Tuesday, January 1, 2019

සිසුන්ගේ ප්‍රශ්න නොවිසදා රජරට වසා දමයි.

රජරට විශ්වවිද්‍යාලයේ පිඨ හතරක්  2018-12-29 දින සිට දින නියමයක් නොමැතිව වසා දමන්නට  රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා කටයුතු කර ඇත.
රජරට විශ්වවිද්‍යාලයේ පංති තහනම් කර ඇති සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිසුන් පසුගිය 27 දින පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිමින් උද්ඝෝෂණය කිරිමේ හේතුවෙන් පරිපාලන කටයුතු කිරිමට අපහසු බව පවසමින් විශ්ව විද්‍යාලය දින නියමයක්  නොමැතිව වසා දැමිමට තිරණය කර ඇත. විශ්වවිද්‍යාලය වසා දැමුවද පාලක තීරණයට විරෝධය දක්වමින් සිසුන් පිරිසක් තවමත් රජරට විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලේ රැදි සිටිති.එමෙන්ම 2018-12-29 දින පොලිසිය විශ්වවිද්‍යාල භූමියට පැමිණ සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් වහා ඉවත්වන්නැයි දැනුම් දී ඇත.එය ප්‍රතික්ෂේප කරමින් තවමත් පරිපාලන ගොඩනැගිල්ලේ තම ඉල්ලීම් දිනනා තුරු රැදී සිටින බව සිසුන්  පවසයි.


0 comments:

Post a Comment