Thursday, December 27, 2018

ජනතා සැලැස්ම එළිදකී.


    සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය - ආර්ථික යුක්තිය ජන බලයෙන් ගොඩනගන ජනතා සැලැස්ම එළි දැක්වීමේ සම්මන්ත්‍රණය 2018 දෙසැම්බර් 27 දින කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. ජනතා අරගල මධ්‍යස්ථානය විසින් පැවැත්වූ මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක අදහස් දැක්වීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයා විසින් සිදුකරන ලදි.
      නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය වෙනුවෙන් එහි ජාතික සංවිධායක වී. මහේන්ද්‍රන් සහෝදරයා, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි විධායක සභික සජිත් ශ්‍රී ලක්මාල් සහෝදරයා හා වමේ හඬ සංවිධායන නියෝජනය කරමින් එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා අදහස් දැක්වීය. තවද ජනතා අරගල මධ්‍යස්ථානයේ කාර්යභාරය පැහැදිලි කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාද අදහස් දැක්වීය.

0 comments:

Post a Comment