Thursday, December 12, 2019

ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 7ගුණයකින් ඉහළට..ලංකාවෙ අපිට කෙසේ බලපාවිද?



ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රථිපලයක් ලෙස ග්‍රීන්ලන්තයේ අයිස් දියවීම 1990දී පැවතියාට වඩා හත් ගුණයකින් වේගවත් වී ඇති බව විද්‍යාඥ්‍යන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයක් මගින් පෙන්වා දී තිබෙනවා.වසර් 26ක් පුරාවට එක් රැස් කරන ලද චන්ද්‍රිකා ජායාරූප විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම නිගමනයට එලඹ තිබෙනවා.

ගෝලීය උෂ්ණත්වය පසුගිය දශකය තුළ පමණක් සෙල්ශියස් අංශක 0.75කින් පමණ ඉහළ ගොස් තිබෙන අතර එය 2010 වර්ෂයේ සිට තවදුරටත් අඛණ්ඩව වැඩිවෙමින් පවතී..

එම නිසා ග්ලැසියර දියවීමෙන් සාගර ජලමට්ටම ඉහළ ගොස් දූපත් සහ වෙරළබඩ ප්‍රදේශ යටවීම,උෂ්ණත්වය ඉහළ යාම නිසා ජීවීන්ගේ පැවැත්ම අභියෝගයට ලක්වීම,අධික වැසි සහ අධික නියග නිර්මාණය කිරීම, ලැව් ගිණි තත්වයන් ඉහළයාම, ලොව ආහාර සුරක්ෂිතතාව බිදවැටීම ඇතුළු අර්බුධ රැසක් නිර්මාණය කරමින් සිටින අතර ඒ හමුවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් දේශගුණික සරණාගතයන් බවට පත්වීමට නියමිත බව විද්‍යාඥයන් පෙන්වාදෙයි.

නමුත් ඛේදවාචකය නම්, ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට හේතුවන හරිතාගාර ආචරණ ක්‍රියාවලිය ත්‍රීවුර කිරීමට හේතුවන පොසිල ඉන්ධන දහනය ඇතුළු ක්‍රමවලින් මිනිසා විසින් වායුගෝලයට මුදාහරින හරිතාගාර වායු ප්‍රමාණය දශමයකින් හෝ අඩු කිරීමට අප සමත් නොවීමයි..එපමණක් නොව ඒ වෙනුවෙන් ඇතිකරගත් පැරිස් සම්මුතිය වැනි ජාත්‍යන්තර සම්මුතීන් වලින් පවා ලොව දෙවනුවට වැඩිම හරිතාගාර වායු විමෝචකයා වන ඇමරිකාව පවා ආර්ථිකයට පාඩු වූ බව පවසමින් ගිවිසුමෙන් ඉවත් වූ අතර ලාභ අරමුණ මූලික කරගත් මෙම ධනේෂ්වර ආර්ථික සැකැස්ම එහි මූලිකාංග වල සිටම වෙනස්කරගනිමින් සොභාදහමේ සහ මිනිසාගේ යහ පැවැත්ම මූලික කරගත් ආර්ථික ක්‍රමයක් ගොඩනගාගැනීමට කඩිනමින් කටයුතු නොකලහොත් අප සමාප්ති කාලයක් ජීවත් වූ මිනිසුන් බවට පත්කරමින් මින්ස් ශිෂ්ඨාචාරයම වදවීයාමේ අවදානමින් මිදීමට නොහැකි බවට දේශගුණික විපර්යාස පිලිබද විද්‍යාඥයන් සහ පරිසරවේදීන් අවධාරණය කරයි.

0 comments:

Post a Comment