Sunday, February 23, 2020

ගැටලු විසදනවා වෙනුවට ආණ්ඩුව ගුරුවරුන් රවටමින් සිටිනවා -සංජීව බණ්ඩාර - ඒකාබද්ධ ගුරු සේවා සංගමය


වත්මන් ආණ්ඩුවටත් ගුරු විදුහල්පති ගැටලූ විසඳන්න වැඩපිළිවෙළක් නෑ. ඒ වෙනුවට ගුරු විදුහල්පති සේවා පොදු රාජ්‍ය සේවයෙන් ගලවා හුදකලා කොට පවතින අයිතීනුත් උදුරාගන්න කුමන්ත‍්‍රණයක් දැන් ක‍්‍රියාත්මක වෙනවා.
සංජීව බණ්ඩාර, ප‍්‍රධාන ලේකම් - ඒකාබද්ධ ගුරු සේවා සංගමය

  23 දවල් 1 ට බොරැල්ල ඇන්. ඇම්. පෙරේරා ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් දැක්වූ ඔහු ” ඊනියා අතුරු වැටුප් යෝජනා, සංවෘත සේවා උගුල් හමුවේ පසු නොබා වසර 23 ක් තිස්සේ පවතින ගුරු - විදුහල්පති ගැටලූ විසඳාගැනීම සඳහා පෙබරවාරි 26 වන දින උදේ 10 ට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියට පෙළ ගැසෙන ලෙස දිවයිනේ සියලූ ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින ලදී..

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ” වසර 23 ක් තිස්සේ පැවති හැම ආණ්ඩුවක්ම ගුරු විදුහල්පතිවරු රැවටීමට ලක්කරා. විවිධ බොරු පොරොන්දු ලබාදුන්නා මිසක් මේ කිසිම ආණ්ඩුවකට ප‍්‍රශ්න විසඳන්න වැඩපිළිවෙළක් තිබ්බෙ නෑ. දැන් වත්මන් ආණ්ඩුවත් කරන්නේ ඒකම තමයි. ගැටලූ විසදීම වෙනුවට ගුරු සේවය සංවෘත සේවයක් කර, ගුරු විදුහල්පති සේවා පොදු රාජ්‍ය සේවයෙන් ගලවා හුදකලා කර පවතින අයිතීනුත් උදුරාගන්න හදනවා. කිසිම ගුරු විදුහල්පතිවරයෙක් සංවෘත සේවයක් ඉල්ලූවෙ නෑ. අපි ඉල්ලූවේ BC පෙරේරා කොමිසම කප්පාදු කළ දීප ව්‍යාප්ත සේවා වැටුප් තල නැවත දෙන්න කියලා. කොල පිරවිල්ල නවත්වන්න කියලා. අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා. 2016 සිට උදුරාගත් විශ‍්‍රාම වැටුප් අයිතිය දෙන්න කියලා. නමුත් අද සිදුවෙමින් තියෙන්නේ මේ ඉල්ලීම් ලබාදීම නෙවෙයි. සංවෘත සේවා උගුලකට හිරකරන්න හදන එක. සංවෘත සේවය ගැන කිසිම පැහැදිලි අර්ථ නිරූපනයක් නෑ. ඒකේ අවසාන හැඩතල තීරණය වෙන්නේ මේ සඳහා පත්කරන කමිටුව හෝ කොමිසම විසින් ගනු ලබන තීරණ අනුව. ඒක තීරණය කරන්නේ ගුරු විදුහල්පතිවරු නෙවෙයි. ගුරු සංගම් නෙවෙයි. ගුරු සංගම්වලට යෝජනා දෙන්න කියල කියයි. හැබැයි ඒවා ක‍්‍රියාත්මක කරන්නෙ නෑ කියල පැහැදිලියි. මොකද ඔය ගුරු සංගම් මේ අවුරුදු 23 තුළ එවැනි යෝජනා ඉදිරිපත් කරල තියෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් සංගම් රනුකගේ කමිටුවට දුන් යෝජනාවලට අද සිද්ධවුණේ මොකද්ද කියලා හොයල බලන්න. අන්තිමේ මේ සියල්ලම කුණු බක්කියට වැටෙයි. සිද්දවෙන්නේ ගුරු විදුහල්පතිවරුන්ට
පවතින අයිතීනුත් අහිමිවීම පමණයි.

0 comments:

Post a Comment