Friday, July 12, 2013
සංජීව බණ්ඩාර සහෝදරයා
වහා නිදහස් කරනු!
පසුගිය 08 වෙනිදා කොටුව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සහෝදරයා මෙම මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
මෙසේ බන්ධනාගාරගත කිරීමට හේතුව ලෙස අධිකරණය දැක්වූයේ පසුගිය 19 වෙනි දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට නුගේගොඩ
දක්වා උද්ඝෝෂණ පාගමනක් සංවිධානය කිරීමයි. මෙහිදී අධිකරණය මගින් මීට කලින් ඉදිරිපත් කළ ඇප කොන්දේසි කඩ කර අති බව දැනුම්දෙන ලදී.
සංජීව බණ්ඩාර සහෝදරයා මීට පෙරද කිහිප වරක් මෙලෙස බන්ධනාගාරගත කෙරිණ. ඒ සෑම විටම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලීසිය ගොනුකළ චෝදනාව වූයේ ඔහු නීතිය කඩ කළ බවයි. නමුත් ඒ සෑම විටම ඔහු මැදිහත් වූ සැවොම දන්නා එකම දෙය වූයේ නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ සටනට නායකත්වය දීම පමණමය. ඒ නිසා ඒ සෑම වාරයක් පාසාම යලි යලිත් අපට ඒත්තු යන්නේ පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන සටන් කරුවන්ට එරෙහි පාලකයන්ගේ මැදිහත්වීමයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ අවිශිබම නියොජිතයකු පැවසූයේ මෙය හුදෙක් සංජීව බණ්ඩාර සහෝදරයාට එල්ල වූ මර්දනයක් නොව සියළුම සටන් කරන බලවේගයන්ට එල්ල කළ මර්දනයේ කොටසක් ලෙසයි. තවද මෙවැනි ඕනෑම මර්දනයක් ඉදිරියේ නොබියව සටන් කිරීමේ හැකියාව ශිෂ්‍ය ව්‍යාපාරය සතු බවත් ඒ නිසා මෙවැනි මැදිහත්වීම් තුළින් ශිෂ්‍ය ව්‍යාපාරය අඩපන කළ නොහැකි බවත් හෙතෙම පැවසීය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment