත්විඳින්නට බලාපොරොත්තු නොවූවකි. අප බලාපොරොත්තු වූයේ අපේ ඇස් පියවෙන්නට පෙර ‘‘ශ්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතරට එක් වේ’’, ‘‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය සිංගප්පූරුව ද ඉක්මවයි’’, ‘‘සියලූ ජාතීන් එක්ව කටයුතු කරන සුන්දර රටක්’’ වැනි සිරස්තලය. නමුත් වාසනාව මෙන්ම අවාසනාව ද රජකරන කල්පයකට අප ඇතුලත්ව තිබේ. අපි වරක් සුනාමියෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු, එයින් යමක් සිදුනොවූ තැන අප 2009 යුධ ජයග්රහණයෙන් පසු ලංකාව හැදෙයි කියා සිතුවෙමු. නමුත් ඒ සියල්ල විසිරී බොඳව යන බව පෙනෙන්නට ඇත. රූකාන්ත, චන්ද්‍රලේඛා සහ වැලිවේරිය සම්බන්ධ වන්නේ කෙසේද? රූකාන්ත සහ චන්ද්‍රලේඛාට නීතිමය බැඳිමකින් සම්බන්ධයක් ඇතත් පෙනෙන ආකාරයට වැලිවේරියට ඔවුන්ගේ ඇති සම්බන්ධතාවය ඔවුන් ජීවත්වන රටේ එක්තරා ප්‍රදේශයක් වීම හෝ ඇතැම් විට වැලිවේරියේ ප්‍රසංගවලට ඔවුන් සහභාගීවීම විය හැක. නමුත් ගැඹුරින් සිතා බැලූ කල්හි, එතනට එහා ගිය යමක් දක්නට පුළුවන්ය. වැලිවේරියේ රතුපස්වල ජනතාව පිරිසිදු පානීය ජලය ඉල්ලා උපවාස උද්ඝෝෂණ කළ අතර හමුදාව යොදා ඔවුන් ඉවත් කිරීම සිදුකරන විට එය ගැටුමක් දක්වා දුර දිග ගිය අතර හමුදාවෙන් පොලූ හා වෙඩි පහරවල් ද ජනතාවගෙන් ගල් මුල් බෝතල් පහරවල් ද එල්ල වෙද්දී එයට මැදිහත්වූ ජනතාව මාධ්‍යවේදීන් මෙන්ම හමුදාවේදී අය ද තුවාල වන්නට ඇත. හමුදාව ප්‍රශ්නයට මැදිහත් වූයේ තනියම හිතා නොවන බව පොඩි එවුන් පවා දනී. නමුත් හමුදාව එසේ පැමිණ සිවිල් ගැටළුවක් ගැටුමක් දක්වා දුර දිග යවා අවසානයේ එයට මැදිහත්වුණු පාසල් දරුවන් මිය යාමට තුවක්කු හැරවීම ඛේදවාචකයකි. ජනතාවට විරෝධතා දැක්වීමේ අයිතිය ඇත. ඔවුන් මහජන සාමයට බාධා කරනවානම් එයට කටයුතු කල යුතු විදියක් ඇත. කෙසේ හෝ හමුදාව මහජනයා දෙසට තුවක්කුව හැරවූයේ ඉහළින් ලැබුණු අණින්ය. රූකාන්ත හා චන්ද්‍රලේඛා මෙම සිදුවීමට සම්බන්ධවන්නේ මෙසේය. පසුගිය චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ එජාපයට වැඩ කල රූකාන්ත යුවළට හිරිහැර කිරීමට අදාළව ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළුන්ට දඬුවම් ලැබුණේ ගිය සතියේය. එදා ඔවුන් රූකාන්තලාට අඩම්තේට්ටම් කරන්නට ඇත්තේත් තනියම හිතලා නොව ඉහළින් ලැබුණ අණටය. නමුත් අද ඉහළින් අණදුන් ඇත්තන් තනතුරුවල හෝ ලංකාවේ නැති වෙන්නට පුළුවන්ය. එම නිසා අවසානයේ දඬුවම ලැබුණේ අණ පිළිපැද නිල ලත් චණ්ඩි වන්නට ගිය ආරක්ෂක අංශයේ සෙබළුන්ය. වැලිවේරිය හා රූකාන්තලා දැඩි ලෙස සම්බන්ධ වන්නේ මෙතනදීය. එසේනම් අද අවි අතට ගෙන සිවිල් ගැටළුවල දී නිල ලත් චණ්ඞීන් ලෙස හැසිරෙන ආරක්ෂක හමුදාව දත යුත්තේ, දඬුවම් විඳින්නට සිදුවන්නේ අණ ක්‍රියාත්මක කළවුන්ට මිස අණ දෙන්නවුන්ට නොවන වගය. එබැවින් ඉහළ අණ ඉක්මවා කටයුතු කිරීමේදී වර්තමානයේ ලැබී ඇති උදාහරණ සිතා බලා කටයුතු කිරීම වඩාත් වටී. එසේම වැලිවේරියේ දී පොලූ පහරවල් වදිනවිට මිනිස්සු දෑත් ඉහළට ඔසවා කල ප්‍රකාශ කීපයක් අප පහතින් ඉදිරිපත් කරමු. ‘‘අනේ පුතේ... උඹලා ඇයි අපිට ගහන්නේ.. මේ අත් වලින් තමයි උඹලා කොටියගෙන් බේරන්න කියලා බෝධි පූජා තිබ්බේ පොල් ගැහුවේ.. ’’ ‘‘අනේ මල්ලියේ... තව ගහපල්ලා උඹලා අපිට... මේ මගේ ලේ යකෝ... මේ ලේම තමයි උඹලා වෙනුවෙන් මම විසි සැරයක් දන් දුන්නේ.. තව ගහපන් ලේ යන්න’’ ‘‘උඹලා අපිට වෙඩි තියලා මදි යකෝ... කොටියා වෙඩි තියලා මලා නම් අපිට දුකක් නෑ යකෝ.. ඒත් අපිට වෙඩි තියන්නේ අපේම එවුන්...’’ ‘‘අපි රටක් රාජ්ජයක් ඉල්ලූවේ නෑ යක්කුනේ... අපි ඉල්ලූවේ වතුර... වතුර විතරයි... ඒ නොමැරී ඉන්න...’’ ලේ වැගිරී ඇත. එය ඛේදවාචකයකි. ඉතිරි කොටස බාර ජනතාවට ය.
www.boondi.lk
වෙබ් පිටුව ඇසුරෙන්
Pageviews
0 comments:
Post a Comment