Friday, January 11, 2019

රජරට අරගලය ජය ගනී



රජරට විශ්වවිද්‍යාලය තුළ දිගින් දිගටම අධ්‍යන සුබසාධන ගැටලු ප්‍රමාණයක් පැවති අතර ඒ වෙනුවෙන් හඬ නැගු සිසු ක්‍රියාකාරීන් 16 දෙනෙකු අත්තනෝමතික ලෙස සිශ්‍යභාවය අහෝසි කර අදට දින 331 වන අතර එයට එරෙහි විශ්වවිද්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයට දින 203කි.
 2018.12.27 වන දින පන්ති තහනම් අහෝසි කිරීමට බල කරමින් සිසුන් පරිපාලන ගොඩනැගිල්ල තුළට ගිය අතර හිටපු උපකුලපතිවරයා විසින් සරසවිය අත්තනෝමතික ලෙස වසා දමන ලද අතර සිසුන් අද දවස වන විට දින 15ක් මුළුල්ලේ පරිපාලන ගොඩනැගිල්ල තුල අඛණ්ඩව රැදි සිටි අතර පන්ති තහනම් 2019.01.13 වන දින සිට අහෝසි කිරීමට පාලනාධිකාරීය තීරණය කර පොදු ලිපියක් ලබා දෙන ලදී.
 ඒ අනුව දින 331ක් මුලුල්ලේ ගෙන ගිය රජරට අරගලය ජය ගන්නා ලදී. 

0 comments:

Post a Comment