Saturday, December 22, 2018

ඔබ තේ බොන්න..අපි වහ බොන්නම්..



දිනක මූලික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් වසර ගණනක සිට අරගලයක නිරතවෙයි.වතුකරයේ ජනතාව නියෝජනය කිරමින් පත් වූ දේශපාලඥයන් සහ වතු වෘතීය සමිති නියෝජිතයන්ගේ නිරන්තර පාවාදීම් වලින් කෙලවර වූ එම අරගලය වතුකම්කරුවන්ගේ තරුණ දූ දරුවන් විසින් අද වන විට තීරණාත්මක තලයකට ඔසවා තබා ඇත.

එහි පියවරක් ලෙස මීට දින 5කට ඉහත වතුකරයේ තරුණයන් දෙදෙනෙකු විසින් කොටුව දුම් රියපොළ ඉදිරිපිට මාරාන්තික සත්‍යග්‍රහයක් ආරම්භ කරයි.නිරාහාරව වතුර පවා පානය නොකරමින් තම ජනතාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ඔවුන් ගෙනගිය මෙම අරගලයට සහයෝගය දැක්වීම සදහා අද දින කොටුව දුම් රියපොළ ඉදිරිපිට උපවාස භූමියට වෘතිය සමිති,සිවිල් ක්‍රියාකාරීන්,සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් සම්බන්ධවිය.

වසර දෙසීයකට වැඩි කාලයක සිට මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන මෙම සහෝදර ජනතාවට තමත් හිසට හරිහමන් නිවසක්,ජීවත් වන භූමියට අයිතියක්,ඇඩ්‍රස් එකක්,අධ්‍යාපන පහසුකම් මේ කිසිවක් නොමැතිව ඔවුන් අර්ධ වහලුන් බවට පත් කර ශ්‍රමයට සරිලන ජීවත් වීමට ප්‍රමාණවත් තරම් වැටුපකවත් ලාබා නොදී කරන මේ සූරා කෑමට එරෙහිව සමාජයේ සියලු බලවේග මැදිහත් වූ පුළුල් අරගලයක් දක්වා මෙය සංවිධානය කර වතුකම්කරුවගේ වැපුට් අරගලය සහ ඔවුන්ගේ සියළු අයිතිවාසිකම් දිනාගැනීමට කැපවන බවට සපථ කරමින් උපවාසය අද දින තාවකාලිකව නතර කරන ලද අතර උපවාසයේ නිරත වූ තරුණයන් සිවු දෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල්ගත කලේය.

0 comments:

Post a Comment