Tuesday, February 4, 2020

ඊනියා නිදහස් දින සැමරුම් අතරේ වතුකම්කරුවන් තම සැබෑ නිදහස වෙනුවෙන් කොළඹ දී උද්ඝෝෂණයක.




වතුකම්කරුවන්ට කෝ නිදහසක්?’ තේමාව යටතේ වතුකම්කරු මධ්‍යස්ථානය විසින් අද දින කොළඹ දී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

වතුකම්කරුවන් වසර 200කට අධික කාලයක සිට දරුණු ශ්‍රම සූරාකෑමකට ලක්වෙමින් මෙරට ආර්ථිකයේ සහ සංවර්ධනයේ ප්‍රධාන පංගුව සදහා තම ජීවිතයම වත්තේ දියකර හරිමින් සිටී.
එනමුදු අද වනතුරුම ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක්,ඉඩමක්,මූලික මිනිස් අයිතිවාසිකම් වන අධ්‍යාපන සහ සෞඛ්ය අතීන් ද පවා අහිමිව වහල් ශ්‍රමිකයන් මෙන් වත්තකට සිරකර තබා ඇත.
තවදුරටත් මැතිවරණ වේදිකා වල තොරම්බල් කිරීම් සහ ව්‍යාජ වෘතීය සමිති වල ගොදුරු බවට පත්වීමට ඉඩනොදී වතුකරයේ ජනතාවගේ නිදහස දිනාගැනීම වෙනුවෙන් සැබෑ ජනතා බලයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් වතුකම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මෙම උදඝෝෂණයට වතුකරයේ ජනතාව නියෝජනය කරන සංවිධාන,සිවිල් ක්‍රියාධරයන් ඇතුළු පිරිසක් සහභාගී සිටියහ.. 

0 comments:

Post a Comment