Wednesday, July 1, 2020

ළමා ලෝකය සුන්දර කර සිබිල් වෙත්තසිංහ මහත්මිය නික්මයයි .




ළමා ලෝකය සුන්දර කර  සිබිල් වෙත්තසිංහ මහත්මිය නික්මයයි .
 ළමා සාහිත්‍යය සම්බන්ධයෙන් කෘතහස්ත මෙහෙවරක් ඉටු කළ, ප්‍රවීණ ලේඛිකාවක සහ චිත්‍ර ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අද(01) අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහත්මිය මිය යනවිට 93 හැවිරිදි වියේ පසුවූවාය.


ළමා හදවත් ස්පර්ශ කළ අපූර්ව කලා කුසලතායකින් හෙබි සිබිල් වෙත්තසිංහ මහත්මිය 1927 අවුරුද්දේ ඔක්තෝම්බර් 31 වෙනි දින ගාල්ලේ ගිංතොට දී උපත ලැබිය

චිත්‍ර කලාවට ඇලුම් කළ ඇය වයස අවුරුදු 15 වේ සිට ප්‍රසිද්ධ පුවත්පත් හා සඟරාවලට මෙන්ම කියවිම් පොත් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන්නා ය.  අවුරුදු 19 ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදිනියක්‌ බවට පත් වීමට හැකි විය . අවුරුදු 28ක් ඇය ලේක්හවුස් ආයතනයේ සේවයේ නිරත විය.

ළමා මනස ඇද බැඳ ගන්නා ඇගේ චිත්‍ර නිර්මාණ ජනප්‍රිය වන්නට වැඩි කලක් ගත නොවී ය.

නොබෝ කලකින්ම ඇය  ජනප්‍රියම ළමා චිත්‍ර ශිල්පිනිය බවට පත්වූයේ මෙරට ළමා ප්‍රජාවගේ ආදරය දිනා ගනිමිනි.

සිබිල් නැන්දා යන ආදර නාමයෙන් හඳුන්වන සිබිල් වෙත්තසිංහ මහත්මිය පළ කළ ළමා කතන්දර පොත් සංඛ්‍යාව සිය ගණනකි.

ඉන් ළමා පොත් රැසක් අවස්ථා ගණනාවකදී රාජ්‍ය සම්මානයට ද පාත්‍ර විය.

කුඩ හොරා,සූත්තර පුංචා, කිරිහාමි,දුවන රැවුළ, අච්චාරු මුට්ටිය, තොවිල් ගෙදර,කුසුම ලතා, කැවුම් බබා අදි නිර්මාණ රැසක් ඇය පළ කළ ළමා කතන්නදර පොත් අතර වේ
පහත එන්නේ කුඩ හොරා කතාවේ කොටසකි
"කිසි දවසක කුඩයක් දැකලා නැති කොස්ගම කිරි මාමා නගරයේ මිනිස්සු කුඩ ඉහලාගෙන යනු දැක තමන්ද කුඩයක් මිල දී ගැනීමට කල්පනා කළා. නගරයෙන් කුඩයක් මිල දී ගත් කිරි මාමා රෑ බෝ වී ගමට ගියේ, උදෑසනම කුඩය ඉහලාගෙන ගොස් ගම් වැසියන් පුදුම කරවන අදහසින්. මේ අතරේ ගමේ කඩයට ගොඩවුණු කිරි මාමාගේ කුඩය නැතිවෙන්නේ හිතා ගන්නවත් බැරි අන්දමෙන්. මේ නිසාම තවත් කුඩ කිහිපයක් වරින් වර ගෙන ආවත් ඒ කුඩ ද පෙර පරිදිම අස්ථානගතවෙන්නේ කිරි මාමා පුදුම කරවමින්. වැඩේ හරි යන්නේ නැති තැන කිරි මාමා අපූරු උපායක් යොදන්නේ කුඩ නැතිවෙන්න හේතුව හොයන්නයි."
1982 අවුරුද්දේ ජපානයේ පැවැත්වුණු පොත් චිත්‍ර ශිල්පීන්ගේ තරගයක් වෙනුවෙන් කුඩ හොරා ළමා කතාව ඉදිරිපත් කරපු ඇයට  ට, ලෝකයෙන්ම තෙවැනි ස්ථානය ලැබුණි . ඉන්පසු  මේ පොත ජපන් බසටත් පරිවර්තනය විය . 1987 දි ජපානයේ පළවුණු ජනප්‍රියම විදෙස් ළමා කතා පොත බවට පත්වුවෙත්  “කුඩ හොරා” කතාවයි. මේම පොත නෝර්වේ, ස්‌වීඩනය, ඩෙන්මාර්කය, ‌අමෙරිකා එක්සත් ජනපදය, කොරියාව, පිලිපීනය, චීනය වගේ රටවල් 12ක භාෂාවන්වලට මේ පොත පරිවර්තනය විය .

2003 අවුරුද්දේ හොඳම සැලසුම සහිත ළමා පොතට හිමි සාර්ක් සම්මානය ඇය විසින් රචිත  “දුවන රැවුල” ළමා කතාවවට හිමි විය.

   එසේම ඇය පසුගිය දිනක ගිනෙස් වාර්තාවක්ද තැබිය, මෙම ගිනස් වාර්තාව හිමිව ඇත්තේ ලොව එකම කෘතියක් වැඩිම අවසානයන් ප‍්‍රමාණයක් සහිතව රචනා කර ඇති අවස්ථාව ලෙසටය  .
සිබිල් වෙත්තසිංහ මහත්මිය ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් ”පුදුම පළිඟුව” ‘‘Wonder Crystal‘‘ ළමා කෘතිය රචනා කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබේ.
සිය මුළු දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැප කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය සිය අපූර්ව කුසලතාව ළමා පරපුරට ලබාදීමට සුවිශේෂී දායක්තයක් සපයනු ලැබී ය.

ඇගේ නිර්මාණ තවත් කප් සුවහස් කල් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති.





0 comments:

Post a Comment