Showing posts with label විශේෂාංග ලිපි. Show all posts
Showing posts with label විශේෂාංග ලිපි. Show all posts

Monday, May 4, 2020

අදුරු වලා මතින් රිදී රේඛාවක්..සෞඛ්‍ය ආරක්ෂිත සේවා කොන්දේසි වෙනුවෙන් ඇමසන් සේවකයින් ගෙනගිය අරගලයට සෞඛ්‍ය අංශ ඇතුළු වැඩකරන පංතියේ සහයෝගීතාවය.



ඇමරිකාව තුළ කොරෝනා ව්‍යාප්තිය වර්ධනය වනවාත් සමගම අප්‍රේල් මුල සිටම නිව්යෝර්ක් හි ස්ටටෙන් පිහිටි ඇමසන් සමාගමේ ගබඩාවල රැකියාවේ නියුතු සේවකයින් විරෝධතා සහ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල නිරතවනු දක්නට ලැබිණ.එයට හේතු පාදක වූයේ නිව්යෝර්ක් නගරය කේන්ද්‍රව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් ලක්ෂ ගණනින් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්වෙමින් තිබෙන පසුබිමකදී පවා නිසි ආරක්ෂිත තත්වයන් නොමැතිව ඔවුන්ට සේවයේ යෙදීමට සිදුවීමයි. ඇමසන් සේවකයින් ගෙනගිය මෙම හුදකලා අරගලයේ දී පසුගිය ජාත්‍යන්තර කම්කරු දිනය දා සුවිශේෂී යමක් සිදුවිය.එනම් ජාත්‍යන්තර කම්කරු දිනය දා නිව්යෝර්ක් හි ස්ටටෙන් දිවයිනේ පිහිටි Amazon බඩු ගබඩාවක් ඉදිරිපිට විරෝධතාවයේ යෙදී සිටි ඇමසන් සේවකයින්ට සහයෝගීතාව පළකරමින් එරට සෞක්‍ය නිලධාරීන්, පොදු ප්‍රවාහන රියදුරන්, කුලීවැඩකරුවන් වැනි වැඩ කරන පන්තියේ ජනතාව එකතුවීමයි. මෙසේ එක්රැස් උනේ අන්කිසිකවට නොවේ, ඔවුන්ට දැනට තිබෙනවාට වඩා වැඩ කරන්න හොඳ සහ ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරදෙන්නැයි ඉල්ලමින්. ඔවුන් තරයේ කියා සිටියේ Amazon සමාගමේ වැඩ කරන කම්කරුවන්ට දැනට පවතින ආරක්ෂක විදිවිධාන තවදුරටත් වැඩි දියුණු කලයුතු බවයි. මෙම උත්ගොෂණය ක්‍රියාත්මක උනේ Whole Foods, Instacart, FedEx, Target, Walmart සහ Shipt යන සමාගම් වල කර්මාන්තශාලා සේවකයෝද මැයි දිනය දවසේ රාජකාරි අතහැර ආරක්ෂක විධිවිධාන වැඩි කරන මෙන් බල කරන්නට සැරසී සිටි අවස්ථාවකදීය. මෙම උද්ඝෝෂණයේ අතරේ සිටි "ට්‍රේ ක්වාන්" වෘත්තියෙන් හෙදියක් වන අතර ඇය පවසා සිටියේ "කොරෝන වසංගතයට එරෙහි සටනේ ඉරිදිපෙල මෙලෙස ආරක්‍ෂිත ක්‍රමෝපායන් වෙනුවෙන් හඬනගන, Amazon වැනි කර්මාන්තශාලා වල කම්කරුවන් වන අතර මෙම සටනේ අන්තිම තුරුන්පුව සෞක්‍ය ක්ෂේශ්ත්රය බවයි. රෝගීන් රෝහල්ගත වන සෑම වාරයක් පාසා අප පරක්කුයි".
"විශේෂයෙන් අපේ සටන රාජ්‍යයට සහ ධනවාධයට විරුද්දවයි. අපි මෙලෙස එකමුතුව සිටින විට අපව නවත්තන්නට බැහැ", ඇය තවදුරටත් පවසා සිටියා.


















Friday, April 24, 2020

කොරෝනාවෙන් පසු පරිසර ප්‍රේමය....


කොරෝන වෛරසය මුළු ලොවක් බියට පත් කර ඇත. දහස් ගණනක් මේ වන විටත් මෙලොව හැර ගොසිනි. මුදල්, ආයුධ බලයෙන් අනෙක් රටවලට පවා අභියෝග කරමින් සිටි ලොව ප්‍රබල යැයි සම්මත රටවල් සියල්ලම තම ජනතාව මෙම ව්‍යසනයෙන් ගලවා ගැනීමට නොහැකිව මරණය පත්වීමට අතහැර දමා තිබේ.

අප ඔබට මතු කිරීමට සුදානම් වනුයේ කොරෝන ව්‍යාප්තිය නැවත්වීමට රටවල් වසා දැමීම හේතුවෙන් මතු වූ කරුණක් පිලිබඳවය.
චීනයේ වුහාන් ප්‍රදේශය වසා දැමීමෙන් පසු ඒ අවට වායු ගෝලය 600%න් පිරිසිදු වී ඇති බවට වාර්තා විය. ලංකාව තුල ද වෙනදාට වඩා කැළණි ගඟේ ජලයෙහි ගුණාත්මකභාවය වැඩි වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය ජල නියැදි පරීක්ෂාවකින් සොයා ගෙන ඇත. ඔවුන් සඳහන් කරනුයේ මේ දිනවල කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා බොහොමයක් ක්‍රියාත්මක නොවීම නිසා එම කර්මාන්තශාලා වලින් ඉවතලන අපද්‍රව්‍ය කැළණි ගඟට මුසු නොවීම ප්‍රධාන හේතුවක් බවයි.

