ශිෂ්‍ය ව්‍යාපාරය
සයිටම් හොර උපාධි කඩයට එරෙහිව අරගල කරන්නේ එහි ගුණාත්මක හෝ නීතිමය වලංගුභාවය
පිළිබඳ ප්‍රශ්නයක් නිසාද?
නැත්තම් අධ්‍යාපනය විකුණන නිසාද?
නිශ්චිතවම
සයිටම් හොර උපාධි කඩය සම්බන්ධ අරගලයේ දී ගුණාත්මක භාවය හෝ නීතිමය වලංගුභාවය පිළිබද කාරණා
මූලිකවම අප සලකන්නෙ නැහැ. අපේ අරගලය නිශ්චිතවම තියෙන්නේ අධ්‍යාපනය විකිණීමට එරෙහිව. මොකද, රෝග ලක්ෂණවලට
උත්තර සෙවීම තුළ රෝග නිධානය නැති කළ නො හැක්කා සේ, පෞද්ගලිකකරණය නමැති
රෝග නිධානය නිසා මතුවන ගුණාත්මක භාවය හා නීතිමය වලංගුභාවය පිළිබද ප්රශ්නය
මූලිකවම ගැනීම වැරදියි. ලං.ග.ම. ඇතුළු
රාජ්‍ය ආයතනවල පැනනැගී තිබෙන ප්‍රශ්න පෞද්ගලිකකරණය කිරීම නිසා ඇතිවෙලා තියෙන ප්‍රශ්න.
ඒ නිසා පෞද්ගලිකකරණය කිරීම නිසාම තමා සයිටම් අරගලයට අපි මැදිහත් වෙන්නේ. ඒ වගේම
ගුණාත්මක භාවය හරි නීතිමය වලංගුභාවය විතරක් අරගෙන සටන් කරන එක ඇතුළේ මේ ප්රශ්නය
විසඳන්න බැහැ එහෙම වුණොත්
බැදුම්කර වංචාව
වගේ වෙනවා මේකත්. මොකද, ප්‍රධාන
හොරකම ගැන, ශ්‍රම
සූරාකෑම ගැන කතා නොකර හොරකම, දූෂණය ගැන කතා කරනවා වගේ වෙනවා. මෙතන තියෙන්නේ
නව ලිබරල් ධනවාදී ප්‍රතිපත්තියේ ක්‍රියාත්මක කිරීම පිළිබද ප්‍රශ්නයක්. සරලවම කියනවා
නම් සියල්ල විකිණීමේ, පෞද්ගලිකකරණය
කිරීමේ ප්‍රතිපත්තියක් අවුළුවා ක්‍රියාත්මක කරමින් ඉන්නේ ඒ නිසා අපේ අරගලය ඒකට
විරුද්ධවයි කරන්නේ. ගුණාත්මක භාවය
හා නීතිමය වලංගු භාවය ගැන විවේචනයක් අවශ්‍ය නැහැ කියලා අපි කියන්නෑ. නමුත් ඒකට
සීමා වුණාට පස්සේ සයිටම් ප්‍රශ්නයෙන් පීඩාවට පත්වන බහුතරයක් පීඩිත ජනතාවගේ ප්රශ්නය
විසඳෙන්නේ නෑ. මේකෙදි වඩාත්
සැලකිය යුතු තවත් කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ සයිටම් එකේ තියෙන්නේ ගුණාත්මක
භාවය හෝ නීතිමය වලංගු භාවය පමණක් කියලා කියන අයගේ දේශපාලනේ ගැටළුවක් තියෙනවා. ඒ වගේම ඒ අය
නියෝජනය කරන්නේ මේ ගැටළුවෙන් පීඩාවට පත්වන බහුතරයක් ජනතාව නෙවෙයි.
ඔබ ඔහොම
කිවුවට සමහර අය කියන්නේ සයිටම් එකේ ප්රශ්නය අධ්‍යාපනය විකිණීම පිළිබඳ ප්‍රශ්නයක්
නොවන බවයි. ඇයි ඔවුන්
එහෙම කියන්නේ?
