දෙසැ 26 මින්නේරිය
හබරන ප්‍රධාන මාර්ගයට පිවිසුණු රොටවැව,රත්මලේ හා
මැදිරිගිරිය ජනතාව කව්ඩුලු වැවට සියලු අපද්‍රව්‍ය මුදා හරින මහා පරිමාණ ඌරු
ගොවිපලට හා වසර ගනනාවක් තිස්සේ පීඩා විදින කුණු කන්ද වහා ගම්මානයෙන් ඉවත් කරන
ලෙසටත් , වන
අලි තර්ජනයට ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසට බල කරමින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුනි.
.මෙම විරෝධතාවය
නිසා පොලොන්නරු ප්‍රධාන මාර්ගෙය් පැයක් පමන වාහන ගමනාගමනය සමිපූර්ණයෙන් වසා දැමූ
ජනතාව මාස 3 කට පෙර කුණු වල සමිපූර්ණයෙන් ඉවත් කරන බවට ප්‍රාදේශිය සභාවේ
සභාපති ලිඛිතව ලබා දුන් ලිපියකින් පසුව සහ සහකාර පොලිස් අධිකාරීර වරයා උසාවි
නියෝගයක් හරහා දින 3 කින් ඌරු ගොවිපල ඉවත් කරන බවට ලබාදුන් පොරොන්දුවෙන් පසුව
අයිතීන් උදෙසා ජනතා ව්‍යාපාරය ආරම්භ කළ පොදු ජනතා අරගලයේ පලමු පියවර ජයග්රාහිව
අවසන් කළේය.
නමුත් ජනතාවට විසදුම් ලබා දෙනවා වෙනුවට අධිකරණය විසින් ඒම උද්ඝෝෂණයට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. පොලීසිය එම
නියෝගය භාර දී ඇත්තේද උද්ඝෝෂණය ආරම්භ වී මිනිත්තු 20කට පසුවය. ඊයේ අධිකරණ නියෝග කඩ කළේයැයි චෝදනා කරමින් ගම් වැසියන් තිදෙනකු
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර දණහිසට පහලින් දෙපා දෙකම නැති
පුද්ගලයෙකුද වේ. පාලකයන් සහ ජනතාව අතර ප්රශ්නයේදී නීතිය සහ අධිකරණය අපක්ෂපාතීත්වයේ හෙලුව තවදුරටත් නිරාවරණය වෙමින් පවතී.
0 comments:
Post a Comment