එසේම කොලඹ නගරයේ වායු පසුගිය තත්ත්වයට වඩා ගුණාත්මකව ඉහල ගොස් ඇති බව වාර්තා කර තිබිණ. ඊටද හේතුවක් බවට පත්ව ඇත්තේ වාහන ධාවනය නොවීමයි. එසේම ඉන්දියාවේ වායු ගොලය පිරිසිදු වීමෙන් එවරස්ට් කඳු වැටිය කිලෝමීටර් 200ක් දුරට පැහැදිලිව දර්ශනය වන බවද වාර්තා විය. තවද ලංකාවේ මෙන්ම බොහෝ රටවල වන සතුන් නගරවලද නිදහසේ සැරිසරනු දක්නට ලැබුණි.

මේ සියල්ල දකිමින් බොහෝ මාධ්‍ය මෙන්ම ජනතාවද කොරෝනා භීතිය මධ්‍යයේ වුවද දින කිහිපයක් තුල ප්‍රාග්ධන යාන්ත්‍රණය තාවකාලිකව ඇනහිටීම තුල පරිසරයට සිදුවී ඇති සාධනීය බලපෑම අගය කරමින් සිටිති. එහෙත් මෙම පරිසර ප්‍රේමය කොරෝනා අවසන් වනතුරු පමණද?
මෙම කරුණු මඟින් අප පැහැදිලි කරගත යුත්තේ කුමක්ද?

පරිසරය වනසමින් දිගින් දිගටම සිදු කරනු ලබන සංවර්ධන ව්‍යපෘති වලට පසුගිය කාලය පුර පරිසරවේදීන් සේම සටන් කරන බලවේග බරපතල විරෝධයක් එල්ල කරන ලදී. හෝමාගම තාක්ෂණ නගරය, පොර්ට් සිටි ව්‍යපෘතිය, අධිවේගී මාර්ග පද්ධතිය, මීගමුව කලපුව ආශ්‍රිතව සිදු කරන ඉදිකිරීම, සිංහරාජය, නකල්ස්, ත්‍රිකෝණ මඩු රක්ෂිතය, විල්පත්තුව ඇතුළු වනාන්තර පද්ධතිය විවිධ සංවර්ධන ව්‍යපෘති වෙනුවෙන් එලි කිරීම.

මෙකි නොකී සංවර්ධන ව්‍යපෘති ගණනාවකට පරිසරය විනාස කිරීම සිදු විය.
ඇතැම් අය මෙම විරෝධයන් වලට පහර ගැසුවේ විරෝධතා කරුවන් තාක්ෂනය, සංවර්ධනයට එරෙහි ලිංමැඩියන් පිරිසක් බව කියමිනි. නමුත් ඔවුන්ම දැන් කැළණි ගඟත් වාතයත් පිරිසිදු කර දීම වෙනුවෙන් කොරෝන වලට ස්තුතියි කරමින් සිටී.

මොහොතකට අපි කොරෝනා නොමැති තත්ත්වය ගැන උපකල්පනය කරමු. එසේනම් කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා තවමත් ක්‍රියාත්මකය. කැළණි ගඟේ ජලය අසීමිත ලෙස දුෂණය වෙමින් පවතී. එම ජලය කැළණි ගඟ දෙපස ජනයා පමනක නොව දහස් ගණනකගේ අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කෙරේ. ජනතාව ලෙඩ රෝග වලට ගොදුරු වේ. කර්මාන්ත ශාලා සිය ගණනකින් පිට වන විස දුම් වායු ගෝලයට මුදා හැරේ, දස දහස් ගණන් ජනයා එකී වායුව ආශ්වාස කරයි. මිනිසුන් ලෙඩ වෙයි.

ගංගා වලින් අසීමිතව වැලි ගොඩ දැමීම සිදු වෙයි. කළු ගඟ, නිල්වලා ගඟට මහුදු ජලය මිශ්‍ර වෙයි. මිනිසුන්ට බරපතල පානීය ජල ගැටලුවකට මුහුණ දීමට සිදු වෙයි.
ගෝලීය උෂ්ණත්වය ඉහල යාමට හේතු වන කාබන් වැඩිපුරම පරිසරට මුදා හරින එක් රටකි ඇමෙරිකාව. එය අවම කිරීමට ලෝක මට්ටමෙන් අත්සන් තැබූ ගිවිසුම් පවා ඇමෙරිකාව අදටත් පිළිගන්නේ නැත.

එසේනම් කොරෝනා වලින් පසු අපට පිරිසිදු කැළණි ගඟක් හෝ පිරිසිදු වායුවක් ලැබේද?
කිසි සේත්ම නැත කොරෝනා අවධානම පහව යන පළමු මොහොතේම හෝ නැත්නම් හොර රහසේ හෝ නැතිනම් රජයේ තීරණයක් ලෙසම හෝ මේ සියල්ල නැවත ඇරඹේ. නැවත කැළණි ගඟේ ජලය දුෂණය වීම ඇරඹේ. එසේනම් කොරෝනා පැමිණීමටත් පෙර අප සිටියේ මරණ මංචකයේය.

කරමාන්ත ශාලා, තාක්ෂණ නගර, අධිවේගී මාර්ග හැදුන තරමට ජිවිත සංවර්ධනය නොවන බව දැන්වත් වටහා ගත යුතුය. එසේ නම් ලාභය පමණක් මුල් කරගත් ධනවාදී සංවර්ධනය අපට උරුම කර ඇත්තේ කොරෝනා වලටත් වඩා අනිවාර්ය මරනයක් නොවේද? කැළණි ගඟ දෙපස කර්මාන්ත ශාලා වලින් ජලයට අපද්‍රව්‍ය මුසු කිරීම වහා නවතා දැමිය යුතු නොවේද?