සරලයි. ඔවුන් එහෙම
කියන්නේ ඔවුන්ගේ උවමනාවන් නිසා. ප්‍රමිතිය සහ නීතිය පිළිබ`ද විශ්වාස කරන
බලවේග වෙනුවෙන් ඔවුන් පෙනී ඉන්නවා. ශිෂ්‍යන්ගේ ඉල්ලීම අධ්‍යාපනය, සෞඛ්‍ය
විකුණන්න එපා කියන එක. මහජනතාවගේ ප්රශ්නය
ගන්නකෝ, ලක්ෂ 120 ක් දීලා
උපාධියක් ගන්න ඒ මිනිස්සුන්ට බැහැ. ඒ නිසා අධ්‍යාපනය විකුණන්න ගත්තට පස්සේ
බහුතරයක් ශිෂ්‍යන්ට අධ්‍යාපනය අහිමි වෙනවා. ඒ නිසා ශිෂ්‍ය ව්‍යාපරය අධ්‍යාපනය විකිණීමට
එරෙහිව අරගල කරනවා. අධ්‍යාපනය
විකිණීම නතර නොවී ප්‍රමිතිය හරි නීතියේ වලංගුභාවය පිළිබද ප්රශ්නය
නිරාකරණය වුණා කියන්නකෝ, ඒකෙන් කාටද
වාසි, බහුතර ජතාවට
පුළුවන්ද මුදල් වියදම් කරලා උගන්වන්න. බැහැ. ඒ නිසා සයිටම් එකේ ප්රශ්නය අධ්‍යාපනය
විකිණීම නෙමෙයි කියන එක ඇතුළෙ ඔවුන් වක්‍රව හෝ සෘජුව ධනපතියන් සමග ව්‍යාපාරිකයන්
සමග ගණුදෙනුවක
ඉන්නවා. සම්බන්ධතා
තියෙනවා. ඔවුන් ආරක්ෂා
කරන්නේ, අරගෙන
තියෙන්නේ ධනපතියන්ගේ පැත්ත නැත්නම් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ඒ නිසා තමයි ඔබ කියන
කතාව ඔවුන් කියන්නේ.
අධ්‍යාපනය
විකිණීමට එරෙහි පැත්ත ශිෂ්‍යයෝ ගන්නෙ. මොකද අපි හැම වෙලාවෙම නිර්ධන පංතියේ පැත්ත ගන්නවා. මොකද මේ ප්‍රශ්නයෙන්
වැඩිපුරම පීඩාවට පත්වෙන්නේ ඔවුන් වන නිසා. විකිණීමට අදාළ සාකච්ඡුාව කිසිම හේතුවක් නිසා
මගහැර යන්න බෑ. ඉතින් ප්‍රමිතිය, නීතිමය
වලංගුභාවය පිළිබද
සාකච්ඡුාවේදී විකිණීම අදාළ නැතිව යනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නයෙන් වැඩිපුරම පීඩාවට
පත්වන පාර්ශවය මගහැර යනවා. ඒ නිසා අපි නිශ්චිතවම කියනවා අධ්‍යාපනය විකිණීම පිළිබද ප්‍රශ්නයක්
නෙමෙයි කියලා කියන එක ඇතුළෙ ඔවුන් නියෝජනය කරන්නේ Deal එකක්. ශිෂ්‍ය ව්‍යාපාරය
හැටියට අපි මුල ඉඳලම කිව්වේ මාලඹේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා. ඒ සටන් පාඨය
නිශ්චිතවම පීඩාවට පත් නිර්ධන පංතිය නියෝජනය කරන එකක්. ඒක ඇතුළෙ
ධනපතියන්ට, ව්‍යාපාරිකයන්ට
රිංගන්න බෑ. හැබැයි අපි
දැක්කා "නීති විරෝධී මාලඹේ සයිටම්", "සයිටම් ජනසතු කරනු" වගේ සටන් පාඨ ඇතුළෙ
ධනපතියන්ට, ආණ්ඩුවට, ව්‍යාපාරිකයන්ට
රිංගන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා ඉතින් නැවත
නැවතත් කියන්නේ අපි පෙනී ඉන්නේ අධ්‍යාපනය විකිණීමෙන් පීඩාවට පත්වන පීඩිත පංතිය
වෙනුවෙන්.
තව සමහරු
කියනවා දොස්තර බමුණු කුලය පරද්දන්න නම් සයිටම් වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල තව
දාන්න ඕන කියලා. ඇත්තට ම එහෙම කළා ම බමුණු
කුලය අහෝසි වෙනවා ද?
නැහැ නැහැ
බමුණු කුලය බිද වැටුණෙ
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය
නිසා. ඒ නිසා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය කියන්නේ බමුණු කුලය ආරක්ෂා කරන්න
තියෙන එකක් නෙමෙ යි. නමුත් එහෙම තත්ත්වයක් ගොඩ නැගෙන්නේ එහෙම මතයක් ගොඩනැගෙන්න
දොස්තරලාගේ ක්‍රියා කලාපය හේතු වෙලා තියෙනවා. ඒකෙන් පීඩිතයා පීඩාවට ලක්වෙලා
තියෙනවා. ඒකට උත්තරය සයිටම් නෙමේ. සරලව හිතන්න දොස්තර බමුණු කුලයක් අද වෙන කොට
කොහොමද ගොඩනැගිලා තියෙන්නේ. සෞඛ්‍යය පෞද්ගලීකරණය වෙමින් පවතිනවා. ඒක ඇතුළේ
දොස්තරලාට බමුණු කුලයක් ගොඩනගන්න ඉඩ හදලා තියෙනවා. මේ දේවල් කරන එක ඇතුළේ මහා
පරිමාණ ලාභ ලබන්න, ඖෂධ සමාගම්වලට
හිතේ හැටියට ලාභ ලබන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඒක වෙනස් කරන එකෙන් තමයි
බමුණු කුලය පරද්දන්න පුළුවන් වෙන්නේ.
ඊළගට සයිටම්
එක ඒකට උත්තරයක් වෙන්න හේතුව බලන්න. සයිටම් එක නිසා වෙන්නේ මේ තත්ත්වය තවත් ප්‍රසාරණය
වෙන එක විතරයි. වකුගඩු ජාවාරම්, සැත්කම් මේවාට ලක්ෂ ගණන් ගෙවන්න වෙනවා. ඉතින් බමුණු කුලය
තවත් වර්ධනය වෙනවා. ඒ නිසා අපි යෝජනා කරන්නේ නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත්
ආරක්ෂා කරන්න කියලා. අපි යෝජනා කරන්නේ තමන් ඉගෙනගන්න වෛද්‍ය විද්‍යාව ජනතාව
වෙනුවෙන් සමාජය වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා. මොකද එහෙම වුණාම තමයි බෙහෙත් ගන්න
එන රෝගියාට මේ
සටනේ ප්‍රතිඵල ලැබෙන්නේ. අපේ අරමුණ ඒක. ඒ ගැන විවාදයක් නැහැ. මේ සාකච්ඡුාවේ
පැතිකඩ දෙකක් තියෙනවා එකක් ගුණාත්මක භාවය හා නීතිමය වලංගු භාවය පිළිබද වන
සාකච්ඡුාව. ඒක බමුණු කුලය ආරක්ෂා කරන්න ගේන එකක්. අපි යෝජනා කරන්නේ අනෙක් පැතිකඩ.
ඒ කියන්නේ බමුණු කුලය පරද්දනවා කියලා කියන්නේ වෛද්‍ය විද්‍යාවේ අභිමතය ජයග්‍රහණය
කරනවා කියන එක. එනම් රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් එය පාවිච්චි කරන එක. අපි කදුළු
ගෑස් කන්නේ, හිරගෙවල්වල
යන්නේ, වගේ ම හෙට
මැරෙන්න වුණත් සූදානම් වෙලා ඉන්නේ අන්න ඒ වෙනුවෙන්.
ශිෂ්‍ය ව්‍යාපාරය
සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය ගොඩ නැගුවේ පොඩි පොඩි කණ්ඩායම් එකතු කරලා කියලා
චෝදනාවක් තියෙනවා. ඇයි මේ ලොකු ව්‍යාපාර සම්බන්ධ කරගන්නේ නැත්තේ?
මෙහෙම යි.
අරගලයේ ඉතිහාසය දන්නේ නැති අයට ඔය කතාව කියන්න පුළුවන්. ඒ වගේම අරගලයේ ඉතිහාසය
දැනගෙන නොදන්නව වගේ ඉන්න කෙනෙකුටත් ඕක
කියන්න පුළුවන්. මාලඹේ සයිටම් හොර උපාධි කඩය මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ ඒ
කියන්නේ 2008 තමයි දාන්නේ.
ඒ වෙලාවේ ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට එයට විරුද්ධව කරන්න පුළුවන් ක්‍රියා මාර්ගවලට
ගියා. උද්ඝෝෂණ කළා. පාගමන් ගියා. දැවැන්ත අරගලයක් කරා. ඒ නිසා තමයි 2008, 2009 කාලයේ ශිෂ්‍ය
ව්‍යාපාරයට දැඩි මර්දනයකට මුහුණ දෙන්න වුණේ. මර්දනය කරා කියලා සටන අත ඇරියේ නෑ.
උද්ඝෝෂණ කරා, පා ගමන් ගියා, කදුළු ගෑස්
කෑවා, අරගලය කොයි
වෙලාවක වත් අපි අත් ඇරියේ නෑ. සයිටම් එකට අදාළ ව S.B. 2009 -2013 ගැසට් ගහපු
වෙලාවේ අපි පාරේ හිටියේ. පෝස්ටර් ගැහුවා, කටවුට් ගැහුවා රාජපක්ෂ යුද්ධය දිනලා රටට ම
මහරජා වෙලා හිටපු වෙලාවේ හැම බල වේගයක්ම නැට්ට අකුළන් හිටියේ. අපි රාජපක්ෂට
අරලියගහ මන්දිරයට ළගට ගිහිල්ලා
අභියෝග කළා. අධ්‍යාපනය විකුණන්න එපා කියලා. ඒ වගේ අසීරු ම මොහොතක වත් මේ අරගලය අත්
හැරියේ නෑ.
ඒ විතරක්
නෙමෙයි වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට අපි ගිහිල්ලා කතා කළා. විශ්වවිද්‍යාල සහෝදර
සහෝදරියන්ට සයිටම් එක පිළිබදව, අධ්‍යාපනය, සෞඛ්‍ය අහිමි වෙන එක ගැන කතා කළා. ඒ විතරක්
නෙමේ අද වන විට J.V.P එක G.M.O.A එක මේ සටනට කැඳවන්න අපි සමත් වෙලා තියෙනවා මේක
පුළුල් කරනකොට වෘත්තීය සමිති, කලාකරුවෝ විතරක් නෙමෙයි මේක SAITM (සයිටම්) දාපු රාජපක්ෂටත් අද
සයිටම් එකට විරුද්ධව කථා කරන්න වෙලා තියෙනවා. අපි ඒක පුළුල් කළා.
එච්චරක්
විතරක් නෙමේ අරගලයට අදාළ ව කළුගල් වගේ තිබුණු ඒවා අපි වෙනස් කළා. සයිටම් විරෝධී
බහුජන ව්‍යාපාරය ගොඩනගන්න පටන්
ගන්නකොට හිටියෙ පොඩි පොඩි කණ්ඩායම් තමා. අපි ඒක කියන්න පසුබට වෙන්නේ නෑ. මෑතක්
වෙනකම්ම ස්ටේජ් එකේ හිටියේ ඒ අය තමා. ඒ අය ඉතිහාසයේ අසීරු ම තැන් වල දී අමාරුවෙන්
නමුත් ඒවා වෙනුවෙන් පෙනී හිටපු අය. ඒක වටිනවා. ඒ නිසා මේ ගෞරවය ශිෂ්‍ය ව්‍යාපාරයට
විතරක් නෙමෙයි. ඒ අයටත් හිමි යි.
ඊළගට අපි බලමු
මුලින් ම ඔය ගැටළුව ඉදිරිපත් කරන අයගේ අරමුණ මොකද්ද කියලා. දැන් පැහැදිලි යි
පුළුල් ම ලොකු ම බහුජන ව්‍යාපාරය සයිටම් එකට විරුද්ධ ව අපි ගොඩනගලා තියෙනවා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අන්තර්
විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය කියන මේ සංවිධාන වල දේශපාලන නායකත්වය අද මේ
පුළුල් ව්‍යාපාරයට දෙන්න සමත් වෙලා තියෙනවා. ඒ නිසා පොඩි පොඩි කණ්ඩායම් කියලා කියන
එක අසීරු මොහොතවල් වල දී පෙන්නපු දේශපාලන නායකත්වය අද පුළුල් ව්‍යාපාරයට දෙන්න
සමත් වෙලා තියෙනවා. ඉතින් ව්‍යාපාරය පුළුල් වෙද්දී මේකට තව බලවේග එකතු වෙද්දී ඒ අය
තුළ විවිධ අදහස් විවිධ න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. හැබයි අපි අපේ න්‍යාය පත්‍රයට
ඒවා හසුරුවනවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීම වෙනුවෙන්
අපි මෙහෙයවනවා.
0 comments:
Post a Comment