Wednesday, January 23, 2019

1000 බැරිනම් වත්ත දියව්!





වතු කම්කරැවන්ගේ දිනක මූලික වැටුප 1000 කරනු.! යන සටන් පාඨය මූලික කරගනිමින් බහුජන සංවිධාන, වාමාංශික පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඒක්ව ගොඩනැගූ 1000 ව්‍යාපාරය විසින් 2019-01-21 දින කොළඹදී විරෝධතා පාගමනක් සමග උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. පස්වරු 3ට පමණ ගෑස්පහ හංදියෙන් ආරම්භ කළ පාගමන මහ වීදිය, මල්වත්ත පාර ඔස්සේ  කොටුව බෝගහ අසලින්  අවසන් කෙරිණ. කොටුව බෝගහ අසලදී විරෝධතා රැස්වීමක් පැවැත්වූ අතර ඒහිදී බොහෝ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් තම අදහස් දැක්වූ අතර  විශාල ජනතාවක් විරෝධතාවයට සම්බන්ධ  විය. එමෙන්ම මෙම උද්ඝෝෂණය සඳහා මොන්ලා, ෆ්‍රැක්සිස් සාමූහිකය,  රාජ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, අන්තර් විශ්වවිද්‍යාලයිය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයිය භික්ෂු  බලමණ්ඩලය, වමේ හඬ, සමාජ සාධාරණත්වයක් උදෙසා ජනතා ව්‍යාපාරය, ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, වතු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, අලුත් පරපුර, ඔරුමි, ජන අණසක  සංවිධානය, නිදහස් සේවක වෘතිය සමිති සම්මේලනය, වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය, තරුණ නීතිවේදීන්ගේ සංගමය හා සිවිල් ක්‍රියාකාරීන්  සම්බන්ධ විය.


මෙරට සිටින වතු කම්කරු ජනතාවගෙන් අසීමිත ලෙස ශ්‍රමය සූරා කමින් තම බඩගෝස්තරවාදය රජකරවන හාම්පූතුන් ඔවුන්ට ඒක් දිනකටවත් ජීවත්වීමට සරිලන වැටුපක් ලබා නොදීම හේතුවෙන් සහ සාමූහික ගිවිසුම්  අත්සන් කිරීම හේතුවෙන් වතු ජනයාගේ අරගල පාවාදීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධාන කළ අතර ඒදින දිවයින පුරා බොහෝ විශ්වවිද්‍යාල ඉදිරිපිට සහ බොහෝ නගරවල මෙම ගැටලුවට ඒරෙහිව විරෝධතාවන් සංවිධානය කර තිබුණි.

0 comments:

Post a Comment