මරණ සහතික ලබා දී සියලු අතුරුදහන් කිරීම් යට ගැසීමේ උත්සාහයට එරෙහි වෙමු! යන සටන් පාඨය මුල් කරගනිමින් සම අයිතිය ව්‍යාපාරය විසින් 02/11 දින විරෝධතාවක් සංවිධානය කර තිබිණි. පසුගිය දිනක ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ විසින් එක්සත් ජාතින්ගේ නේවාසික නියෝජිතවරිය හමුවේ ලංකාවේ අතුරුදහන් කිරීම් සිදුවී නොමැති බවත් අතුරු දහන් වුවන් ලෙසින් හදුන්වන්නේ යුද්දය තුලදී මියගිය අය බවත් ඒ සියලු දෙනාට මරණ සහතික ලබා දෙන බවත් ප්‍රකාශ කර තිබිණි. නමුත් යුධ කාලසිමාවෙන් පසුව දහස් ගණනින් අතුරුදහන් කිරීම් සහ පැහැරගැනිම් සිදුවූ බව නොරහසක්. මරණ සහතික ලබාදීම හරහා ඒ අතුරුදහන්කිරීම් සියල්ල යට ගැසීමට ආණ්ඩුව උත්සහ කරන බවයි සම අයිතිය ව්‍යාපාරය චෝදනා කරන්නේ.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment