Thursday, February 7, 2019

සිංහරාජ වනාන්තරයේ සිදු කෙරෙන වන විනාශය හා අධිරාජ්‍යවාදී මැදිහත් වීම

සිංහරාජ වනාන්තරය තුල මේ වන විට සිදු වන වන විනාශය හා මෙරටට සිදු වන අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සම්බන්ධව දැනුවත් කිරීම සඳහා youth for chenge සංවිධානය මඟින් (07) දින මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. ඒ මරදාන ඩීන්ස් පාරේ පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේදීය (CSR ).

සිංහරාජ වනාන්තරය අප රටට පමණක් නොව ලෝකයටම වැදගත් වන පරිසර පද්ධතියකි. මෙය ජෛව විවිධත්වය අතින් ගත කල ලෝකය ඉහලින්ම පිහිටි වනාන්තරයකි. නිවර්තන වැසි වනාන්තරක් ලෙස සැලකෙන සිංහරාජය ජෛවීය රක්ෂිත, දැඩි ආරක්‍ෂිත ලෝක උරුම වනාන්තරයක් ලෙස නම් කර ඇත්තේ ද මෙහි ඇති අතිශය වැදගත් කම හේතුවෙනි. ලංකාවට ආවේනික ශාක හා සත්ව විශේෂ රාශියකට නිවහන බවට පත්ව ඇත්තේ සිංහරාජ වනාන්තරයි.

මෙවැනි ලෝක මට්ටමේ වැදගත් කමක් ඇති සිංහරාජ වනතරය ආරක්ෂා කිරීම වෙනුවට මේ වනවිට ලෝක බැංකු ව්‍යාපෘතියක් හා සම්බන්ධ වෙමින් මෙරට පරිසර අමාත්‍යංශය වන සරක්ෂණ දෙපාර්තමේන්තුව සිංහරාජය විනාශ කිරීමේ සැලසුමක ක්‍රියාත්මක කරයි. ඒ ලෝක බැංකු ව්‍යපෘතියක් වන ESCAMP වියාපෘතිය හරහායි. මේ ව්‍යපෘතිය හරහා සිංහරාජ කුඩව පිවිසුම ප්‍රදේශයේ විශාල මාර්ගයක් ඉදි කරනු ලබයි. සංචාරකයන්ට පහසුව සඳහා ඉදි කරනවැයි පැවසෙන මෙම මාර්ගය සාමාන්‍ය පුද්ගලයින්ට ඇවිද යාමට අඩි 10ක පලලින් යුතුව කොන්ක්‍රීට් අතුරයි. එමගින් මෙම පරිසර පද්ධතියට සිදු වන හානිය අති විශාලය. තවත් වැදගත් කාරණයක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ 2011 වර්ෂයේදීය. එනම් මහින්ද රාජපක්ෂ රජය සමයේදීය. එසේම විරෝධතා හමුවේ හකුලා ගැනීමට සිදු වූ මෙම ව්‍යපෘතිය නැවත ආරම්භ කරන්නේ 2017 වර්ෂයේ වත්මන් ජනධිපති මෛත්‍රී පාල සිරිසේන පරිසර අමාත්යංශය භාරව කටයුතු කරන අතරයි
ඒ අනුව සිංහරාජය පමණක් නොව තවත් රක්ෂිත වනාන්තර කිහිපයක මෙවැනි ව්‍යපෘති ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ලෝක බැංකුව ලබා දී ඇත. පෙබරවාරි 02 වනදා සිංහරාජ වනාන්තරයේදී අත්තඩංගුවට ගත් විදේශකයන් පස් දෙනා විසින් සිංහරාජයෙන් එකතු කර ගෙන තිඛූ සතුන් සහ ශාක කොටස් හමුවීමත් සමග තවදුරටත් සිදුවන ජෛව මංකොල්ලයක්ද අනාවරනය වී තිබේ. වනසංරක්ෂණ බලධාරීන්ගේ අනුග්‍රහය අතිව සිදුවන මෙවන් ජාවාරම් වලට තව තවත් පහසුවක්ද මෙවන් මාර්ග තැනීම් හරහා සිදුවේ

මීළඟ වැදගත් කරණය වන්නේ ලංකාව හා ඇමෙරික එක්සත් ජනපදය අතර අත්සන් තබා ඇති ගිවිසුමකි. මෙම ගිවිසුමේ බරපතල කම වන්නේ මෙය යුධමය කටයුතු සම්බන්ධ ගිවිසුමකක් වීමයි. පසුගිය ජනවාරි මාසයේදී කටුනායක ගුවන් තොටුපලට ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන් යන්වක් ගොඩබස්වා ඇත. එමගින් ගෙන ආ භාණ්ඩ තොගයක් රේගුවේ හෝ ආරක්ෂක අංශ පරික්ෂා කිරීමකින් තොරව ගුවන්තොටුපලින් පිටත් කර ඇත. ඒවා ගෙන ගොස් ඇත්තේ ත්‍රිකුණාමල වරයා ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති දැවැන්ත ඇමෙරිකානු යුධ නැවකටයි. ඒ අනුව මේ වන විට ලංකාව ඇමරිකානු යුධමය අවශ්‍යතා සඳහා පාවිච්චි කෙරේ. මෙය සිදු වන්නේ 2007 වර්ෂයේ මාර්තු මස එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි ඝෝටභය රාජපක්ෂ හා ඇමෙරිකානු නියෝජ්ජිත රොබට් ඕ බ්ලේක් අතර අත්‍සන් තැබුණු ගිවිසුමකට අනුවයි. එම ගිවිසුම 2017 වර්ෂයේ සිට රනිල් මෛත්‍රී ආණ්ඩුව දින නියමකින් තොරව දීර්ඝ කර ඇත. මිට පෙර අවස්ථා දෙකකදී මේ ආකාරයට යුද සැපයුම් සඳහා ලංකාව පාවිච්චි කල බව ඇමෙරිකානු තානාපතිනිය පිලිගෙන ඇත. ඒ අනුව මෙරට ජනතවගේ කිසිඳු දැනුවත් භාවයකින් තොරව යුද්දයකට ඇද දමා ඇත. එය සිදු වන්නේ මහින්ද මෛත්‍රී,රනිල් ඇතුලු පාලකයන්ගේ දැනුවත් භවයක් සහිතවය.

youth for Chenge ජාතික කමිටු නියෝජනය කරමින් ළහිරු වීරසේකර , සුජිත් කුරුවිට, මලින්ද ශක්ති, කෝෂිලා හංසමාලි, සහ තිමන්ත දයනක යන සහෝදර සහෝදරියන් මීට සහභාගි විය.




0 comments:

Post a Comment