Monday, July 11, 2016

ව්‍යාජ සටන් හුදු ආණ්ඩු මාරුවකින් පමනක් කෙළවර වෙනු ඇත

ලස්සනට හැඩවැඩවීමට කවුරුත් කැමතියි. එය වැරැුද්දක් නොවේ. විප්ලවවාදි ව්‍යාපාරයක හැඩය තනා ගතයුත්තේ අතිශ්‍යයෙන්ම සුන්දරවය. හදවත් ස්පර්ෂකරන මිනිස් සුවද ශරීරයේ ගලන රුධිර දහරා පවා කම්පනය කිරිමට සමත්වන්නේ එවිටය. නිෂ්මිගේ හදවත් ස්පර්ෂවුයේ එයිනි. කෝ මේ මාතලං ,ටොක්කා විප්ලවයේ සුන්දරත්වය ගෙන ආවේ ඔවුන්ගෙනි. අනුරාධපුර බන්ධනාගාරයේ කුමාර් ගුණරත්නම්ට මාංචු දමා සිරිකර තිබේ. සහෝදරය ඔබේ ආත්ම විස්වාසය කොතරම්ද ඒ හා පමණින් නිර්ධන පන්තියට ආත්ම විස්වාසදය කැදවනු ඇත. නිවැරදිව සටන් කරමු. ධනපති පන්තිය ඉදිරිපිට නිවටයනු ලෙස ඇද වැටෙන්නේ නැතිව සටන් කරමු. 71 විරුවන් ගැන මුනිච්ඡුාවට කතා කර මේ සමාජයට ධෛර්ය ගෙන එන්න බෑ. මේ සමාජයට එවැනි පණිවිඩයක් ලබා දෙන්නේ කවුද? ”බිය නොවන්න, ධනපති පන්තිය ඉදිරියේ දනින් නොවැටෙන්න’’ රොහණ සහෝදරයා කිවේ එසේය. ඇත්ත පිඩිතයන් මර්දනය කිරිමට මාන බලන් විශාල පිරිසක් ඉන්න බව ඇත්තය. මෙහිදි අප පැහැදිළිවම සතුරන් හදුනා ගත යුතුය. ව්‍යාජ වේෂයන් තුල සතුරා කවුද යන්න හදුනා ගැනිම අතිශ්‍යයෙන්ම දුෂ්කරය. මෙහිදි  ඕනෑම කෙනෙකුගේ පැහැය අනුව අපට එහි අදහසක් ගත හැකිය. ධනවාදයට අවශෝෂණය කරගත හැකි සටන් ජයගන්නේ ධනවාදයයි. එහෙත් එම සටන් නිර්ධනයන්ගේ ජයග‍්‍රහන දක්වා කෙළවර කිරිමට සමත් වන්නේ කවුද? යන්න එකිනෙකාගේ සටන්පාඨ අනුව තිරණය කළ හැකිය. එහිදි මර්දනය අනිවාර්ය වන අතර ඊට බිය විම යනු ධනවාදයේ බලා පෙරෝතතුවයි. ඇත්ත ධනපතියන්ට අනුව හිරේ ඉන්නේ අපතයන්ය, වැරදි කරුවන්ය. අපට අනුව පොලිසය, අධිකරණ, හිරගෙවල් තිබෙන්නේ පීඩිතයන් මර්දනය කරීම සදහාය. අපට මර්දනය ගෙන එන්නේ අප ගන්නා පැහැය අනුවය. ලස්සන අනුවය. තම පැවැත්ම සදහා පමණක් පීඩිතයන් පෙළ ගැස්විම සිදු කරන කණ්ඩායම් නියමයෙන් හෝ අනියමින් ධනපතියන්ට කරන්නේ උදව්වකි.  එසේ එසේ වනවිට සටනට පක්ෂ අවශ්‍ය නැත. එවිට සටනට දියාරු සටන්පාඨ එකතුවනු ඇත. තමන්ගේ ප‍්‍රශ්නේ පමණක් ප‍්‍රශ්නයක් වන අතර අනෙකුත් පිඩිතයන්ගේ ප‍්‍රශ්නේ ප‍්‍රශ්නයක් නොවනු ඇත. අපි ස්වාධින යැයි කියන්නෝ තමන්ගේ පහසදුවට එය එසේ කියන විට ජයගත හැනිවන්නේ පිඩිතයන්ගේ සටන්පාඨ නොව නැවත පාලකයන් අවශ්‍යශතාවය බව අමතක කරති.

 
ලස්සන වෙන්න රූප ලාවන්‍ය පාඨමාලවලට යන්න  ඕන නෑ. අපේ ලස්සන පේනනේ මහ පෙළොවේ සටන් කරන විටය. පසුගියදා පාර්ගිමෙන්තුවේදි උසස් අධ්‍යාපන ඇමති ළෂ්මන් කිරිඇල්ළ ප‍්‍රකාශයක් කළේය. මාලමේ සයිටම් උපාධි කඩය රජයට පවරා ගැනිමට සලකාබලන බව ඔහු ප‍්‍රකාශ කළේය. මේ ප‍්‍රකාශයත් ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉල්ලිමත් අතර පරස්පරයක් තිබෙන බව කිව යුතුය. ශිෂ්‍ය ව්‍යාපාරය ප‍්‍රකාශ කරන්නේ මාළඹේ සයිටම් ඇතු`ඵ පෞද්ගලික විශ්වවිද්‍යාල අහොසිකරන ලෙස ය. කිරි ඇල්ල කියන්නේ එය රජයට පවරා ගන්නා බවය. එය බැලූ බැල්ලමට වැරදි නැති බව කෙනෙකුට සිතෙන්නට පු`ඵවනි. නුමත් මොවුන් යම් සැලැස්මක ඉන්න බව නම් මෙයින් පැහැදිළි ව දැකගත හැකිය. මාළමේ හොර උපාධිකඩය රජයට පවරාගෙන දැන් කරගෙන යන්නාක් මෙන් රාජ්‍යා අනුග‍්‍රහය සහිතව උපාධි විකිණිය හැකිය. එතකොට වෙනස් වි තිබෙන්නේ කුමක්ද? ඇත්තටම වෙනස් වි තිබෙන්නේ විකිණිම නතර විම නොව විකිණිම සදහා රාජ්‍ය ආදේශ විම පමණි. රජයට පවරා ගන්නා ලෙස පවසනමින් පාරම්බාන ජවිපේ ආණ්ඩුවට සරල පාරක් පෙන්වා දී තිබේ. අමාරුවේ වැටි සිටි ආණ්ඩුවට දැන් ගමන් කිරිමට පාරක් සොයාගෙන තිබේ. ළෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කරන්නේ එය නොවේද? එම නිසා නිර්ධන පන්ති ව්‍යාපාරයක පැහැය හදුනා ගැනිම අතිශ්‍යයෙන්ම වැදගත් වන්නේ එහෙයිනි. 
පැහැය මතුවන්නේ ඇදගෙන සිටින රතුපාට කමිසයේන් නොවේ. අප ජිවිතයේ ගෙනයන ව්‍යාවහාරය තුලින්ය. කුමන මොහොතක හෝ නිර්ධන පන්ති ව්‍යාපාරයකට තමන්ගේ ව්‍යාපාරයේ ඡුන්`ද වැඩිකර ගැනිමට පීඩිතයන් පාවාදෙන සටක්පාඨ වෙනස්කර ගත නොහැකිය. සටන්පාඨ වෙනස්කර ගන්නා පළමු මොහොතේම ව්‍යාපාරයේ පැහැය වෙනස් වන්නේය. සෑම සටන් පෘඨයක්ම කෙළවර වන්නේ ධනපතියන්ට වාසි සහගතය. එවිට පිඩිතයන්ගේ ප‍්‍රශ්න විසදනවා වෙනුවට ධනපතියන්ගේ ප‍්‍රශ්න විසදිම තම වෘත්තිය බවට පත්වනවා නිසැකය. පේන්න තිබෙන ව්‍යාජ රතුපාට සටන්කරන බලවේග වලට අතවනනු ඇත. එන්න නිවැරදි මාර්ගය මෙයයි. එන්න අප ලගට විමුක්තිය සොය ගැනිමට අප ලගට එන්න. නමුත් පිඩිතයන්ට විමුක්තිය ලැබෙන්නේ නැත. 
ආණ්ඩුව පසුගිය දා බඩු මිල වැඩි කළේය. නමුත් තවම කම්කරුවන්ට වැඩිකරනවා යැයි කියු වැටුප් වැඩිකර නැත. වැටුප් වැඩි කිරිමට නම් බඩු මිල වඩිකළ යුතුය. බඩු මිල වැඩි කළ පසු වැඩිකරන වැටුප් වලින් පලක් වන්නේ නැත. කම්කරු නායකයින් මේ බව නොදැන සිටියා නොවේ. දැන් බඩු මිල වැඩිකිරීමට එරෙහි විරෝධතාව දැක්විය හැකිය. එවිට ජනතාවගේ විරෝධතාවද සමනය වනු ඇත. නමුත් ඇත්ත ප‍්‍රශ්නය එම
විරෝධතාවේ නැත. බඩු මිල වැඩි වන විට මිලදි ගත හැකි භාණ්්ඩ ප‍්‍රමාණය අඩුවනු ඇත. එමනිසා ආණ්ඩුවට දැන් වැටුප් වැඩිකළ හැකිය. එහෙත් එම වැටුප් වල වටිනාකම අඩු වි ඇත. ඉතින් බඩු මිල වැඩි කිරිමෙන් හා වැටුප් වැඩි කිරිමෙන් සිදුවන්නේ දෙපැත්ත සමාන කිරීම පමණි. නමුත් මෙය මෙසේ තිබියදි ස්වාධින වාත්තිය සමිතිවලටත් ලාල් කාන්තටත් සමන් රත්නප‍්‍රියටත් කම්කරු නායකයන් සේ වැජබිය හැකිය. ඊට ආණ්ඩුවද සහය දක්වනවා ඇත. සිතන්න මෙය මෙසේ තිබියදි රතුපාට යටින් වෙනත් පැහැයක් මතු වන්නේ නැද්ද? මේ නිසා මොවුන් නිර්ධන පන්තියේ සැබෑ මිතුරන්ද යන්න පිළිබදව සිතා බැලිය යුතුය. 
දැන් පීඩිතයන්ට සෑම දෙසින්ම තම අයිතින් අහිමිවෙමින් පවති. එට්කා,පෙහොර සහනාධාරය කප්පාදු කිරිම, පරිසර විනාශය, වරාය නගර ව්‍යාපෘතිය, කම්කරු නීති සංශෝදනය, අර්ථ සාධකය, ෑඔත්‍ල ෑඡුත්‍  අහිමි කිරිම සිදුවිමට නියමිතව. ධනපාති පාලකයන්ට තම අවශ්‍යතාව ඉටුකර ගැනිමේ මාවත තිබෙන්නේ කොතැනද? ඊට කිසිදු විජ්ජාවක් ඔවුන්ට නැත. එය ඉටකර දිමට ජාතික වාදින් ව්‍යාජ වෘත්තිය සමිති හා ව්‍යාජ වම්මු කටයුතු තරන බව පාලකයෝ දනි එම නිසා පාලකයන්ට යම් සැහැල්ලූවකින් තම ක‍්‍රියාවලිය ගෙන යා හැකිය. ඉතිහාසය මේ සදහා අපට සාක්ෂි සපයනු ඇත. පිඩිතයන්ට ජයග‍්‍රහන ගෙන ආවේ ජාතිවාදින් හෝ ජාතික වාදින් නොවේ. සෑම විටෙකම පිඩිතයන්ගේ සටන් සෑම විටෙකම සමාජය සංවර්ධනයට ධායක වුයේය. මෙම මොහොතෙත් සටනේ දිසාව තිරණය කිරිමට තවම ඉඩකඩ පවති. විග්නේෂ්වරම්ගේ පෙඩරල් ලබා ගැනිමේ උවමනාව ජාතිවදය තව ශක්තිමත් කරන්නක් වන අතරම සමාජ කතිකාවත වෙතකට යොමු කිරිමට හැකිවනු ඇත. එවිට සෑබෑ නිර්ධන පාන්තික උවමනාව වෙනුවට නැවත වටයකින් ජාතිවාදය කරලියට එනු ඇත. නමුත් අප වෙහෙස විය යුත්තේ නිර්ධන පන්තියේ පිඩිතයන් එකට පෙළ ගැස්විම සදහාය. මේ මෙහොතේ එය පිඩිතයන්ගේ සෑබෑ අවශ්‍යතාවය හා ධනවාදයේ අවශ්‍යතාවය අතර සැබෑ සටන වනුු ඇත.
මෙම නිසාම සටන් කිරිමට පැමිණෙන පක්ෂ වල පැහැය පිළිබදව අවධාණයෙන් සිතා බැලිය යුතුය. රතු පාටින් පෙනි සිටන්නන් ඇත්තටම රතු පාටද? නිල්පාටින් ඉන්න අයගේ නිල් පාට කොඩියේ කෙළවර රතුපාට වුයේ කෙසේද? ඒ කුමක් සදහා ද? ජනාධිපති මෛත‍්‍රි රතුපාට සර්ට් අදින්නේ කුමක් සදහා ද? රනිල් රතුපාට තොප්පි දාන්න සිතන්නේ අයිද? යන්න පිළිබදව අප නැවත නැවත ගැඹුරින් සිතා බැලිය යුතුය. මොකද ඔවුන්ගේ අඩංගුවට අනුව පැහැය තිරණය වන නිසාය. එම නිසා සටන් පාඨ කාගේ අවශ්‍යතා සදහා ද? කුමන පන්තියක් එයින් නියෝජනය වන්නේද? ඉයින් අඩංගුව තිරණය වන අතර ඊට අදාළ පැහැය හා උපක‍්‍රමික ප‍්‍රවේෂයන් හදුනා ගත හැකිය.       

0 comments:

Post a Comment