නමුත් කොරෝන තත්ත්වය පහව යන මොහොතක මෙතෙක් හැල්මේ දිවආ ප්‍රාග්ධන යාන්ත්‍රණය එලෙසින්ම පණ ගන්නනවාද? යන්න සැබෑ පරිසර ප්‍රේමීන් දැන් කල්පනා කල යුතුය. අපට ජිවත් වීමට සිදු වන්නේ නරුම ධනවාදය තුලය. මෙම තත්ත්වය හමුවේ තමන්ට අහිමි වූ ලාභය සෙවීමට වැඩි වැඩියෙන් පරිසරය වනසන දැවැන්ත ව්‍යාපාරිකයන් හැර පරිසරය ගැන හිතා පරිසර හිතකාමීවන ධනපතියන් අපට මුණ ගැසෙන්නේ නැත.

එසේනම් කොරෝනා වලින් නොමැති වුවත් ඊනියා සංවර්ධනය නිසා අප මරණයට පත්වනු ඇත. අවශ්‍ය වන්නේ ඊට එරෙහි වන සටනකි. කොරෝනාවෙන් ලෝකයට මෙතෙක් ආ ගමන මොහොතක් නතරවී සමාලෝචනය කිරීමට අවස්ථාවක් දී ඇත. එම අත්‍යවශ්‍ය සමාලෝචනයෙන් උගත් පාඩම් ප්‍රයෝජනවත් වන්නේ පරිසරයත් ජීවයත් වනසමින් ඉදිරියට ඇදෙන ප්‍රාග්ධන යාන්ත්‍රණය තවදුරටත් රිසිසේ ඉදිරියට යාමට ඉඩ නොදීම තුල පමණකි.

Tuesday, April 7, 2020

වියට්නාම කම්කරුවකු,පැය 24පුරා නොමිලේ සහල් බෙදන ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයක් නිපදවයි..


කොරෝනා ව්‍යාප්තිය නිසා වියට්නාමය Lock-down  ද කර ඇත.මේ නිසා එදාවේල හොයාගෙන කාපු මිනිස්සු බොහොමයක් අපහසුතාවයන්ට මුහුණදෙමින් සිටිනවා.මේ පීඩාවටපත් සහෝදර ජනතාව වෙනුවෙන් සහයෝගයක් ලබාදීමට වියට්නාමයේ බෝතල් එකතු කරන කම්කරුවකු විසින්, පැය 24 පුරාවටම සහල් ලබාගත හැකි ස්වයංක්‍රීය ට්‍රේලර් යන්ත්‍රයක් නිපදවා තිබෙනවා..මේ නමින්,හොං ටුවාන් අන් වන ඔහුගේ කතාවයි,

"මේ වසංගතය නිසා කන්න වේලක් හොයාගන්න බැරිව අසරණ වෙලා ඉන්න පවුල් ගොඩක් මම දැක්කා.එයාලට උදවුවක් කරන්න යන්න විදියකුත් නෑ මේ තියෙන තත්වය එක්ක..මොකද ඒක රෝගය ව්‍යාප්ත වෙන්න හේතුවක් වෙන්න පුළුන්නෙ.ඒ නිසා තමයි මම ගෙදර තිබ්බ පරණ යන්ත්‍රසූත්‍ර කෑලි ටික එකතු කරල මේ සහල් බෙදන ට්‍රේලර් යන්ත්‍රය හැදුවෙ.පැය 24 පුරාවටම ඕනම කෙනෙක්ට ඇවිත් බොත්තමක් විතරක් ඔබල තමන්ට අවශ්‍ය සහල් අරගෙන යන්න පුළුවන්.."

ඔහු මෙහි තේමාව ලෙස අරගෙන තිබෙන්නෙ, "ඔබට අවශ්‍ය නම් ටිකක් ගන්න,ඔබ හොදින් නම් එය වෙනත් කෙනෙකුට ඉතිරි කරන්න" යනුවෙන්..තවද ඔහු පවසන්නේ "සෑම සහල් මල්ලක්ම ආදරයේ ත්‍යාගයක් බවයි"..

මොහොතක් සිතන්න..ලොව පුරාම යම් ආර්ථික හැකියාවක් තිබෙන අය තරගයට සුපර්මාකට් හිස් කරද්දි,වසර ගණනාවක් මුළුල්ලේ වී ගොවියාගෙන් රුපියල් විසි තිස් ගාණට කුණු කොල්ලෙට වී ටික අරගෙන රුපියල් 100ට 110ට හාල් කිලෝව විකුණමින් ගොවියා සහ පාරිභෝගිකයා දෙන්නම සූරගෙනකමින් දවසකට රුපියල් කෝටියට වඩා ලාභ කදු ගොඩගසමින් සිටින ඩඩ්ලි සිරිසේන,සිරිපාල ගම්ලත් වගේ මහා පරිමාණ මෝල් හිමියන් මෙවැනි ව්‍යසනයක් වෙලාවකදිවත් එක රුපියල් දෙකකින්වත් හාල් මිල අඩු නොකරපු  තත්වයක් තුළ  නිකම්ම නිකන් බෝතල් එකතු කරන කම්කරුවකු වෙච්චි "හොං ටුවාන් අන්"  විසින් පෙන්වන මානව ප්‍රේමය,මානව ගුණාංගය නොවෙද අපිට මේ ව්‍යසනයෙන් මිදී යහපත් ලොවක් නිර්මාණය කරගැනීමට අවැසි වෙන්නෙ.








Tuesday, December 17, 2019

සම්ප‍්‍රදායට එරෙහිව කැරුල්ලක් ගැසු ගරිල්ලා සිත්තරෙක් බැන්ක්සි

සම්ප‍්‍රදායට එරෙහිව කැරුල්ලක් ගැසු ගරිල්ලා සිත්තරෙක් බැන්ක්සි

චිත‍්‍ර කලාව තුළ මේ වන විට  තරුවක් බවට පත් වී සිටින බැන්ස්කි ප‍්‍රදාන දහරාවේ චිත‍්‍ර කලා සංස්කෘතිය දෙදුරුම් කවන්නට සමත් වී ඇත.බැන්ස්කි සුවිශේෂි වන්නෙ සිතුවම් කලාව තුළ පැවැති ඔහුගේ සුවිශේෂිත්වය පමණක් නිසාම නොව කලා කරුවෙකු ලෙස ඔහු පෙන්වා දුන් ඔහුගේ භාවිතයත් නිසාවෙනි.


