ගාල්ල නගර මධ්‍යයේ වෙල්සන්පුර පදිංචි සිසුවියන් හතර දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් කර නොගැනිමට විරෝධය පල කරමින් එම සිසුවියන්ගේ මවුපියන් විසින් දින 15ක් තිස්සේ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙමින් සිටී.
එම දැරියන්ගේ මව්පියන් පැවසුවේ තමන් ස්ථීර ඔප්පු නැතැයි කියමින් දරුවන් පාසලට ඇතුළත් කර ගැනිම විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරන බවයි.
ස්ථිර ඔප්පු නැති උනත් නගර සභාවෙන් දීපු බලපත්‍ර තිබෙන බවත් ජලබිල් වතුර බිල් වරිපනම් බිල් ආදි සියල්ල තමන් සතුව ඇති බවත් මෙයට සැබෑ හේතුව තමන්ගේ ආදායම් මට්ටම බවත් ඔවුන් වැඩිදුරටත් පැවසීය.
බදවා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සිසුවියන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට බදවා ගනු.!
අධ්‍යාපනයට 6%ක් වෙන්කර සියලු සිසුන්ට පහසුකම් සහිත පාසලක් ලැබීමට ඇති අයිතිය තහවුරු කරනු .!
බදවා ගැනීමේදී අසාධාරණයට ලක්වූ සිසුවියන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට බදවා ගනු.!
අධ්‍යාපනයට 6%ක් වෙන්කර සියලු සිසුන්ට පහසුකම් සහිත පාසලක් ලැබීමට ඇති අයිතිය තහවුරු කරනු .!
යන සටන්පාඨ මූලික කරගෙන "නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය" සංවිධානය කල දැවැන්ත විරෝධතා උද්ඝෝණයක්ද 2019.01.14 වන දින එම සත්‍යග්‍රහ අට්ටාලය ඉදිරිපිටදී පැවැත්වණි.
0 comments:
Post a Comment