පසුගිය කාල වකවානුව තුළ රාජ්‍ය විශ්වවිද්‍යාල
පද්ධතිය තුළ සක්‍රීය ලෙස ශිෂ්‍ය සංගම් ඇතුලු සරසවි තුළ ක්‍රියා කරන සිසු ක්රියාකාරිකයන්
දඩයම් කිරීමේ ව්‍යාපෘතියේ තවත් එක පුරුකක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි
මණ්ඩපයේ මණ්ඩපයේ මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් හා මහා ශිෂ්‍ය සංගමය හා සමීපව
කටයුතු කරන සිසු ක්රියාකාරිකයන්ට පරිපාලනය විසින් අත්තනෝමතික ආකාරයෙන් පන්ති
තහනමක් පනවා ඇත. මෙම පන්ති තහනම පනවා දින දෙසීයකට (200) අධික කාලයක් මේ වන විට
ගෙවී ගොස් ඇතත් තවම පරිපාලනය විසින් එම සිසුන්ගේ අධ්‍යයන අයිතිය යළි ලබා දීමට කටයුතු
කර නොමැත.
මෙලෙස තහනමට ලක් වූ සිසුන් පහළොස් දෙනා අතරට
පළමු, දෙවන සහ තුන්වන වසරවල සිසුන් වන අතර සිසුවියන් දෙදෙනෙකු ද ඇතුළත් ය. පරිපාලනය සමඟ සිසුන් නිරන්තරයෙන් එම ගැටලු විසඳා
ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට අවස්ථාවන් ඉල්ලා ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක්
පරිපාලනය ලබා දී නොමැත. මෙලෙස මෙම ගැටලුවට විසඳුම් ලබා නොදෙන තැන මණ්ඩපයේ සිසුන්
පසුගිය දොළොස්වන (12) දා ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රවේශ දොරටුව ආසන්නයේ සත්‍යග්‍රහයකට
එළඹුණි. එහිදී මණ්ඩපයේ සිසුන් පවසා සිටින්නේ අසාධාරණ ලෙස පන්ති තහනමට ලක් කළ
සිසුන්ගේ පන්ති තහනම් ඉවත් කරන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයකට නියැලෙන බවයි.
0 comments:
Post a Comment