ඔහුගේ කලා මධ්‍ය චිත‍්‍ර කලාව බවට පත් වුවත් ඒ සිතුවම් නිර්මාණය වූයේ සුපුරුදු කැන්වස් හෝ කඩදාසි කොළමත නම් නොවේ ප‍්‍රසිද්ධ ස්ථානවල ල`ද සැම ඉඩක්ම ඔහුගේ සිතුවම් වලට ප‍්‍රමාණවත් විය.මෙසේ වීදි, තාප්ප,බිත්ති තුළ සිතුවම කිරිම චිත‍්‍ර කලාව තුළ හදුන්වනු ලබන්ානේ ග‍්‍රැෆිට් ලෙසිනි බැන්ස්කි තම සිතුවම් කලාව සදහා ග‍්‍රැෆිට් සම්ප‍්‍රදාය  තොරා ගනු ලැබුවේ ද සුවිශේෂි හේතුවක් වුයේ ධනේෂ්වර සමජ ක‍්‍රමය තුළ මිනිසා කාර්්‍යය බහුල බවට පත් කර ඇති නිසා මිනිසුන්ට කලාව රස විදිමට නොහැකි වීම නිසාවෙන් මිනිසුන් අසලට කළාව ගෙන යාමටය.
ග‍්‍රැෆිට් නිර්මාණ කරනයේ නියැලිම පහසු කටයුත්තක් නොවන්නේ මහා සම්ප‍්‍රදාය උල්ලංඝන කරමින්, ඒවයේ පුර්ව නිශ්චිත තත්ත්වයන් ගණනකට නොගනිමින් කලාව විදියට රුගෙන ඒමේ දි මහා සම්ප‍්‍රදායෙන් එල්ලවන චෝදනා අතිමහත්ය සේම එය අභියෝගාත්මක කටයුත්තකි.  ඔහු සිතුවම් කලාව සදහා තේමාවන්  බවට පත් කර ගනු ලැබුවේ ද ක‍්‍රම විරෝදි තේමාවන්ය.ඒ බොහෝමයක් සිතුවම් යුධ විරෝධීය, ප‍්‍රචණ්ඩත්වයට එරේහිය,නුතන තාක්ෂණය විසින් වෙළ`දපොල අත්පත් කර ගැනීම වැනි ධනේෂ්වර අගතින්ට එරෙහිව තම හැකියාව භාවිත කරන ලදි.
බැන්ස්කි කෙතරම් ජනප‍්‍රිය සිත්තරෙක් බවට පත් වුවත් ඔහුගේ පැවැති සුවිශේෂිත්වය නම් ඔහු කිසිදු විටක තම අනන්‍යයතාවය හෙලි කර නොතිබිමයි.බැන්ස්කි සැම විටකම විශ්වාස කරනු ලැබුවේ තම නිර්මාණය තුළින් සමාජයට ලබා දෙන පනිවිඩය අදහස මිස තමා කවුද යන්න දැන ගැනීම එතරම් වැදගත් නොවන බවයි.රටවල් විශාල ප‍්‍රමාණයක මේ වන විය ප‍්‍රදර්ශන පවත්වා ඇතත් බැන්ස්කි කරුන්ද යන්න අභිරහසක්ව පවතින්නේ බැන්ස්කි විසින් දරනු ලබන මෙම අදහස නිසාවෙනි.
එංගලන්තයේ බ්‍්‍රස්ටල් නගරය මුලික කර ගනිමින්  මුල් කාලීනව නිර්මාණ කරනයේ යෙදුනු ඔහු පසු කාලීනව ලෝකය පුරා ව්‍යාප්ත විම හරහා ඔහුගේ නිර්මාණ පවතින ක‍්‍රමය අභියෝගයට ලක් වන්නට ඔහුට පැමිනි බලපැම් වැඩි වන්නට විය.දේශපාලකයින් හා විවිධ සංවිධාන චොදනා කරනු ලබන්නේ ග‍්‍රැෆිට් නිර්මාණ හේතුවෙන් ප‍්‍රසිද්ධ ස්ථාන අපවිත‍්‍ර වන බවයි.එංගලන්තයේ ප‍්‍රසිද්ධ ස්ථාන විනාශ කිරිම යටතේ වසර 10ක සිර`දඩවමකට ලක් කර හැක.එම නිසා ඔහුව සිරභාරයට ගැනිමේ අවදානමක්ද පවති.කෙතරම් අවදානමක් පැවතුනද ඔහු ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරිම අත් හැර නැත.
කලාගාර තුල තම නිර්මාණ ඉහල මිල ගණන් වලට විකිණිම සම්බන්ධව ඔහු විසින් තම වෙබ් පිටුව තුළ ප‍්‍රංශ චිත‍්‍ර ශිල්පියෙක් වන යැබරස ප්එසිිැගේ  උපුටනයක් දක්වමින් මෙසේ සදහන් කර ඇත. ‘‘මගේ චිත‍්‍ර ඉතා ඉහල මිල ගණන් වලට අලෙවි වීම ගැන මම ලැජ්ජා වෙනවා.මම කැමති නැ මට චෝදනා කරනවාට කවදාහරි මම නිර්මාණය කරලා තියෙන්නේ අග‍්‍රකෘති විතරයි කියන එකට‘‘
වරක් මාධ්‍ය විසින් සුප‍්‍රකට සාචි හා සාචි සමාගමේ හිමිකරු චාල්ස් සාචි ඔහුගේ රසිකයෙකු වන නිසා තම නිර්මාණ චාල්ස් සාචි හට විකුණන්නේද යන්න විමසු විට ඔහු පවසා සිටියේ ‘‘ඔහුට ඔහුගේ මුදල් ඔහු ලගම තියා ගන්න පුලූවන්,මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළ`ග තියා ගන්නවාට වඩා මගේ නිර්මාණ මිනිස්සු දස දහස් ගණනක් අතරේ තබන්න’’යනුවෙනි.
