Wednesday, February 19, 2020

දරුවන් සහ කාන්තාවන්ට සිදුවන අපයෝජන පිටු දකිමු! කොළඹ කොටුවේදී විරෝධතාවක්

සියලු දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරනු!
දරුවන් සහ කාන්තාවන්ට සිදුවන අපයෝජන පිටු දකිමු!
         යන සටන් පාඨ ඔස්සේ අද(02/19) දින නිදහස උදෙසා කාන්ත ව්‍යාපාරය කොළඹ කොටුවේදී නිහඩ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
            දිගින් දිගටම කාන්තාවන්ට සහ දරුවන්ට සහ කාන්තාවන්ට සිදුවන ලිංගික ඉහල යන බවත් ඒ සඳහා නිතිය ක්‍රියාත්මක වීම ඉතා මන්දගාමී බවත් ඔවුන් සදහන් කළා. විශේෂයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අපයෝජනයට ලක්වන දරුවන් පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමේදී දක්වන මන්දගාමි ස්වභාවය සහ ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව අද දින නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමන් හමුවී ඒ පිළිබඳව ලිඛිතව විරෝදය දැක්වීමටද කටයුතු කළා. විශේෂයෙන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වූ කුඩා දැරියක අපයෝජනයට ලක්කිරීමේ වීඩියෝව පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම ඉතා මන්දගාමී වීම මෙහිදී අවධානයට ලක්කිරීමට කටයුතු කළා.









0 comments:

Post a Comment