Saturday, January 18, 2020

යෝජිත කළමනාකරණ පීඨ සංකීර්ණය වහා ලබාදෙනු. පේරාදෙනිය සිසුන් මහජන පෙත්සමක් අත්සන් කරයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ යෝජිත කලමනාකරණ පීඨ සංකීර්ණය වහා ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරන ජනතා පෙත්සමක් සහ විරෝධතා බැනරයකට අත්සන් තැබීම අද(01/18) ආරම්භ කෙරුණා. අද මහනුවර, මාතලේ, කෑගල්ල, ගම්පොළ, කටුගස්තොට යන නගරවලදී පෙත්සම අත්සන් කිරීමට කටයුතු කර තිබිණි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමන්ඩලයේ විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකල අරගලයක ප්‍රතිඵලයක් ලෙසින් මීට වසර 7කට පෙර පේරාදෙනිය විශ්වවිද්‍යාලයට කළමනාකරණ පීටයක් දීනාගැනීමට හැකියාව ලැබුනත් ඒ සදහා යෝජිත පීඨ සංකීර්ණය තවත් ලබාදී නොමැත. මේ හේතුවෙන් සිසුන් සහ ආචාර්‍යවරුන් බලවත් පීඩාවන්ට පත්වන බවත් මේ ගැටළුව විසදාගැනීම සදහා අඛන්ඩව අරගල කරන බවත් කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමය සදහන් කරනවා.




0 comments:

Post a Comment