Friday, July 12, 2013


නිදහස් අධ්‍යාපනයත්,අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු!

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමට පෙළගැසෙමු!
පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීම නවතනු!
මාලඹේ වෙද උපාධිකඩය වහා අහෝසි කරනු!
මහපොළ හා ශිෂ්‍යාධාර වාරික රු 5000 දක්වා වැඩි කරනු!
පාසල් තුළ ගාස්තු අයකිරීම නවතනු!
ශිෂ්‍ය මර්දනය නවතනු!
පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි
කරනු! සියළු උසස් පෙළ සමතුන් විශ්වවිද්‍යාල වලට බඳවාගනු!
සියළු සරසවි සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!
සරසවි තුළ සිදුකෙරෙන ගාස්තු අයකිරීම් නවතනු!
සියළු ජාතිවාදයන්ට හා ආගම්වාදයන්ට එරෙහිවෙමු! ජනතාවගේ සබෑ ප‍්‍රශ්න වෙනුවෙන් සටන්වදිමු!
ජීවන වියදම පහත හෙළනු! වැඩකරන ජනතා වැටුප් ඉහළ දමනු!
අධ්‍යාපනය අයිතියක් වෙළඳ භාණ්ඩයක් නොවේ!
සරසවි තුළ දැනට ඇති සිසු පුරප්පාඩු 5000 සම්පූර්ණ කරනු!
පාසල් අධ්‍යාපනය බිඳ දමා, ටියුෂන්වලට දක්කන අධ්‍යාපන ක‍්‍රමයට එරෙහිවෙමු!
යන ඉල්ලීම් දිනාගැනීම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කරන ලද උද්ඝෝෂණ පාගමන පසුගිය 03 දින ආණ්ඩුවේ බාධාකිරීම් මැද ඉතා සාර්ථකව පැවැත්විණි. මේ සඳහා 5000කට අධික සිසු පිරිසක් සහභාගී වූ අතර පාගමන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගමන්ගන්නා ලදී.

0 comments:

Post a Comment