Friday, July 12, 2013


සිසු මර්දනය 
දිගින් දිගටම...
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා පසුගිය ජූලි 26 වැනි දින ඇප මත මුදා හරින ලදී. මෙලෙස ඔහුව ඇප මත මුදා හරින ලද්දේ දින 18 ක් රිමාන්ඞ් භාරයේ තැබීමෙන් අනතුරුවය.  
මේ අතර 09 වැනි දින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු කිඹුල්ලෑවේ චන්දානන්ද හිමි ද පොලිසිය විසින් රිමාන්ඞ් භාරයට ගන්නා ලද අතර දින 04ක් රිමාන්ඞ් භාරයේ රඳවාගෙන 13 දින ගංගොඩවිල අධිකරණය මගින් ඇප මත නිදහස් කරන ලදී.
මීට පෙර එනම් මැයි 17 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති ජනක නිලංග මධුශාන් සහෝදරයා පැහැර ගැනීමකට ලක් වූ බව හා එහි දී ශිෂ්‍ය සංගම් කටයුතු නතර කරන මෙන් කරනු ලැබූ තර්ජනයකින් අනතුරුව ඔහු මුදා හැර ඇති බව ද වාර්තා වේ. මැයි 16 දින රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති සහෝදරයාගේ නිවෙසට තමන් රහස් පොලිස් නිලධාරීන් යැයි හඳුන්වාගත් පිරිසක් ගොස් ඔහුව ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වයෙන් ඉවත් කරගන්නා ලෙස ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ. 
මේ අතර දැනට කැළණිය, ශ‍්‍රී ජයවර්ධනපුර, සබරගමුව විශ්වවිද්‍යාලවල නීත්‍යනුකූලව සිසුන්ගේ ඡුන්දයෙන් තෝරා පත්කර ගත යුතු ශිෂ්‍ය සංගම් පිහිටුවීම තහනම් කොට ඇත. 
තවද සබරගමුව සරසවියේ පාලනාධිකාරිය විසින්, සවස 7 න් පසු සිසුන් රැුස්වීම් නොපැවැත්විය යුතු බවට ඩ‍්‍රැකෝනියානු චක‍්‍රලේඛයක් පනවා තිබූ අතර එම තහනම නොතකා පැවැත් වූ රැුස්වීම මත එම සරසවියේ ද ශිෂ්‍ය සංගම් තහනම් කර ඇත. ඊට එරෙහිව පැවැති විරෝධතාවලට සහභාගී වීම නිසා සිසුන් 47 දෙනෙක් පංති තහනමකට ලක්කර ඇත. 
තවද ජූනි 09 දින පුද්ගලික වෛද්‍යවිද්‍යාල පිහිටුවීමට එරෙහිව සිදු කළ උද්ඝෝෂණයකට සම්බන්ධ වීම මත ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පිඨයේ සිසුන් 21 දෙනෙකුගේ පංති තහනමට ලක්කර ඇති අතර එහි දී එම සිසුන්ට එරෙහි චෝදනාව වූයේ ඔවුන් විශ්ව විද්‍යාලයේ කීර්ති නාමයට හානි කලේය යන්නයි. 


සටහන - 2012 සිට 2013 ජූලි දක්වා
ශිෂ්‍ය මර්දන ක‍්‍රියා පිලිබද දත්ත

0 comments:

Post a Comment