Tuesday, October 22, 2019

චිලීය ගිණියම් කල ශිෂ්‍ය අරගලය..

දුම්රිය ගාස්තු ඉහළ දැමීම සහ දැරිය නොහැකි ජීවන වියදමට එරෙහිව චිලී ශිෂ්‍ය ව්‍යාපාරය අඛණ්ඩ අරගලයක..


මීට දශක තුනකට පෙර පැවති අඥාදායක පාලන සමයෙන් පසුව චිලීයේ ඇතිවූ දරුණුතම මහජන නොසන්සුන්තාවය මේ දිනවල පවතී.ඒ අතරතුර මේ වන විට දෙලොස් දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්ථාවේ.රජය විසින් මෙට්‍රෝ දුම්රිය සේවයේ ගාස්තු 3%කින් ඉහළ දැමීමට එරෙහිව චිලී ශිෂ්‍ය ව්‍යාපාරය විසින් නිර්මාණය කල ගාස්තු අඩුකිරීමේ ව්‍යාපාරය විසින් සන්තියාගෝ නගරයේ දුම්රිය ස්ථාන වලට කඩා වැදීමත් සමග මෙය ආරම්භ විය.

කෑම පිසින බාජන වලට හැදි වලින් පහර දෙමින් සංතියාගෝ නුවර වීදි පුරා විරෝධතාවයේ යෙදෙමින් ශිෂ්‍යන් විසින් ආරම්භ කල මෙම විරෝධතා ව්‍යාපාරය අද වනවිට කම්කරුවන් ද ඇතුළු සියළු ජනතාවගේ ඉසිළිය නොහැකි අධික ජීවන බරට එරෙහි පුළුල් විරෝධතාවක් දක්වා වර්ධනය වී ඇත.

දුම්-රිය ගාස්තු ඉහළ දැමීමට එරෙහිව මෙවැනි දැවැන්ත ජනතා විරෝධතාවක් ලෙස පුපුරා ගියේ විශ‍්‍රාම වැටුප් කප්පාදුව,විදුලි බිල ඉහළයාම සහ ජලය,සෞඛ්‍ය,අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් දශක ගණනාවක් පුරා ක‍්‍රියාත්මක වූ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපථ්ති හමුවේ ජනතාව මත ගොඩනැගෙමින් තිබූ පීඩනයේ පුපුරායෑමකි.

පසුගිය දශකයක් පුරාවට චිලීයේ ආර්ථිකය වර්ධනය වුවද එම ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ හිමි වන්නේ සමාජයේ වරප‍්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් වන අතර,ඔවුන් සියළු සැප සම්පත් සහිතව බොහෝ විනෝදකාමීව ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ  විදින අයුරු බලා සිටින  සමාන්‍ය ජනතාවට උරුම වූයේ අඩු වැටුපකට දවස පුරා ශ‍්‍රමය වැගිරවීම පමණි..

ජනතාව පීඩාවට පත්කරමින් ආර්ථික අසමානතාව වර්ධනය කරන මෙම ක‍්‍රමයට එරෙහිව දියත්වන මෙම විරෝධතා ව්‍යාපාර මර්ධනය කිරීම සදහා චිලීයේ ඉහළම ධනපතියකු වන පසුගිය 2017 වසරේ එරට බලයට පත් ජනාධිපති "Sebastián Piñera" ඉතා දැඩි ක‍්‍රියාමාර්ග ගනිමින් සිටී..

ඔහු පසුගිය සිකුරාදා රාත‍්‍රියේ ඔහු හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කරමින් පුරවැසියන්ගේ චලනයවීමේ නිදහස සීමාකිරීමටත් ඒකරාශීවීමේ අයිතිය සීමාකිරීමටත් රජයට අමතර බලතල ලබාදුන්නේය..හෙලිකොප්ටර් යානා සහ හමුදා ට‍්‍රක් රථ නගරය පුරා සැරිසරමින් දස දහසකට අධික හමුදා බලඇණි යොදවා ක‍්‍රියාත්මක මේ මර්ධනය හමුවේ දොළොස් දෙනකු මියගොස් එක්දහස් හයසියයකට අධික පිරිසක් සිරභාරයට ගෙන තිබේ.පසුගිය දහනව වනදා හමුදාව විරෝධතා කරුවන් වෙත වෙඩි තැබීමක් සිදුකල බවට වාර්ථා වූ අතර අද දින හමුදා රථයක් විරෝධතාකරුවන් පිරිසක් යටකරමින් ධාවනය කරන අයුරු දැක්වෙන විඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු විය.

මෙවැනි දරුණු මර්ධනයක් හමුවේ වුවද ජනතාව ඇදිරි නීති සහ හමුදා අණ නොතකා අඛණ්ඩව අරගලයේ නිරතව සිටින අතර සටන්කාමී චිලී ශිෂ්‍ය ව්‍යාපාරය සටන කරන ජනතාව වෙත එම ධෛර්ය්‍ය ලබා දී තිබේ.

පහත දැක්වෙන්නේ විරෝධ්තාවයේ නිරත ජනතාව විදෙස් මාධ්‍ය වෙත කල අදහස් දැක්වීම් කිහිපයකි..

මෙම විරෝධතා වලට සම්බන්ධවූ 22හැවිරිදි සිසුවෙක් මාධ්‍ය වෙත මෙසේ පවසා තිබුණි..
" මම කිසිවිටක ප‍්‍රචණ්ඩත්වයට කැමති නැහැ..අපි සාමකාමී පාගමන් රාශියක් සිදුකලා.නමුත් රජය ඒවා නොසළකා හැරියා.ඒ නිසා මම හිතණවා ඔවුන් ඇහුම්කම් දෙන එකම ක‍්‍රමය මේක කියලා.
මට සාමකාමීව ජීවත්වීමට අවශ්‍යයි.මම තනියම ජීවත්වෙන්නෙ මගේ බිල් ගෙවාගෙන..නමුත් මට අනතුරක් වෙලා මාසයක් රැකියාවට යන්න බැරිවුණොත් මට කෑම සදහා ගෙවන්න පුළුවන්කමක් නැහැ ඒ වගේම විශ්වවිද්‍යාලයෙන් එළියට වීසිවෙන්න මට සිද්ධවෙනවා."
"පසුගිය ඉරිදා ජනාධිපති පියෙරා විසින් ”‍අපි කිසිවෙකුටත් ගරු නොකරන බලවත් හා සම්මුති විරහිත සතුරෙකු සමඟ යුද්ධයක යෙදී සිටිමු, ”‍ යනුවෙන් කල ප‍්‍රකාශයට පිළිතුරු ලෙස තවදුරටත් ඔහු මෙසේද පැවසීය.අපි භාජන අරගෙන ඒවට හැදි වලින් පහර දෙමින් විරෝධතාවයේ නිරතවුණේ..භාජන අලාගෙන දෑත් ඔසවාගෙන සිටින ජනතාව ත‍්‍රස්තවාදීන් නොවේ..අපි සන්නද්ධ නෑ.අප අතේ තිබුණේ හැදි සහ කූරු පමණයි.ඉතින් ඔහු කා සමගද මේ යුද්ධ ප‍්‍රකාශ කරන්නේ?"
පෝලා රිවස් නුවර මෙට්‍රෝ කම්කරු සංගමයේ සභාපතිවරයා පවසා සිටියේ,
"මෙම විරෝධතාවයේ ගාමක බලය වන්නේ...විශ‍්‍රාම වැටුප් කප්පාදුව,විදුලි බිල ඉහළයාම සහ ජලය,සෞඛ්‍ය,අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් දශක ගණනාවක් පුරා ක‍්‍රියාත්මක වන නවලිබරල් ආර්ථික ප‍්‍රථිපත්ති වලට එරෙහිව ජනතාව තුළ ගොඩනැගෙමීන් තිබූ විරෝධතාවයේ පුපුරා යෑම බවයි."
තිස් හතර හැවිරිදි නීති ශිෂ්‍යාවක්..
"මෙය මෙට්‍රෝ මිළ නිසාම නොවේ..මෙයට හේතුව මේ ක්‍රමය අපව ලෙමන් මෙන් මිරිකමින් සිටීමයි."
"අගහරුවාදා පාන්දර මම ගෙදර එමින් සිටින විට හමුදා මුර සංචාර මාව නතර කලාගගඔවුන් මාව ට්‍රක් රථය තුලට දාගෙන තුවක්කුවෙන් මගේ හිසට පහර දුන්නාගඑය නතර කරන්න කියල මම ඔවුන්ට බැගෑපත් වුනත් ඔවුන් මට දිගටම පහර දුන්නා."
Oct 19 The Gurdian
Oct 22 The Guardian
































0 comments:

Post a Comment