Thursday, July 2, 2020

කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහලටම...’මුහුණු ආවරණ අවශ්‍යම නැහැ’ ට්‍රම්ප් කියයි


ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ එක්සත් ජනපදය විසින් තවත් කොරෝනා සම්බන්ධ සිදුවීම් 44,000 ක් වාර්තා කොට  දිනකට පසුව, කොරෝනා වයිරසය අතුරුදහන්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. මෙම උපහාසාත්මක ප්‍රකාශය හමුවේ  මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි අනතුරු අඟවමින් කියා සිටියේ ප්‍රාන්ත අටක් තුල අඟහරුවාදා අලුතින් හඳුනාගත් රෝගීන්ගේ එක් දිනකදී ඉහළ අගයක් වාර්තා කළ අතර, එය ඉදිරියේදී එක්දින ආසධිතයන් 10000 කටත් වඩා ඉහල යා හැකි බවය.එක්සත් ජනපදය වැරදි දිශාවකට ගමන් කරමින් සිටිනවා’’ යනුවෙන් ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබුණි.

ට්‍රම්ප් වෛරසයේ අවදානම අවතක්සේරු කරමින් මුව ආවරණ පැළඳීම වැනි සරල ආරක්ෂක පියවරයන් පවා ප්‍රවර්ධනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ජනතාවගේ සෞඛ්‍ය අදාල නොවන ප්‍රශ්නයක් බවට හරවා තිබේ. වඩ වඩාත් කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී  පසුගිය බදාදා මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව විමසූ විට ඔහු වගකීම් විරහිතව ප්‍රකාශ කර සිටියේ මුව ආවරණ හොඳයි කියල හිතනවා.එත් අත්‍යවශ්‍යමයි කියල මම විශ්වාස කරන්නේ නැහැ”

මෙය ට්‍රම්ප්ගේ හිතුවක්කාරකමක්,මෝඩ අණුවනකමක් ලෙස කියවා ගැනීමට අප සූදානම් නැත.ඔහු මේ සිදුකරන සියලු ප්‍රකාශයන් ඉතා අරමුණුසහගතව අවබෝධයකින් කරනු ලබන ඒවාය.එම ප්‍රකාශ හරහා ඔහු උත්සාහ කරන්නේ කොරෝනා පිළිබදව තිබෙන අවධානම සමාජය තුළ සාමාන්‍යකරණය කර ඒ පිළිබදව තිබෙන අවධානය දුර්වල කරමින් ප්‍රාග්ධන යාන්ත්‍රණය දිවීම සදහා අවශ්‍ය ආර්ථික කටයුතු අඛන්ඩව පවත්වාගැනීමට සහ තම බලය තහවුරු කරගැනීම උදෙසා ජනාධිපතිරවණය පවත්වා ගැනීමේ උත්සාහයයි.

ඇලස්කාව, ඇරිසෝනා, කැලිෆෝනියා, ජෝර්ජියා, ඉඩාහෝ, ඔක්ලහෝමා, දකුණු කැරොලිනා සහ ටෙක්සාස් හි The Covid Tracking Project  නිලධාරීන් අඟහරුවාදා දිනට වාර්තා වූ කොරෝනා සිද්ධීන්  නිවේදනය කළ අතර එය දිනෙන් දින දෙගුණයකින් වැඩි වීමක් පෙන්නුම් කරන බව දැක්විය.
ට්‍රම්ප් පාලනය ජනතාවගේ සෞඛ්‍ය අවදානම එලෙස  නොසලකා හැරියද නව ගිවිසුම් හරහා තරඟකාරී යෝජනා වලට මුල්තැන දෙමින් ප්‍රාග්ධනය රැස්කර ගැනීමට ඉතා කාර්යක්ෂමව සිදුකරමින් සිටී.රැකියා හිමිකර දෙන මුවාවෙන් NAFTA හා USMCA යන ගිවිසුම්වලට මේ දිනවලදී ලබා දෙන ප්‍රතිචාරය හා තර්ජනයට පත් සෞඛ්‍ය අවධානමක් සහිත ජනතාව වෙත ලබා දෙන ප්‍රතිචාර මිට හොඳම සාක්ෂිය වේ.



0 comments:

Post a Comment