Thursday, January 2, 2020

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ උසස් අධ්‍යාපන ඇමති අතර සාකච්ජාවක්..



සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබුණි.ඒ එම විශ්වවිද්‍යාලයට සිසුන් බදවාගැනීමේදී පැවති ප්‍රායෝගික පරීක්ෂණ අහෝසි කිරීමට කටයුතු කිරීමට විරෝධතාව දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලිපියක් බාරදීම සදහාය.කොමිෂන් සභාවේ සභාපතිවරයෙකු හා කාර්ය මණ්ඩලය තවමත් පත් කර නොමැති නිසා ලිපිය භාරගත නොහැකි බව පොලීසිය පැවසූ නමුත් සිසුන්ගේ දැඩි විරෝධය හමුවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව ලබා දෙන ලදී.එහිදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කොට ලිපිය භාර දෙන ලදී. එම සාකච්ඡාවේ සමාලෝචනයක් පහත දැක්වේ.
සාකච්ඡාවේදී පහත කරුණු අමාත්‍යවරයාට අවධාරණය කරන ලදී.
1. 2019/12/02 උසස් අධ්‍යාපන ඇමතිවරයා සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම ගැටලුව ලිඛිතව ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයා විසින් සති 02ක් ඇතුළත විසඳුම් ලබාදීමට පොරොන්දු වූ නමුත් එය පුස් පොරොන්දුවක් පමණක් වීම.
2. මින් පෙර ද අවස්ථා කිහිපයකදීම උසස් අධ්‍යාපන ඇමතිවරයාට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලිපි යොමු කරමින් විසඳුම් ලබා දෙන ලෙස පැවසූ නමුත් ඒවා නොසලකා හැරීම.
3. ප්‍රායෝගික පරීක්ෂණය හා යෝග්‍යතා පරීක්ෂණ අත්හිටුවීමට 2012 වසරේදී ද කටයුතු කළ අතර ආචාර්යවරුන්, සිසුන් සහ දෙමාපියන් විරෝධය දැක්වීම හේතුවෙන් එය හකුළා ගත් බව හා ඒ වන විට බලය ආණ්ඩු හෙබවූයේ වත්මන් ආණ්ඩුව නියෝජනය කරන පාලකයන්ම වන බව.
4. ප්‍රායෝගික පරීක්ෂණය හා යෝග්‍යතා පරීක්ෂණ අහෝසි කිරීමට තීරණය කිරීමේදී ආචාර්යවරුන්ගේ, විෂය ප්‍රවීණයන්ගේ අදහස් විමසීමක් හෝ නොකර අත්තනෝමතිකව සිදුකර ඇති බව හා එම පරීක්ෂණයන් අහෝසි කිරීමට අවම වශයෙන් නිසි හේතු පැහැදිලි කිරීමක් හෝ සිදුකර නොමැති බව.
5. ප්‍රායෝගික පරීක්ෂණය හා යෝග්‍යතා පරික්ෂණය අහෝසි කිරීමට ගත් තීරණය විසින් විශාල සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදුව ඇති බව හා එම තීරණය වහා ම හකුළාගත යුතු බව.
මේ සඳහා අමාත්‍යවරයා විසින් ලබදෙන ලද පිළිතුරු,
1. මෙම ගැටලුව පිළිබඳව තමන් නොදැන සිටි බව.
2. 2012 වසරේ ප්‍රායෝගික පරීක්ෂණ හා යෝග්‍යතා පරික්ෂණ අත්හිටුවීම පිළිබඳව තමන් කරුණු නොදන්නා බව.
3. ආචාර්යවරුන් හා විෂය ප්‍රවීණයන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා සිදුකරන බව.
4. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව කාර්යමණ්ඩලය අද දින පත් කරන බව හා පත් කළ වහාම පළමු කාර්ය ලෙස මේ සඳහා විසඳුම් ලබාදෙන බව. වාර්ථාකොට තිබුණි.



0 comments:

Post a Comment