Friday, February 22, 2019

ප්‍රයෝගික පරීක්ෂණ ගාස්තුව ඉවත් කරන්නැයි සෞන්දර්ය සිසුන් විරෝධතා පාගමනක....


සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට පවත්වනු ලබන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සිසුන්ගෙන් රුපියල් 2500 අයකර ගැනීම නවත්වා ඊට අදාළ ප්‍රතිපාදන වෙන්කරන ලෙස බලකරමින් සහ තවත් සටන්පාඨ කිහිපයක් මුල් කරගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයිය මහා ශිෂ්‍ය සංගමය විසින් 2019-02-20 දින එම විශ්වවිද්‍යාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දක්වා විරෝධතා පාගමනක නිරත විය. මෙම ගැටලුව පිළිබද උපකුලපති සහ පීඨාධිපතිවරු සමඟ සාකච්චා කලද ඊට නිසි විසඳුමක් නොමැති තැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපතිට ලිපි මාර්ගයෙන් මේ  පිළිබඳව දැනුවත් කලද එයටද නිසි විසඳුමක් නොලැබුන බව මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කර සිටී. එබැවින් මෙලෙස විරෝධතා පගමනකින්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව පැමිණීමට දක්වා පැමිණීමට සිසුන්ට සිදුවූ බවද ප්‍රකාශ කර සිටියේය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව දක්වා පැමිණි සිසුන් එහි සභාපතිවරයා මුණගැසී සාකච්චා කිරීමට සුදානම් වුවත් පොලිසිය එයට බාධා කරමින් ප්‍රකාශ කර සිටියේ කිසිදු වගකිව යුතු නිලධාරියෙකු නොසිටින බවයි. පසුව ඔවුන් එය ඉදිරිපිට විරෝධතා රැස්වීමක් පැවැත්විය .












0 comments:

Post a Comment