බැන්ස්කිගේ ජනප‍්‍රිය බාවය හේතුවෙන් භසනැ සමාගම ඔහුට තම සමාගම වෙනුවෙන් වෙළ`ද දැන්වීම් නිර්මාණය කිරිමට ආරාධනා කල විට එම යෝජනාව ප‍්‍රතික්ෂේප කරමින් ඔහු පවසා සිටියේ ‘‘මම විකිණෙන්න කැමති නැ.මම කැමති මගේ නිර්මණ වෙනුවෙන් අවධානය යෝමු කරන්න.’’යනුවෙනි.
බැන්ස්කි විසින් නිර්මණය කරන ලැබු ඩයනා කුමරියගේ රුව රුගත් බි‍්‍රතාන්‍ය පවුම් 10ක ව්‍යාජ මුදල් නෝට්ටුව දැඩි ආන්දෝලනයකට ලක් වු අතර නිර්මාණයකි.සාමාන්‍යයේන් බි‍්‍රතාන්‍ය පවුම් නෝට්ටු හා කාසි සදහා යොදා ගනු ලබන්නේ බි‍්‍රතාන්‍ය රුජිනගේ රුවය.බි‍්‍රතාන්‍යයේ ඩයනා කුමාරිය රජ පවුල තුළ දැඩි ආන්දෝලනයකට ලක් වු කුමාරියක්ය.ඔහු ඩයනා කුමාරිකාව යොදා ගත්තා පමණක් නොව නෝට්ටුවෙහි ඉ්බන දෙ ෑබටක්බා යන්න වෙනුවට ඉ්බනිහ දෙ ැබටක්බා ලෙස වෙනස් කොට තිබුනි.මෙම මුදල් නෝට්ටුව එංගලන්තයේ කලූ ජාතිකයන්ගේ සාම්ප‍්‍රදායික උත්සවයක්වන නොට්සග්ගම් සැනකෙළියේදි බෙදා හැර ඇත.ඇතැම් පුද්ගලයන් මෙම නෝට්ටුව හුවමාරු කර භාණ්ඩද ලබා ගෙන තිබුනි.එසේම දැනටද මෙම මුදල් නෝට්ටුව ෑඉමහ වෙබ් අඩවිය තුළ පවුම් 100වඩා අධික මුදලක් දක්වා දැනටමත් විකිනෙමින් පවති.
බැන්ස්කි චිත‍්‍ර ශිල්පියෙක් පමණක් නොව වාර්තා චිත‍්‍රපට අත්්ධක්ෂකවරයෙකුද වේ.ඔහු විසින් නිර්මාණය කරන ලද ැංසඑ එයරදමටය එයැ ටසෙෙ ියදච  නම් වාර්තා චිත‍්‍රපටය 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොදම වාර්තා චිත‍්‍රපටය ලෙස නිර්දේශ විය.බොහෝ පිරිසක් බැන්ස්කි මෙම උළෙලට සහභාගි වේ යැයි බලා පොරොත්තු වුවත් බැන්ස්කි මෙම සම්මාන උළෙලෙට සහභාගි නොවිය.
බැන්ක්සි විසින් පලස්තීන බටහිර ඉවුර ප‍්‍රදේශයේ ඊශ‍්‍රාලය හා පලස්තීනය වෙන් කිරිමට ඉදිකර ඇති සැතැපුම් 425ක් දිග තාප්ප මත ග‍්‍රැෆිට් චිත‍්‍ර 09ක් නිර්මාණය කර ඇත.මෙම ප‍්‍රදේශය යනු දැඩි අවදානම් සහිත ප‍්‍රදේශයකි නමුත් පලස්තීන ජාතිකයන්ව පීඩාවට පත් කිරීමට එරෙහිව ඔහු ජිවිත අවදානමද නොතකා නිර්මාණ කරනයේ යෙදුනි.
බැන්ක්සිගේ නිර්මාණ නොමිලේ බාගත කර ගැනිම සදහා ඤඅඅඅගඉ්බනිහගජදගමන% වෙබ අඩවියට පිවිසිම මගින් හැකි වේ.ඒ සම්බන්දව ඔහු මෙසේ වෙබ් පිටුවේ සදහන් කර ඇත.‘‘ ඔබගේ පුද්ගලික පරිහරණය සදහා  ඕනෑතරම් බාගත කිරීම සදහා මම ආරාධනා කරමි ඒත් මින් ඔබ තමන්ගේම නිර්මාණ කිරිමට හෝ විකිණිම සදහා යැයි කියමින් නිල වශයෙන් හෝ සැබෑ බැන්ක්සි නිර්මාණ යැයි පැවසීම නරකය,හො`දටම වැරදිය.’’
දහස් ගණන් නිර්මාණ කරුවන් අතරින් අපට බැන්ක්සිව කියවා ගැනීම වැදගත් වන්නේ වර්තමානය තුළ තමාව විකුණා ගැනීමට සැම උත්සහයක්ම ගන්නා මිනිසුන් අතර නොවිකිණි සමාජ අරමුණක් සහිතව නිර්මාණ කරනයේ නියැලූනු සේම ජිවිත භාවිතය තුළ ක‍්‍රියාවෙන් පෙන්වා දුන් කලාකරුවෙක් ලෙසට ඔහුගේ ජිවිතය තුලින් අපගේ ජිවිතට එකතු කරගත හැකි බෝහෝ දේ ඔහු සතුව පැවැති නිසාවෙනි.




