Wednesday, April 20, 2016

1893 ලංකාවේ පළමු කම්කරු වර්ජනය

ලංකාවේ පළමු කම්කරු වැඩ වර්ජනය වූයේ 1893 දෙසැම්බර් 12 වන දා පැවැති මුද්‍රණ කම්කරුවන්ගේ වැඩ වර්ජනයයි. මෙම වැඩ වර්ජනය ලංකාවේ පිහිටුවන ලද පළමු වෘතීය සමිතිය සෑදීමට මග පාදවන ලදී. එච්.ඩබ්ලියු කේව් සහ සමාගමේ මුද්‍රණ කම්කරුවන් 60 දෙනෙකු විසින් මෙදින වැඩ අත්හල අතර පසුදින වන විට ඔවුන් වෙනත් මුද්‍රණාල කම්කරුවන් කිහිප දෙනෙක්ද සම`ග එකතුව ලංකා මුද්‍රණ කම්කරු සංගමය පිහිටුවා ගන්නා ලදි. මෙම සිදුවීම එකල මහත් ආන්දෝනයට තුඩු දෙන්නක් බවට පත්විය. බි‍්‍රතාන්‍ය පාලකයන් සහ ලාංකික ධනපති පන්තිය එකල සිටි ස්ථාවරය වූයේ ලංකාවේ කම්කරු පන්තියට ශක්තිමත් සංවිධාන යාන්ත‍්‍රණයක් කිසිදා සාදාගත
හැකි නොවනු ඇති බවයි. නමුත් කොළඹ නගරය තුළ ඒ වන විට බිහිව සිටි නිදහස් වැටුප් කම්කරු පන්තිය විසින් මෙලෙස ලාංකේය කම්කරු පන්ති සටනේ මුල් වෙඩිමුරය තබන ලදී.

0 comments:

Post a Comment