සංවාද

සමාජවාදය වෙනුවෙන් මිනිසුන් ගොඩනැගීම
ශිෂ්‍ය ව්‍යාපාරය තුළත් සිදුකළ යුතුයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික - චමීර කොස්වත්ත සහෝදරයා

ජනතා විමුක්ති පෙරමුණ තුළ එහි ශිෂ්‍ය අංශය සමාජයේ විශාල සංවාදයකට බඳුන් වුණ, වැඩකොටසක් කළ ඒකකයක්. ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදුවූ සංවිධාන ඛණ්ඩනය තුළ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ස්ථාවරය කුමක්ද?
    ජනතා විමුක්ති පෙරමුණ තුළ සිදු වුණ සංවිධාන ඛණ්ඩනය පිළිබඳ මේ වෙන කොට හුඟක් දෙනෙක් දන්නවා. මූලිකව අපේ බෙදීම සිදු වුණේ පන්ති සහයෝගීතාවාදී දේශපාලනයට එරෙහිව කළ අරගලය නිසා. සභාග දේශපාලනය, ජාතිවාදී දේශපාලනය, වෘත්තිය සමිතිවාදය, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණවාදය, සුබසාධනවාදී ව්‍යාපාරවල වැඩ රටාව යන ඒවාට එරෙහිව තමයි මතවාදී අරගලය පැවතුනේ. ඒ මතවාදී අරගලයට දැනට ජවිපෙ තුළ සිටින නායකයින් මුහුණ දුන්නේ බොල්ෂෙවික් මූලධර්මවල ඉඳලා නෙවෙයි. සංවිධාන තුළ කරන කුමණ්ත‍්‍රණ තමයි ඔවුන්ගේ පිළිතුර වුණේ, ඉන් පසුව අපට වෙනම ව්‍යපාරයක් ගොඩනගන්න සිදුවුණා. ඒ ගමන තුළ තමයි අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය       ගොඩනගන්නේ.

එතකොට සමාජවාදී ශිෂ්‍ය සංගමයට මොකද වෙන්නේ?
    සැබැවින්ම සමාජවාදී ශිෂ්‍ය සංගමය තුළ ක‍්‍රියාත්මක වුණු සියලූ සහෝදර, සහෝදරියන් පාහේ මෙම ඛණ්ඩනය තුළ අපත් සමග සිටියා. කිහිප දෙනෙක් ජවිපෙ සමග එකතු වුණා. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සැබෑ අයිතිය ලැබිය යුත්තේ එහි සාතිශය බහුතරයට. ඒත් ඒ සඳහා නිමක් නැතිව සටන් කරන එක තේරුමක් නැහැ. ඒ වගේම අපි අලූත් දේශපාලන ව්‍යාපාරයක් නිසා ශිෂ්‍ය ව්‍යාපාරය තුළ වැඩ කළ සමාජවාදී ශිෂ්‍ය සංගමයටත් නව මුහුණු වරක් දෙන්න  ඕනි කියලා අපි හිතුවා. ඒ වගේම එය මීට පෙර අපි වැඩ කළ ආකෘතියට හා අන්තර්ගතයට වඩා යම් වෙනසක් සහිත මැදිහත් වීමක් නිසාත් දළඹුවා, සමනළයෙක් වෙනවා වගේ අලූත් නමකට යන්න  ඕනේ කියලා අපි හිතුවා. අපි මෙතැන් සිට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ක‍්‍රියාත්මක වෙන්නේ ‘‘විප්ලවවාදී ශිෂ්‍ය සංගමය’’ ලෙස.

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ වෙනස මොකක්ද?


    බොහෝවිට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අපි ක‍්‍රියාත්මක වුණේ සටන් කරන්න, සටන් වලට සහය දෙන්න, සටන්වලට නායකත්වය දෙන්න වගේ සීමාවන් තුළ, එහෙත් යම් ප‍්‍රතිසංස්කරණ සීමාවක නතර වුණා. නමුත් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ අපේ වගකීම ඊට වඩා පුළුල්. අපි සමාජවාදී විප්ලවය වෙනුවෙන් බලවේග හා මිනිසුන් ගොඩනැගීම ශිෂ්‍ය ව්‍යාපාරය තුළත් කළ යුතුයි. ඒ සඳහා පුළුල් මතවාදී බලපෑමක් ශිෂ්‍ය ව්‍යාපාරය තුළදී අප කළ යුතු වෙනවා. අපි ලංකාවේ ජනතාව විඳින විඩාවට විසඳුම ‘‘සමාජවාදය’’ කියලා පිළිගන්නවානම්, ශිෂ්‍ය, කම්කරු, ගොවි ආදී සියලූ බලවේග ප‍්‍රතිසංස්කරණ සටන්වල නතර නොකර විප්ලවීය පරිවර්තනයක් කරා රැුගෙන යන එක තමයි කළ යුතු වන්නේ. ජවිපෙ තුළ තිබුණු පිරිහීම නිසාත් එහි තිබෙන තත්කාර්යවාදය (යම් මොහොතක වාසි සහගත දේශපාලන මතවාද පන්ති දෘෂ්ඨියකින් තොරව වැළඳ ගැනීම* නිසා එම වගකීම යම් ප‍්‍රමාණයකට අවහිර වෙලා තිබුණා. දැන් දැන් බොහොම විවෘතව ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශිෂ්‍යයන් පෙළන, ජනතාව පෙළෙන සමාජ ප‍්‍රශ්න වලට එකම විසඳුම සමාජවාදය බව තහවුරු කිරීමටත්, ඒ සඳහා බලවේග දිනාගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ සටන් තුළ ක‍්‍රියාත්මකවීමටත් කටයුතු කරනවා.

නමුත් ශිෂ්‍යයින් ඒකට කැමතිද?
    ඔව්, ශිෂ්‍යයින් තුළ ‘‘ශිෂ්‍ය දේශපාලනය හොඳයි’’ පක්ෂ දේශපාලනය එපා කියලා මතයක් ගොඩනැගිලා තියෙනවා. මේ මතයේ ඉතිහාසයත් මේ මොහොතේ කියන්න  ඕන 1990 ගණන්වල මුල් කාලයේ ‘‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’’ ලෙස අපිම ගොඩනගපු මතයක් තමයි  ඔය මතය. 1990 මුල කාලයේ පක්ෂය (ජවිපෙ* ශක්තිමත් නෑ. ඒ නිසාම එජාපය ඇතුළු වෙනත් ප‍්‍රතිගාමී කොටස් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරලා තියෙන ඉඩ යොදාගෙන ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය ගන්න සුදානම් වුණා. ඒ වුවමනාව පරද්දන්න  ඕන වුණාම තමයි ඔය මත හැදුවේ ‘‘පක්ෂ දේශපාලනය එපා, ශිෂ්‍ය දේශපාලනය කරමු’’ කියලා. ඒක අපිම හදපු මතයක්. ශිෂ්‍යයින් දැන් ඒ මතය තුළ ප‍්‍රමාණයකට ගිලිලා. දේශපාලයේදී එහෙම ශිෂ්‍ය, වෘත්තිය සමිති කියලා වෙන්කරලා ස්වාධීන කරගන්න හදනවානම් ඒක අපි අපිටම කරගන්න බොරුවක් විතරයි. මොකද දේශපාලනය තුළ හැම තිස්සේම පන්ති හා පන්ති කණ්ඩායම්වල උවමනාවන් නිරූපනය වෙනවා. පන්ති සමාජය ඇතුළෙ කිසිවක් ස්වාධීන නැහැ. ශිෂ්‍යයින් විරුද්ධ විය යුත්තේ තමන්ගේ පන්ති නියෝජනය නොකරන දේශපාලනයට. ඒ වගේම ‘‘පක්ෂ දේශපාලනය එපා’’ කියන්න බලපාන්නේ පාලක පන්තිය හදන මතය නිසා. දැන් බලන්න ජනාධිපතිවරයා රටේ දරුවන්ට කියනවා ‘‘දේශපාලනය කරන්න එපා’’ කියලා රටේ දෙමාපියන්ට කියනවා ‘‘දරුවෝ දේශපාලන පක්ෂ වලින් පරෙස්සම් කරගන්න කියලා’’ හැබැයි එයා මොකද කරන්නේ? එයාගේ පුතාවයි, මුළු සංහරෙමයි දේශපාලනයට ගේනවා. මෙතන තියෙන්නේ පන්ති ප‍්‍රශ්නයක්. ඒකයි එයා එහෙම කියන්නේ. පීඩිත පන්තියේ දරුවෝ දේශපාලනය කළොත් එයාලට ප‍්‍රශ්නයක්.
    ‘‘දැන් බලන්න සටනකදී ශිෂ්‍යයෙක් හරි, කම්කරුවෙක් හරි මැරුවොත් ආණ්ඩුවේ මාධ්‍යවලින් කියනවා එයාව මරාගත්ත කියලා. එතකොට චෝදනාව ලස්සනට ආණ්ඩුවේ ඉඳලා අදාළ සටන මෙහෙයවපු නායකයන්ට පටවනවා. රාජ්‍යයේ එක අඬුවක් වුණ පොලිසිය වෙඩි තියනවා. ඒ රාජ්‍යයේම තවත් අඬුවක් වුණ ස්වාධීන රූපවාහිණී මාධ්‍ය ඒක අපි මතට පටවන්න මතය හදනවා. මේ මතවලට ජනතාව හසුවෙනවා. ඉතිං ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ‘‘පක්ෂ දේශපාලනය එපා’’ කියලා කියන මතය පැහැදිලිවම ආණ්ඩුව හදපු දෙයක්. වෙන කිසිවක් නොවෙයි. ඒක පැරදිය යුතුයි. තවදුරටත් දේශපාලන පක්ෂ වලින් (වමේ පක්ෂයකින්* ස්වාධීන වුණු සටන්වලට ජයග‍්‍රහණ ගේන්න පුළුවන්ද කියලා පසුගිය කෙටි කාලයේ රටේ සිදු වුණු සටන් දිහා බැලූවම පේනවා. හැබැයි බහුජන ව්‍යාපාරය තුළ පක්ෂයට විශ්වාසය ගොඩනගාගන්න එකත් පක්ෂයේ වගකීමක්. ඒකත් මේ ප‍්‍රශ්නයට බලපානවා.

ශිෂ්‍ය ව්‍යපාරය තුළ ඔබේ මැදිහත් වීම කුමක්ද?
     ඕකත් අර වගේම ප‍්‍රශ්නයක්. දැන්  ඕනම බලවේග-යක් කැමති ඒ ගොල්ලෝ ස්වාධීනයි, අපිට නායකත්වය දෙන්න කවුරුවත් නෑ, අපිම තමයි අපේ පාර හොයාගත්තේ කියලා කියන්න. දැන් උදාහරණයකට ගත්තොත් සමහර වෘත්තිය සමිති අරගල තුළ නායකත්වය දෙන කණ්ඩායම්  විවිධ දේශපාලන මත දරනවා. ඒ නිසාම ඒවාගේ ක‍්‍රියාමාර්ග විවිධ පැතිවලට ඇදෙනවා, එවිට අරගලයට පාඩුවෙනවා. නමුත් යම් පන්ති විසඳුමක් සහිත සංවිධිත බවක් සහිත, අත්දැකීම් සහිත, අවංක සටන්කාමී (සිය බලවේගවලට* නායකත්වයක් තියෙනවනම් ඒක අරගලයට වාසියි. ඇන් රටට අවශ්‍ය එහෙම සංවිධානයක් නොවෙයිද? දේශපාලන පක්ෂ කිව්වම සිතට එන්නේ ඡුන්ද ඉල්ලගන්න එන, ඡුන්දෙට කට්ටිය කඬේ යවන්න හදන ව්‍යාපාරයක් කියලා. නමුත් නිර්ධන පන්ති පක්ෂවල දේශපාලනය ඊට වඩා ගැඹුරුයි. ඔවුන්ට අවශ්‍ය පන්තියේ විශ්වාසය. ඉතිං එහෙම නායකත්වයක්  ඕනම දේකට  ඕන නේද? උදාහරණයකට ගන්න ක‍්‍රිකට් ක‍්‍රීඩාව. ලංකා කණ්ඩායමට නායකයෙක් ඉන්නවා. හැමෝම නායකය වෙන්න හදන්නේ නෑනෙ. දැන් අපි හැමෝම ක‍්‍රිකට් ගහනවා. අපි කියන්නේ නෑනෙ අපිට ලංකා කණ්ඩායමට ගහන්න පුළුවන් කියලා. ඒ වගේ තමයි දේශපාලනය, ශිෂ්‍යයෝ කවුරුත් ශිෂ්‍ය සටන්වල ඉන්නවා. නමුත් ඒ අය තුළ පන්ති විඥානයක් සහිත වැඩියෙන් කැපකිරීම් කරන, වැඩි අත්දැකීමක් සහිත, යම් ස්ථාවරභාවයක් පෙන්වන, අවංකභාවයක් පෙන්වන, උපාය උපක‍්‍රම හඳුනන කොටසක් ඉන්නවා. ඒ ගොල්ලෝ තමයි නායකත්වය. ඉතිං විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ක‍්‍රියාත්මක වෙන්නේ අන්න ඒ නායකත්වයන් තුළ. එහෙම නොවුණොත් කොහොමද ශිෂ්‍ය ව්‍යාපාරයක් දැන් දශක ගාණක් තුළ සටන්කාමීව පවතින්නේ. එහෙම නොවුණොත්  ඕක ගමක ළමා සමාජයක්, දන්සැල් සමිතියක් වගේ වෙයි. දැනට වුණත් ගරාවැටුණ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීත්වයක් සහිත විශ්වවිද්‍යාලයක මේ තත්වය දැකගන්න පුළුවන්. කටුක වුණත් ඇත්ත ඒකයි. ඒ නිසා පන්තියට පක්ෂයක්  ඕනෑ. ඒක බැහැර කරන්න බෑ. ඒ වගේම ඒක බලෙන් පටවන්නත් බෑ කියලා අපි දන්නවා. ඒ නායකත්වය පිළිගන්න තැනට පත් කරගැනීමේ වගකීම තියෙන්නේ පක්ෂයට.

විප්ලවවාදී ශිෂ්‍ය සංගමය ඉදිරියේදී මොනවද කරන්නේ?
    පළමුවන්ම අධ්‍යාපන වැඩ, ඒකත් සමග සංවිධාන වැඩ, ඒකත් එක්ව බහුජන වැඩ මේ සියල්ල එක්ව යා යුතුයි. සරසවි සිසුන්ගේ ජීවිත වලට ඇවිත් තියෙන අර්බුදය ගැඹුරුයි. අපි ඒ ගැන කතාකරන්න  ඕනේ. අපිට ඒ ගැන දැක්මක් විග‍්‍රහයක් තියෙනවා. අපි සූදානම් ඔවුන් සමග එය බෙදාගන්න.
    අධ්‍යාපන ආයතනවල පණ යනකන් උගන්වනවා. හරියට කලේ අනිත් පැත්ත හරවලා වතුර දානවා වගේ. කිසිම දෙයක් ශිෂ්‍යයන් තුළට යන්නේ නැහැ. ශිෂ්‍යයන් තොරතෝංචියක් නැතිව කටපාඩම් කරනවා. ඔමඑැ කරනවා. කැම්පස්වල නම් ක්ලාස් ගන්න. පාසලේ නම් කැම්පස් යන්න. ‘‘අත්ථකිලමතානුයෝගයට වැටිලා’’ වැඩ කරනවා. කිසිම විවේකයක්, නිදහසක්, ආදරටය, කලාවට, ක‍්‍රීඩාවට, රසවින්දනයට, නිර්මාණකරණයට වෙලාවක් නැහැ. ඒ මදිවට දෙන මහපොළ මදි නිසා රාත‍්‍රී වැඩ. ඡු්රඑ ඔසපැ කරන්න පටන් අරන්. සමහරු ව්‍යාපෘති දත්ත රැුස්කරන්නන් බවට පත්වෙලා. තව සමහරු විවිධ බඩු විකුණනවා. තව සමහරු රියැලිටි වැඩසටහන්වල අප්පුඩි ගහන්න යනවා. මුදලට. තවත් සමහරු සමාජශාලා වලට පවා යනවා මුදල් උපයන්න. මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා නේද? විශ්වවිද්‍යාලවල තිබුණ පේ‍්‍රම සබඳතාවල ගැඹුරක් ගැන එදා කතා කළා. නමුත් දැන් ඒවා පොදු සමාජයේ වගේම කාණු පල්ලට වැටිලා. සාමූහිකත්වය කියලා කිවුවට සරසවි තුළත්, එන්න එන්නම ආත්මාර්ථයේ,  පුද්ගලිකත්වයේ, ගුල් අස්සට රිංගන එක වැඩි වෙලා. මේවා ශිෂ්‍යයන්ගේ වැරදි කියලා නෙවෙයි අපි කියන්නේ, ඔවුන්ට උරුම කරලා තියෙන තත්ත්වය. හැබැයි ඔවුන් සමග කතා කළොත් ඒ ගැන සටනක් පටන් ගන්න පුළුවන් වෙයි. නිදහස් අධ්‍යාපනය පමණක් නොවෙයි, සරසවි සිසුන්ට ජීවිතය ඉල්ලලා කරන සටනකුත් තියෙනවා. සමහර සිසුන් දවසට පැය 18 - 20 වැඩ කරනවා. ලොකු පීඩාවක් විඳිනවා. ඉතිං පේ‍්‍රම සම්බන්ධයක් පොඞ්ඩක් හරි විරසක වුණොත් ජීවිතය නැතිකරගන්න හදනවා. ගොඩක් අය, ඒ අය බොළඳයි කියලා ඒ කාරණා අමතක කරනවා. හැබැයි සරසවි ජීවිතය, පොදුවේ අධ්‍යාපන ජීවිතය මහා පීඩාවක්. ඒ පීඩාවට තව පුංචි හරි පීඩාවක් එක් වුණ ගමන් වැවක් වාන් දානවා වගේ වැඩක් තමයි ඒ වෙන්නේ. ඇත්ත හේතුව ජීවිතය තුළ තිබෙන අසහනය හෝ දැඩි පීඩාව. අද අධ්‍යාපන ආයතන වල නොකෙරෙන වැඬේ තමයි අධ්‍යාපනය ලබා ගැනීම. ඉතිං මේක වෙනස් කරන්න  ඕනෙ නැද්ද?

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට තිබෙන අභියෝග මොනවාද?
    ඇත්තටම විප්ලවවාදී ශිෂ්‍ය සංගමයට කියලා වෙනම අභියෝගයක් නෑ. අපි ශිෂ්‍යයන් එක්ක සම්බන්ධ වුණාම තමයි ශිෂ්‍යන්ටත් ඒ තුළ ක‍්‍රියාත්මක වන විප්ලවවාදී කොටස් වන අපටත් අභියෝග එන්නේ. අන්න ඒ අභියෝග ගැන කිව්වොත් ආණ්ඩුව පැත්තෙන් අධ්‍යාපන සංහාරය බරපතල වීම. දැන් ආචාර්යවරු ඉල්ලූවා අධ්‍යාපනයට 6% ක් දෙන්න කියලා. හැබැයි දැන් 2013 අයවැයෙන් තිබුණ 1.8% ත් 1.4% දක්වා අඩු කරනවා. ඒ කියන්නේ ඒක තමයි ඒ ගොල්ලන්ගේ ප‍්‍රතිපත්තිය. ඒ කියන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පනත නැවත එනවා කියන එක. ශිෂ්‍ය මර්දනය තවත් අදියරකින් සූදානම් වෙනවා කියන එක. ඔත්තුකරුවන් සරසවි සිසුන් විදියටම විශ්වවිද්‍යාල ඇතුළට එයි. ලංකාවේ කිසිම ආණ්ඩුවකට අවනත කරගන්න බැරිවුණ ව්‍යාපාරයක් තමයි ශිෂ්‍ය ව්‍යාපාරය. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපාරය ඉලක්ක කළ මෙහෙයුමක් ආණ්ඩුව හදයි.
    ඒ වගේම ශිෂ්‍ය ප‍්‍රජාවට මේකට මුහුණ දෙන්න වෙන්නේ සමගිය හා සටන තුළින්. එය රැුකගැනීමට කටයුතු කළ යුතුයි. ආණ්ඩුව වගේම පරාජිත වුණු දේශපාලන ව්‍යාපාර උත්සාහ කරයි ඒ සමගිය බිඳින්න. ඒ උගුළෙන් ගැළවෙන්නත් ශිෂ්‍ය ව්‍යාපාරය සමත් විය යුතුයි. මේ සියල්ලට මතවාදී හා සංවිධානමය මැදිහත් වීම කරන්න විප්ලවවාදී ශිෂ්‍ය සංගමය සමත් විය යුතුයි.







0 comments:

Post a Comment