Sunday, July 14, 2013

අළුත් සන්ධානයක්


 
ISSN - 13913344
0713496896
ginisiluwa@gmail.com / rsusrilanka@yahoo.com
18 වන කාණ්ඩය 03 වන කලාපය
2013 ජූලි
අළුත් සන්ධානයක්


පාසල් සිසුන්ටත් සරසවි සිසුන්ටත් පරිගණක සාක්ෂරතාවය යම් පමණකට තිබෙන නිසා අප මෙම උදාහරණය ගනිමු. පරිගණක භාවිතයේදී කලින් කල එහි වර්ෂන් (Version) වෙනස් වන බව අපි දනිමු. පරිගණක ක‍්‍රීඩා වලදී ලෙවල් (Level) (මට්ටම) තෝරාගැනීමේ හැකියාවක් හා එය පියවරෙන් පියවර වර්ධනය වීමේ තත්ත්වයක් ඇති බව අපි දනිමු. මෙහිදී අපගේ ප‍්‍රස්තුත මාතෘකාවට වැදගත් කරුණ වන්නේ සෑම Version එකකදීම හෝ Level එකකදීම ඊට අනුරූප ක‍්‍රම (Method), උපකරණ (Tools) තිබීමයි. වීඩියො ගේම් (Game) එකකදී Level වෙනස් වූ පසු අදාල ආයුධ මගින් නව Level එක තුළ තරඟයක් දීම අසීරුය. එසේ වුවහොත් බොහෝ විට තරඟය අවසන් (Game Over) වනු ඇත.

ලංකාවේත් ලෝකයේත් දේශපාලනය තුළ පවතින්නේද මෙවැනි තත්ත්වයකි. ධනේෂ්වර පාලනය සමග ගැටීමේදී පැරණි හුරුපුරුදු සිමාවන් තුළ සිට එය හා ගැටීමට නොහැකි බව මේ වන විටත් අපට තහවුරු වී ඇත. ධනවාදය නිදහස් තරඟයේ අවධියේ සිට එහි අවසන් සහ ඉහළම අවධිය වන අධිරාජ්‍යවාදය දක්වා වර්ධනය වූ බවත්,පරිධියේ රටවල් පාලනය කිරීමේ උපක‍්‍රමය යටත් විජිත වාදයේ සිට නව යටත්විජිත වාදය දක්වා වර්ධනය වූ බවත්,නව යටත් විජිතයුගයේදී එහි ආර්ථිකඋපාය මාර්ගය සුභසාධන (කේන්සියානු,සමහරුන් රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය ලෙස හඳුන්වන)ධනවාදයේ සිට නව ලිබරල් ධනවාදය දක්වාත් රූපාන්තරණය වූ බව දේශපාලනය පිළිබඳ යම් හැදෑරීමක් ඇති අය දනී.

උදාහරණයකට නිදහස් අධ්‍යාපනය පිළිබඳ සීමාවක සිටි ශිෂ්‍ය ව්‍යාපාරයට මේ වන විට අධ්‍යාපනයේ නිදහස දක්වා සිය සටන් පාඨය පුළුල් කිරීම ගත හැක.නිදහස් අධ්‍යාපනය යන සටන්පාඨය තුළ පීඩිතයාට අධ්‍යාපනය ලබාදීමේදී අනුගමනය කළ යුතු ක‍්‍රමය පිළිබඳ සාකච්ඡුාකරන අතර,අධ්‍යාපනයේ නිදහස යන සටන් පාඨය තුළ අධ්‍යාපනයේ අන්තර්ගතයත් එය විසින් අධ්‍යාපනයේ ප‍්‍රජාවන්ට කර ඇත බලපෑමත් ධනපති පන්තිය සිය පැවැත්මට ඔළු සැකසීම සඳහා එය යොදාගන්නා ආකාරයත් පිළිබඳ අවධානය යොමු කරයි.

තවත් උදාහරණයක් ලෙස රාජපක්ෂ පාලනයට දේශපාලන විවේචන ගෙන ඒමට උත්සහ එජාපය හා ජවිපෙ සිදුකරමින් තිබෙන මත දැක්වීම ගත හැකිය.එජාපයේ මණ්ත‍්‍රය ‘‘වන්නේ ‘නවලිබරල් ධනවාදී’ ව්‍යාපෘතිය මහින්දට වඩා හොඳට අපි කරන්නෙමු’’ යන්නයි. ජවිපෙ ප‍්‍රධාන විවේචනය වන්නේ සොරාකෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා අධිරාජ්‍ය ගැතිබව යන්නයි. එජාපය අසාර්ථක වී ඇත්තේ සැබවින්ම රාජපක්ෂ පාලනය එජාපයට වඩා හොඳින් එය කරන බව ජනතාව (ඡුන්ද දායකයින්)හඟින නිසාය. ජවිපේ විවේචනයේ එල්ලය දුර්වලය. පැරණිය. එමෙන්ම එය සමස්ත අර්බුදය කැටිකර ගැනීමට ප‍්‍රමාණවත් නැත.අපගේ මුළු විවේචනය ස්ථානගත වන්නේ ‘නවලිබරල් ධනවාදය’ ලෙස ක‍්‍රියාත්මක වන සමස්ත ව්‍යාපෘතියටය.

ශිෂ්‍ය ව්‍යාපාරයටද මෙම අලූත් ලේබලය තුළ අත්කර ගත යුතු තවත් බරපතල දේශපාලන අදහසක් ඇත. ඒ ‘සිසු - කම්කරු සන්ධානය’ පිළිබඳ විශ්වාසයයි. ශිෂ්‍යයාට දිගින් දිගටම එන මර්දනයට හුදකලාව මුහුණ දිය නොහැක. එමෙන්ම ලංකාවේ සමාජවාදී විප්ලවයේ ගාමක බලවේගය කම්කරු පන්තියයි. එයත් සමග ගොඩනැගෙන ප‍්‍රබල සන්ධානයකින් තොරව ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය වාමාංශික පදනමකට ගෙන යා නොහැක. ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලන මතය වාමාංශික පදනමකට නොගෙන ඉදිරි අභියෝගවලට මුහුණ දිය නොහැක.

0 comments:

Post a Comment