Monday, February 3, 2020

වතු කම්කරුවන්ට කෝ නිදහසක්? වතු කම්කරුවන් හෙට කොළඹදී විරෝධතාවක..



වතු කම්කරුවන්ට කෝ නිදහසක්? යන තේමාව යටතේ වතු කම්කරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන උදෙඝෝෂණය සහ බහුජන සමුළුව හෙට (පෙබරවාරි 04 ) දින පෙ.ව 10ට කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ඊනියා නිදහස් දින සමරනු ලබනෙ මෙදින, මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් දශක ගණනාවක් පුරාවට බරපතල සූරෑකෑමට ලක්වෙමින්,නිවසක්,ඉඩමක් හෝ මූලික සෞඛ්‍ය සහ පෝෂණ අවශ්‍යතා පවා නොමැතිව වහලුන් මෙන් දිවිගෙවන අප සහෝදර වතුකම්කරු ජනතාවගේ සැබෑ නිදහස දිනාගැනීමේ අරගලය ශක්තිමත් කිරීම වෙනුවෙන් එක්වන ලෙස වතුකම්කරු මධ්‍යස්ථානය මෙරට සියළු ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලාසිටින බව එහි නියෝජිතයකු සදහන් කළේය.

0 comments:

Post a Comment