කොටේෂන්  වරක් මාධ්‍ය විසින් සුප‍්‍රකට සාචි හා සාචි සමාගමේ හිමිකරු චාල්ස් සාචි ඔහුගේ රසිකයෙකු වන නිසා තම නිර්මාණ චාල්ස් සාචි හට විකුණන්නේද යන්න විමසු විට ඔහු පවසා සිටියේ ‘‘ඔහුට ඔහුගේ මුදල් ඔහු ලගම තියා ගන්න පුලූවන්,මම කැමති මගේ නිර්මාණ එක් අයෙක් ළ`ග තියා ගන්නවාට වඩා මගේ නිර්මාණ මිනිස්සු දස දහස් ගණනක් අතරේ තබන්න’’යනුවෙනි.

Wednesday, August 7, 2019

වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය!

වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර් 32215ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය!




වකුගඩු රෝගයේ ව්‍යාප්තියට ග්ලයිෆොසේට් සැලකිය යුතු දායකත්වයක් සපයා ඇති බව පසුගිය කාලය පුරාම ආන්දෝලනයට ලක් වූ පුවතකි. වල් නාශකයක් වන ග්ලයිෆොසේට් හෙවත් රවුන්ඩෆ් අන් කෘෂි රසායන වර්ගවලට වඩා කීප ගුණයක් විෂ සහිතය. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පමණක් ග්ලයිෆොසේට් හේතුවෙන් මොන්සැන්ටෝ සමාගමට ගොණු කළ නඩු 500කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ. ග්ලයිෆොසේට් හේතුවෙන් පිළිකා රෝගියෙකු වූ ඇමරිකානු ගොවියෙකුට වන්දි ගෙවීමට අධිකරණය නියම කළ පුවත මෙරට මාධ්‍ය ජාලා තුළ ද ප්‍රචාරය විය.

වකුගඩු රෝගයට රැවටිලිකාර පැලැස්තර විසඳුම් දෙන ලංකාවේ පාලකයො වරින් වර යම් යම් කෘෂි රසායන සඳහා තහනම් නියෝග නිකුත් කළ අතර ඊට සමගාමීවම තහනම් කළ කෘෂි රසායනය වෙනුවට ඊටත් වඩා භයානක තවත් නිෂ්පාදනයක් හඳුන්වා දෙන්නට යෙදුණි. 2010 වසරේ පැරකොට් තහනම් කොට ග්ලයිෆොසේට් හඳුන්වා දුන්නේ එසේය. 2015 ග්ලයිෆොසේට් ද තහනම් කෙරිණි. නමුත් 2018 දී නැවත එම ග්ලයිෆොසේට් තහනම ද ඉවත් කෙරිණි.

ග්ලයිෆොසේට් තහනම් කළේ ම එය විනාශකාරී බව ඔප්පු වූ හෙයිනි. නමුත් මොන්සැන්ටෝ සමාගමේ කොමිස් කුට්ටි මගින් ග්ලයිෆොසේට් අනතුරු දායක නොවන ඉතා යහපත් දෙයක් බවට පත් විය. කෙතරම් ද යත් පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා මාධ්‍ය හමුවක් පවත්වා ග්ලයිෆොසේට් දියකර පානය කළ හැකි බව පැවසීය. නවීන් දිසානායක වැවිලි කර්මාන්ත ඇමතිවරයා ග්ලයිෆොසේට් විෂ සහිත බව තමන්ට කිසිවෙක් දැනුම් දී නැති බව සඳහන් කළේය. කෙසේ හෝ අවසානයේ ග්ලයිෆොසේට් තහනම ඉවත් කෙරිණි.

ග්ලයිෆොසේට් තහනම ඉවත් කළ හොත් තමන් දේශපාලනයෙන් ඉවත් වන බව අතුරලියේ රතන හිමි විසින් ප්‍රකාශ කරන ලදී. මාධ්‍ය ඉදිරියේ කඳුළු කැට පවා සට සට ගා සලන ලදී. නමුත් ග්ලයිෆොසේට් තහනම ඉවත් වූ පසු එම විරෝධය ද ඉවත් විය. ආණ්ඩුවට විරුද්ධව නැගෙන ජනතා විරෝධයක් කළමනාකරණය කිරීමට උන්වහන්සේට ඇත්තේ පුදුම ප්‍රාතිහාර්ය ශක්තියකි. දැන් මැතිවරණ ව්‍යාපාරය සඳහා වළඳන්නට රතන හිමියන්ට වෙන මස් කට්ටක් ලැබී ඇත.

දැන් ග්ලයිෆොසේට් ටොන් ගණනින් නැවත මෙරටට ආනයනය කරයි. ග්ලයිෆොසේට් ආනයනය සඳහා සිපෙට්කෝ සමාගමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.මෙසේ අනුමැතිය ලබා දී ඇත්තේ  ඕස්ට්‍රේලියා‍වට අපනයනය කළ හැකි මල් හා විසිතුරු පැළෑටිවල වර්ධක ප්‍රචාරණය විය හැකි අයිතමවල ප්‍රරෝහණ හැකියාව නිෂ්ක්‍රීය කිරීමට භාවිතා කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 200ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය මත අදාළ අපනයනකරුවන් වෙත ලබා දීම සඳහාත්, උක් වගාවේ සුදු පත්‍ර රෝගය පාලනය කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 31,815 උක් පර්යේෂණ ආයතනය වෙත ලබා දීම සඳහාත්, වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 200ක් පොල් පර්යේෂණ ආයතනය වෙත ලබා දීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව මඟින් නිර්දේශිත කොන්දේසිවලට යටත්ව වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර 32,215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මඟින් බෙදා හැරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ  අනුමැතිය හිමිවී ඇත.

