Friday, January 31, 2020

බදදාගැනීමේදී අසාධාරණයට ලක්වූ සියලු සිසුන් බදවා ගනු! සත්‍යග්‍රහයට දින 24යි.

ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට බදවාගැනීමේදී අසාධාරණයට ලක්වූ සිසුන් බදවාගන්නා ලෙස බලකරමින් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග්‍රහයට අද(02/01)ට දින  24ක් ගතවී ඇත.
සංඝමිත්තා විද්‍යාලයට බදවාගැනීමේදී අසාධාරණයට ලක්වූ සියලු සිසුන් පාසලට බදවා ගන්නා ලෙසත් ඊනියා චක්‍රලේක හරහා සිසුන් මහමගට ඇද දැමීම නවතන ලෙසත් සියළු සිසුන්ට පහසුකම් සහිත පාසලක් ලබාදෙන ලෙසත් බලධාරීන්ට බලකිරීම මෙම සත්‍යග්‍රහයේ අරමුණයි. ජනවාරි 08 සිට සත්‍යග්‍රහයේ නිරත සිසුන්ගේ දෙමාපියන් පවසන්නේ සංඝමිත්තා විද්‍යාලය පේතෙක් මානයේ පදිංචිව සිටින සහ පාසලේ ආදි ශිෂ්‍යන්ද වන තමන්ගේ දරුවන් වෙනුවට වෙනත් සිසුන් පාසලට බදවාගෙන ඇති බවයි.
නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයද මෙම අරගලයට සහයෝගය දක්වයි.

0 comments:

Post a Comment