ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයෙ බඳවා ගැනීම් ක්‍රියාවලියේදි අසාධාරණයට පත් වු සිසුවියන් සිව්දෙනාට සාධාරණයක් ඉල්ලා නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය 2019.02.06 දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
අසාධාරණයට පත් සිසුවියන්ගෙ දෙමාපියන්, සරසවි සිසුන් හා ගම්වාසින් ඇතුළු සිසුජන ව්‍යාපාරයෙ සමාජිකයන් දහවල් දොලහට පමණ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට එක්රැස්වී අමාත්‍යාංශය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර පොලිස් නිලධාරීන් හා දොරටු අවහිර කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වීම වැලක්වන ලදි. පසුව සාකච්ඡාවක් ලබා දෙන තුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ දොරටු ඉදිරිපිට සටන් පාඨ කියමින් විරෝධතා දක්වන ලදි.
අනතුරුව දෙමාපියන් නියෝජනය කරමින් හතර දෙනෙකුට හා සිසුජන ව්‍යාපාරයෙ නියෝජිතයන් දෙදෙනකු වශයෙන් හය දෙනෙකුට අමාත්‍යාංශය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලදි.
ගාල්ල සවුත්ලන්ඩ් බාලිකාවේ ගැටළුව සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඇති බවත් දින දහයක් තුළ ගැටළුවට විසඳුම් ලබා දෙන බවත් අමාත්‍යාංශය ලේකම් වරයා වාචික පොරොන්දුවක් ලබා දුන්නේය.
අනතුරුව ගැටළුව විසඳීම සඳහා කමිටුවට අදාල තොරතුරු හා දැනුවත් කිරීමෙන් පසු විරෝධතාව අවසන් කරන ලදි.
0 comments:
Post a Comment