Tuesday, December 24, 2019
වැලි පස් ගල් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම සම්බන්ධව පරිසර සංවිධාන හා පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව.
ගල් වැලි හා පස් ප්‍රවාහනය සඳහා නිකුත් කරන ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට පසුගියදා ආණ්ඩුව කැබිනට් තීරණයක් ගෙන තිබිණ. ඒ සමඟ ඇති වන පරිසර ගැටළු සම්බන්ධව දැනුවත් කිරීමට හා පරිසරය විනාස කිරීමට ජාවාරම් කරුවන්ට ඉඩ දෙන මෙම තීරණය වහා හකුලා ගන්න ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා පරිසර සංවිධාන හා ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද (24) කොළඹ ජාතික පුස්තකාල සම්මන්ත්‍රණ ශාලවේදී පැවැත්වින. ඒ සඳහා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සංවිධානය නියෝජනය කරමින් සජීව චාමිකර, පරිසර උපදේශක කපිල රාජපක්ෂ, පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අදුරත්විල චන්ද්‍රජෝති ස්වාමීන්වහන්සේ, YOUTH FOR CHEnge ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර යන අය සහභාගී විය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment