විදෙස්ගත ලාංකික ස්ත්‍රී ශ්‍රමිකයන්ගේ ගැටළු වලට අදාලව කරන මැදිහත්වීමක් සඳහා අරමුදල් සපයා ගැනීමට කැට ව්‍යාපාරයක් කරමින් සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන් අද කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
ඔවුන් ස්වල්ප වේලාවකට පෙර මුදා හරින ලදමුත් පොලිසිය කියන්නේ දේශපාලන ව්‍යාපාර වලට ජනතාවගෙන් ආධාර ලබා ගැනීමට බාධාවක් නැතත් ඒ වෙනුවෙන් ජනතාව සමග කතා නොකළ යුතු බවය. ඔවුන් පවසන ආකාරයට අප කැට අතේ තබාගෙන පාර අයිනේ සිටිය යුතු අතර ජනතාව සමග අපේ දේශපාලන අදහස් හෝ ආධාර ඉල්ලීමේ අරමුණු කතා කිරීමෙන් වැලකී සිටිය යුතුය.
මේ රෙගුලාසි පිටුපස ඇති දේශපාලන පදනම කුමක්ද? ධන කුවේරයන්ගෙන් සහ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්නා දේශපාලන ව්‍යාපාර ඉතිරි වී වැඩකරන ජනතාවගේ ආධාර මත යැපෙන දේශපාලන ව්‍යාපාර විනාශ වී යා යුතුය. සමාගම් හිමියන්ගේ ධන බලයට යට නොවන දේශපාලන ව්‍යාපාර වලට ජනතාව ඇමතීම තහනම් වේ. සමාජයට කතා කිරීමට අවශ්‍යනම් කෝටි ගණන් වැය කර මාධ්‍ය වල දැන්වීම් හරහා එය කළ හැක. නැතිනම් නිහඬ විය යුතුය. මේ නව පොලිස් රෙගුලාසි මෙන්ම මැතිවරණ සඳහා වන අපේක්ෂක ඇප මුදල් ඉහල දැමීම වැනි නීතිමය කකුල් මාට්ටු හරහාද පාලකයන් උත්සාහ ගන්නේ ඉහල පන්තියේ ධන බලයට අවනත නොවන, පහල පන්තියෙන් පෝෂණය වෙමින් පහල පන්තියට වග කියන දේශපාලනය වළලා දැමීමටය.
එය සිදු කිරීමට අප කිසිසේත් ඉඩ නොදෙන බව පමණක් දැනට සටහන් කර තබමු. පොලීසියෙන් පිටතට ආ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සහෝදරියන් කොළඹ කොටුවේ නැවත කැට ව්‍යාපාරය අරම්භ කර ඇත.
පුබුදු ජයගොඩ සහෝදරයාගේ facebook සටහන..
0 comments:
Post a Comment