Tuesday, August 6, 2019

කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී කෘති දෙකක් දොරට වඩි.




 
අසංක සායක්කාරගේ ‘වසරේ හොඳම කෙටිකතාව’ නම් කෙටිකතා සංග්‍රහයය හා  විමල් කැටිපෙආරච්චි විසින් රචිත "එන්ජීඕ - නැළවෙන ගී මැද ඕවිල්ල"  අගෝස්තු 7 වෙනිදා සවස 3:30ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී දොරට වඩි.

Monday, August 5, 2019

QAAC පනත ඉරා දමනු! අන්තරේට කදුළු ගෑස් හා ජල ප්‍රහාර




අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කොට ඇත. ලෝටස්  මංසංධියෙදී රඳවා තිබු  පොලිස් මාර්ග බාධක ඉවත් විරෝධතා කරුවන්  ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය   පා ගමන විසුරුවා හැරීමට   කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ඇත

තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු..!

වෛද්‍ය සභාව වෙත නිකුත් කළ අධිකරණ නියෝග හරහා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ කුමන්ත්‍රණය පරදවමු..!

ජන බලයෙන් පැරද වූ සයිටම් හොර උපාධි කඩයට යළි පණදීමේ කුමන්ත්‍රණය පරදවමු..!


යන සටන්පාඨ  මුලික කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.

Thursday, July 18, 2019

අයිතීන් ඉල්ලා කම්කරුවන් වීදි බසී







කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ‌ජූලි 18 දින
කොළඹදී උද්ඝෝෂණයක් හා පාගමනක් සංවිධානය කර තිබිණි.
  • ඡන්ද පොරය හමුවේ කම්කරු අයීතීන් යටකිරීමට ඉඩ නොදෙමු!
  • නව කම්කරු ධවල පත්‍රිකාව, CTA_PTA මර්දන පනත් පරදවමු!
  • විශ්‍රාම වැටුපට, අර්ථ සාධකයට අත නොතබනු!
  • රාජ්‍ය, පෞද්ගලික, වතු සේවක වැටුප් වැඩි කරනු!
යන සටන් පාඨ මුල්කරගනිමින් කොළඹ, මරදානේ එල්ෆින්ස්ටන් රගහල අසළින් ආරම්භ වූ පාගමන ටෙක්නිකල් හන්දිය, පිටකොටුව බස්නැවතුම ඉදිරියෙන් කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන්කරන ලදී. ඉන්පසු දුම්රියපොළ ඉදිරිපසදී විරෝධතා උද්ඝෝෂණයක් ලෙස අවසන් විය.

Wednesday, July 17, 2019

ජපුර සිසුහු ගැටලුවලට විසදුම් ඉල්ලා විදී බසී.

 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යන හා සුභසාධන ගැටළු වලට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුහු  2019.07.17 වන දින විරෝධතා ගමනක් සංවිධානය කර තිබුණි. විරෝධතා පා ගමන සෞන්දර්යය  විශ්වවිද්‍යාල භූමියෙන් ආරම්භ වී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කර ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශය දක්වා යන  ලදී.

පා ගමන,
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින උග්‍ර අධ්‍යයන හා සුබසාධන ගැටළු වහා විසඳනු.!
යන මුලික  සටන්පාඨය ඇතුළු,.


-අවශ්‍ය සියලු සිසුන්ට නේවාසිකාගාර පහසුකම් වහා ලබාදෙනු!
ස්ථිර නේවාසිකාගාර සංකීර්ණයක් වහා ඉදිකරනු !

-ආචාර්‍ය්වරු නෑ, දේශනශාලා නෑ,
විද්‍යාගාර නෑ,
තාක්ෂණ පීඨයේ සියලු අධ්‍යන සුබසාධන ගැටලු වහා විසඳනු !

-ඉංජිනේරු පීඨ සංකීර්ණය වහා ඉදිකරනු !

-ශාස්ත්‍ර පීඨයේ නව පීඨ ගොඩනැගිල්ල වහා ලබාදෙනු !

-කළමනාකරණ පීඨයේ ඉදිකිරීමට යෝජිත නව පරිගණක මධ්‍යස්ථානය හා ඉංග්‍රීසි ඉගැන්වීමේ ඒකකය වහා ඉදිකරනු !

-නව ශ්‍රවණාගාරයක් වහා ලබාදෙනු !

-විශ්වවිද්‍යාලයේ පවතින ක්‍රිඩා ගැටලු වහා විසඳනු !
අංග සම්පූර්ණ නව ක්‍රීඩාගාර සංකීර්ණයක් වහා ලබාදෙනු !

ඉල්ලීම් 07ක් මුලික කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.

Tuesday, July 9, 2019

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත යළිත් කරළියට..



පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමේ ආණ්ඩුවේ අරමුණු ඉදිරියට ගෙන යමින් සියලූ පෞද්ගලික හා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ බලය පවරනු ලබන ආයතනයක් බිහි කිරිමට අවශ්‍ය නීති කෙටුම්පත් මේ වනවිට ආණ්ඩුව විසින් සකස් කර ඇත.

2012 වසරේදී හඳුන්වාදීමට සූදානම් වූ ‘තත්ව සහතික කිරීමේ හා ප‍්‍රතීතන පනත’ යටතේ මෙම උත්සාහය ගෙන එනු ලැබූ නමුත් විරෝධතා මධ්‍යයේ එය හකුළා ගන්නා ලදී. ඉන්පසුව ‘සයිටම්’ හොර උපාධි ආයතනය නීතිගත කිරිමේ ක‍්‍රියාවලියට අදාළව මෙම පනත හඳුන්වා දීමට ආණ්ඩුව උත්සාහ ගනු ලැබුවද ශිෂ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩ අරගල හමුවේ ‘සයිටම්’ ආයතනයද අහෝසි කිරීමෙන් පසුව නැවත එම පනත සම්මත කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව ශිෂ්‍ය ක‍්‍රියාකාරීහු පවසති.

මෙම පනත යටතේ උසස් අධ්‍යාපන ආයතන ලෙස විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල, වෘත්තිය අධ්‍යාපන ආයතන නියාමනයට අදාළව පිහිටුවන තත්ව සහතික කිරීමේ හා ප‍්‍රතීතන කොමිසමක් හරහා එක් එක් වෘත්තීන්ට අදාළ වෘත්තීයවේදී ආයතනද අධික්ෂණයට ලක් කරනු ලැබීමට නියමිතය. ඒ අනුව, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහළින් පිහිටුවන මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් හෝ නම් කළ නියෝජිතයකු, අමාත්‍යංශ අමාත්‍යංශ ලේකම් හෝ නම් කළ නියෝජිතයකු, වි.වි. ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති හෝ නම්කළ අයකු, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති හෝ නම්කළ අයකු වශයෙන් නිල බලයෙන් සිවු දෙනකු පත් වේ. එසේම උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් නම්කරණ 15 දෙනකු අතුරින් ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවන වත් 9 දෙනකු මෙම කොමිෂන් සභාවට පත් වේ. මේ අනුව, රාජ්‍ය ආයතනවල සහ කොමිෂන් සභාවල නියෝජිතයන්ද ආණ්ඩුවෙන් පත්කරන පසුබිමක, ඇමතිවරයාගේ යෝජනා අනුව, පත්කරන දේශපාලන නියෝජිතයන් 9 දෙනකු මෙම කොමිසමේ සාමාජිකයෝ වෙති. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහලින් ඇති මෙම ආයතනය දේශපාලන බලය හරහා කටයුතු කරන අතර රජයේ හා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයකනය නියාමනය සඳහා කටයුතු කරයි.

මේ අනුව, මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනයට මෙම දේශපාලන බල ව්‍යුහය කටයුතු කරනු ඇත. එසේම එම කොමිසමේ ලියාපදිංචිවීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන විසින් ලිඛිතව ඉල්ලූම් කළ යුතුව ඇත. එසේම පෞද්ගලික ආයතන ලෙස පවතින ඇතැම් ආයතනවල පාඨමාලා සියල්ල ලියාපදිංචි නොවන පසුබමකදී වුව ඒවා කොමිසමේ ලියාපදිංචිය ලබාගත් පසුව, වසර 5ක කාලයක් සඳහා පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක පවත්වන පිළිගත් පාඨමාලා ලෙස සැළකිල්ලට ලක්වන්නට නියමිතය. ඒ අනුව, උසස් අධ්‍යාපන ආයතන ලෙස නොව, පෞද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කර වංචනික ලෙස උසස් අධ්‍යාපන සහතික විකුණන ආයතනවලට නිරායාසයෙන්ම රජයේ පිළිගැනීම හිමිකර දෙන්නට මෙම පනත සකස් කර ඇති බව අනාවරණය වේ.

මෙහි ඇති බරපතළම කාරණය වන්නේ මෙම පනත යටතේ පිහිටුවන කොමිෂන් සභාවේ සාමාජිකයන්ට තමන් විසින් ඉටුකරන කාර්ය පිළිබඳ චෝදනා කරමින් ලංකාවේ සිවිල් නීතිය යටතේ නඩු පැවරිමට නොහැකි වීමය.

මේ දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරක්ෂා කරගන්නට ශිෂ්‍ය ව්‍යාපාරය, ආචාර්යවරු, මව්පියන්, ප‍්‍රගතිශීලි සමාජ ව්‍යාපාර ඇතුළු ජනතාව විසින් ගෙන ගිය අරගල සියල්ල ආපස්සට තල්ලූ කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල සම්බන්ධ තීන්දු ගැනීමට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ඉහලින් කටයුතු කළ හැකි මෙම පනත මෙරට අධ්‍යාපනයට ඇති අයිතිය සම්පූර්ණයෙන් වළලා දැමීමේ උත්සාහයක් බැවින් එය අහෝසිකිරිමට සියලූ දෙනා එක්ව මැදිහත් විය යුතුව ඇත.

අන්ත‌‌රේ පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප්‍රහාර



අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප්‍රහාරය එල්ල කොට ඇත.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වූ විරෝධතා පා ගමන,ඇද හැලුනු දැඩි වර්ෂාවද නොතකා කොල්ලුපිටිය මං සංධිය  දක්වා ගිය අතර,කොල්ලුපිටිය මං සංධියෙදී රඳවා තිබු  පොලිස් මාර්ග බාධක ඉවත් කර ඉදිරියට ගමන් කිරීමට උත්සහ කිරීමේදී පොලිසිය  පා ගමන විසුරුවා හැරීමට මෙලෙච්ඡ  ලෙස  කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන ලදී.


-ජන්ද ගුණ්ඩු එපා. අධ්‍යාපනය විකුණන මඩකලපුව උපාධි කඩය වහා අහෝසි කරනු!

- නාගානන්ද සිබා NSBM කොතලාවල ඇතුළු උපාධි කඩ වහා අහෝසි කරනු!

-තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතනය කිරීමේ මුවාවෙන් ගෙනඑන පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමවු!

-ජනතාවනි,
නිදහස් අධ්‍යාපනය වනසන නව පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව සටන් වදිමු!

- ජාතික ආගමික පදනමින් පාසල් - සරසවි එපා!

- සිසු කම්කරු පොදුජන අරගල මැඩලීමට ගෙනඑන ප්‍රති ත්‍රස්ත පනත වහා හකුලා ගනු!

- සිසු නිදහස තහවුරු කරනු. අන්තවාදයට මුවාවී කරන මර්දනය නවතනු!

යන සටන්පාඨය ඇතුළු ඉල්ලීම් 07ක් මුලික කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණ.