Thursday, December 20, 2018

ප්‍රජාතන්ත්‍රවාදය ‌‌දෝර ගලයි. අන්තර‌ේ පාගමනට කදුළු ගෑස් හා ජල ප්‍රහාර..




මර්දනය නවතනු!
රජරට,අග්නිදිග සිසු ක්‍රියාකාරීන්ට ලබා දී ඇති අසාධාරණ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා හකුලා ගනු!
යන සටන් පාඨ මූලිත කර‌ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය 12/20 දින ‌කොලඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුනි. දිවයිනේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, මරදාන ‌‌‌ට‌ෙක්නිකල් හන්දියේ සිට ජනාධිපති කාර්්‍යාලය ‌‌වෙත තම ඉල්ලීම් රැගෙන  පාගමනකින් යාමට උත්සහ කිරීමේදී ආණ්ඩුවේ පොලිසිය විසින් කදුළු ගෑස් හා ඇමෝනියා ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.

රජරට වෛද්‍ය පීඨයේ අර්බුදය විසදන ලෙස ඉල්ලා සිටි එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින්ටද අග්නිදිග විශ්වවිද්‍යාලයේ අත්තනෝමතික පාලනය විසින් අසාධාරණ චෝදනා නගමින් ශිෂ්‍යයන්ගෙන් පලිගැනීම නවතා දමන ලෙස ඉල්ලා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරින්ටද පාලකයන් විසින් ශිෂ්‍යභාවය අහෝසිකිරීම දක්වා විවිධ දඩුවම් ලබා දී ඇත. පසුගිය කාලය පුරාවටම ‌‌‌ ‌මෙම මර්ධනයට ඒරෙහිව උද්ගෝෂණික කියාමාර්ග ගත්තද ඒ සදහා කිසිම පිළිගත හැකි පිළිතුරක් දීමට පාලකයින් අපොහොසත් වී ඇත.



0 comments:

Post a Comment