පාසැල කඩයක් කර දෙමාපියන්ගෙන් මුදල් අය කිරීම නීතිගත කරන ආණ්ඩුවේ 2018/26 චක්‍රලේඛය වහා හකුළා ගනු! සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් 2019-01-24 දින කොළඹදී පැවැත්විණ. ඒ සදහා සිසු ජන ව්‍යාපාරය නියෝජනය කරන වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන් සහ සිසුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය. කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කළ විරෝධතා පාගමන කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පැමිණ පසුව රැස්වීමක්ද පැවැත්විය. එහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින්, භූපති නලින්, ඒකාබද්ධ ගුරු සේවා සංගමය නියෝජනය කරමින් උපාලි සෙනෙවිරත්න, රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරින්ගේ සංගමය නියෝජනය කරමින් නිමල් කරුණාසිරි, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු දිදුල අමරසිංහ, එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව, ෆ්රැක්සිස් සාමූහිකය නියෝජනය කරමින් විදර්ශන කන්නංගර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය යන සහෝදරවරු අදහස් දැක්වීය.
1981අධ්‍යාපන ධවල පත්‍රිකාවට සමාන වන මෙම චක්රෙල්ඛයත් ආණ්ඩුව ගෙන එනු ලැබූවේ තමන්ගේ නව ලිබරල් ප්‍රතිපත්ති වලට අනුව උසස් අධ්‍යාපනය සේම පාසල් අධ්‍යාපනයත් ලාභ ලැබීමේ එක් අංශයක් කරගනිමින් පොදු අයිතීන් පුද්ගලික කරන තම ප්රතිපත්තීන් ඉදිරියට පවත්වාගෙන යාමටය. 2018/26 චක්‍රෙල්ඛය අහෝසි කිරීමට සහ අධ්‍යාපනයට ප්‍රතිපාදන 6% වෙන් කර ගැනීමේ පොදු සටනේ තීරණාත්මක අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිබව අදහස් දැක්වූ සහෝදරවරු පැවසීය.
0 comments:
Post a Comment