මරණ සහතික ලබාදී අතුරුදහන් කිරීම් යටපත් කිරීමට ඉඩ නොදෙමු! යන සටන් පාඨය මුල්කරගනිමින් සම අයිතිය ව්‍යාපාරය විදෙස් රටවල් කිහිපයක විරෝධතා සංවිධානය කර තිබිණි. පෙබරවාරි 23 ප්‍රංශයේ පැරිස් නගරයේ විරෝධතාවක් සංවිධානය කර තිබු අතර එය සම අයිතිය ව්‍යාපාරයේ ප්‍රංශ කමිටුව විසින් සංවිධානය කර තිබිණි. සම අයිතිය ව්‍යාපාරයේ ඉතාලි කමිටුව විසින් ඉතාලියේ මිලානෝ නගරයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි.පෙබරවාරි 21 දින එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මේහීදී පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ සමයේ අතුරුදහන් වුවන් මරණයට පත්වූ බව සලකා ඔවුන්ට මරණ සහතික නිකුත් කරන බවට සිදු කල ප්‍රකාශයට විරෝධය දැක්විය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment