කැලණිය විශ්වවිද්‍යාලය තුල සවි කර තිබු cctv කැමරා ගලවා ඒවා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත භාර දීමට එහි සිසුන් ඊයේ(02/25) දින කටයුතු කර තිබිණි. විශ්වවිද්‍යාලය තුල පසුගිය කාලය පුරාවටම බරපතල අධ්‍යන සුභසාදන ගැටළු ප්‍රමාණයක් නිර්මාණය වී තිබුනත් ඒ කිසිදු ගැටළුවක් විසදීම සඳහා මැදිහත් වීමක් නොකළ පාලනාධිකාරිය සිසු ගැටළු විසඳනවා වෙනුවට සිසුන් මර්දනය කිරීමට අවශ්‍ය තොරතුරු රැස්කිරීම සඳහා cctv කැමරා සවි කිරීමට කටයුතු කරන බව සිසුන් ප්‍රකාශ කරනව.
මෙහිදී සිසුන් කියා සිටියේ පසුගිය කාලය තුල විශ්වවිද්‍යාලය තුල බරපතල නේවාසිකාගාර ගැටළුවක් තිබු අතර අවස්ථා ගණනාවකදී ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය දැනුවත් කලත් ඒ සඳහා කිසිදු විසදුමක් ලබා දීමට තවමත් කටයුතු කර නොමැති බවයි. එමෙන්ම ආරම්භ කර වසර 03ක් ගතවී ඇතත් තාක්ෂණ පීඨය සඳහා තවමත් ස්ථිර පීඨ ගොඩනැගිල්ලක් හෝ විද්‍යාගාර ඉදිකිරීමට තවමත් කරයුතු කර නොමැති බවත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර නේවාසිකාගාර තුල බරපතල ජාල හිගයක් පවතින බවත් ඒ සඳහාවත් විසදුම් ලබාදීමට කටයුතු කර නැහැ. එම සෑම ගැටළුවක්ම විසදීමට නොහැකි වී තිබෙන්නේ ඒ සඳහා ප්‍රතිපාදන නොමැති නිසා බව සඳහන් කරන විශ්වවිද්‍යාල පරිපාලනයට cctv කැමරා සවිකිරීමට එම ප්‍රතිපාදන නොමැති ගැටලුව බලපාන්නේ නැතිදැයි සිසුන් ප්‍රශ්න කරමින් සිටිනවා.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment