Thursday, December 20, 2018

නවලිබරල් ධනවාදී ඇපල් ගෙඩිය



විලියම් ටෙල්ගේ යනු ජනප්‍රිය ස්විස් ජනකතාවකි.කථාව අනුව විලියම් ටෙල් ඔහුගේ  ලාබාල පුත්‍රයාත් සමඟ අත්අඩංගුවට පත් වේ.බලධාරීන් විලියම් ටෙල්ගේ පුත්‍රයාගේ හිස මත ඇපල් ගෙඩියක් තබා හැකි නම් හී පහරකින් එම ඇපල් ගෙඩිය පසාරු කරන ලෙස විලියම් ටෙල්ට පවසයි.හී පහර යන්තම් හෝ වැරදුණොත් විලියම් ටෙල්ගේ පුත්‍රයා මිය යයි.විලියම් ටෙල් එක් හී පහරකින් ඇපල් ගෙඩිය පසාරු කර දමයි.දරුවාගේ හිස මත වූ ඇපල් ගෙඩියට විදීම විශ්වාසය පිළිබඳ සංකේතයකි.පියාගේ හී සැරයට ඇපල් ගෙඩිය මිස තමා ගොදුරු නොවන බවට පුත්‍රයා විශ්වාස කරයි.පුත්‍රයාට හානි කිරීමෙන් තොරව ඇපල් ගෙඩිය සිදුරු කළ හැකි බව පියා විශ්වාස කරයි.

මේ චිත්‍රය නව ලිබරල් ධනවාදයේ යුගයේ විලියම් ටෙල්ගේ කතාවයි.ඇපල් ගෙඩියට පියා විදිනි ඇත යන විශ්වාසයෙන් සිටගත් පුත්‍රයාගේ හිස පියාගේ හී පහරින් සිදුරු වී තිබේ.විශ්වාසය වූ කලී ජීවිතයේ හැම අංශුවක් ම වෙළඳපොළකරණය වෙමින් තිබෙන සමකාලීන නව ලිබරල් ධනවාහී සමාජය තුළ අවලංගු වී යමින් තිබෙන වචනයකි.ඔබට ඔබගේ අසල්වැසියා විශ්වාස ද? ඔබට ඔබගේ කාර්යයාල සඟයා විශ්වාස ද?ඔබට ඔබ ගමන් කරන වාහනේ යාබද අසුනේ අසුන්ගෙන සිටින මඟියා විශ්වාස ද? ඔබේ විද්යවරයා ඔබට විශ්වාස ද? ඔබේ නීතීඥවරයා ඔබට විශ්වාස ද?සමාජ ක්‍රමය සියල්ලන් ස්වාර්ථකාමය තුළ, නිරුවත් පුද්ගලවාදය තුළ ගිල්වා දමමින් සිටියි.සාමාජීය මිනිසෙක් වෙනුවට ස්වාර්ථය පමණක් තකන නවලිබරල් මිනිසෙක් බිහිකරමින් සිටියි.එබඳු ඒකමානීය මිනිසුන්ගෙන් යුක්ත ලෝකයක් තුළ විශ්වාසය කියා දෙයක් මිනිස් සබඳතා විශයෙහි ඉතිරි වන්නේ නැත.මේ ගොඩනැගෙමින් තිබෙන්නේ විශ්වාසය කියා දෙයක් නැති වෙළඳ භාණ්ඩ හා වෙළඳ ගණුදෙණු වලින් පමණක් සමන්විත ලෝකයකි.

0 comments:

Post a Comment