Thursday, December 19, 2019

ජ'පුර සිසුන් සත්‍යග්‍රහයක..



උපාධි විකිණීමේ අරමුණින් සිදුකරන තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධි කප්පාදුව_වහා_නවතනු.. !!!

පාලකයිනි,
ව්‍යාජ විසදුම් එපා !!!

තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව සදහා අධ්‍යනාංශයක් වහා ස්ථාපනය_කරනු..!! යන සටන්පාඨ මූලික කරගනිමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් සහ එක් දින සත්‍යග්‍රහයක් අද (2019.12.19) දින විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පැවැත්විණ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ 2013 වර්ෂයේදී ආරම්භ කරන ලද තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව මෙ වන විට කප්පාදු කර තොරතුරු තාක්ෂණවේදී උපාධියක් දක්වා පහල හෙලීමට විශ්වවිද්‍යාල පරිපාලනය මේ වන විට කටයුතු කර ඇත.

මෙහිදී සිසුන්ගේ අධ්‍යාපන අයිතිය දිගින් දිගටම උල්ලංඝණය කරන පරිපාලනය සිසුන්ගේ ජීවිත අනතුරේ හෙලමින් තවදුරටත් මෙම කපාදුව කරගෙන යමින් පවතියි.

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් වනුයේ,
මේ වන විට බදවාගෙන ඇති සියලු සිසුන්ට තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධියක් ලබා දෙන ලෙසත් , උපාධියේ පවතින සියළු ගැටළු විසදීමට අධ්‍යනාංශයක් ලබා දෙන ලෙසත් , තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව තවදුරටත් පවත්වාගෙන යන ලෙසත් ය..



0 comments:

Post a Comment