Thursday, December 27, 2018

ගිණියම් වූ රජරට අරගලය...


රජරට සරසවියේ අධ්‍යන සුබසාධන ගැටලු වෙනුවෙන් හඩනැගූ රජරට සිසු ක්‍රියාකාරීන් 16 දෙනාට ලබාදී ඇති පන්ති තහනම් වහා ඉවත් කරන්නැයි ඉල්ලා කරනු ලබන අඛණ්ඩ සත්‍යග්‍රහයට මේ වන විට දින 189 ගතවී ඇතත් පාලකයින් කිසිදු විසදුමක් මේ වන විටත් ලබාදී නොමැත. සිසු ක්‍රියාකාරීන්ට පන්ති තහනම් ලබාදී මේ වනවිට දින 317 ක්ද ගතවී ඇත. මේ වන විට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන් , ලිපි හරහා අදාල පාර්ශව දැනුවත් කළද තවමත් කිසිදු විසදුමක් ලබාදී නොමැත. 2018-12-27 දින පන්ති තහනම් වහා ඉවත් කරන්නැයි විශ්වවිදයාලය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක නිරත වූ අතර පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් උපකුලපති සමග සාකච්ඡාවක් ඉල්ලීම සදහා පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටට ගමන් කළේය. උපකුලපති කියා සිටියේ සිසුන් 12 දෙනෙකු සමග පමණක් සාකච්ඡා කරන බවත්ය.සිසුන් එය ප්‍රතික්ෂේප කර තම ගැටලුවලට කඩිනම් විසදුම් ඉල්ලා  2018-12-27 දින සවස පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට රැදී සිටි අතර මේ වන විට පරිපාලන ගොඩනැගිල්ල තුල පරිපාලන නිළධාරීන්ට කිසිදු බාධාවක් නොකර රැදී සිටී.. 




0 comments:

Post a Comment