Wednesday, February 5, 2020

දරුවන්ට පාසලක් ඉල්ලුවන් අත්අඩංගුවට ගනී

ගාල්ල සංඝමිත්තා විදුහල සහ රිච්මන්ඩ් විදුහල්වලට දරුවන් ඇතුළත් කර නොගැනීම සම්බන්ධව විරෝධය පළ කිරීමට පාසල් දරුවන් හා මව්පියන් පැමිණ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට වාඩි ගෙන සිටින බව වාර්තා වේ.
‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය‘ විසින් මෙම විරෝධතාව කැඳවා ඇත. සංඝමිත්තා විදුහලේ පළමුවැනි ශ්‍රේණියට පාසල ආසන්නයේ පදිංචි නිවෙස්වල දරුවන් 4 දෙනකුද රිච්මන්ඩ් විදුහල ආසන්නයේ පදිංචි එක් දරුවකුද ඇතුළත්කර නොගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලට පාසල් පාලනය හෝ අධ්‍යාපන අමාත්‍යංශයෙන් විසඳුම් නොලැබීම නිසා මෙවැනි පියවරක් ගත් බව මව්පියෝ පවසති.
තම දරුවන්ට පළමු වසර සදහා බාර ගන්නා ලෙස දෙමාපියන් විසින් සත්‍යක් ග්‍රහයක් දින තිහක් පුරාවට සිදු කර ද විසදුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට තම විරෝධතාවය සිදු කරනු ලැබුවේ.මෙලෙස විරෝධතාවයට සහභාගී වූ දෙමයියන්,සිසුන් අත් අඩංගුවට අරන් ඇත  


0 comments:

Post a Comment