Monday, July 11, 2016

කම්කරු සිසු සන්ධානය ගොඩනගමු

මැයි මාසය කියන්නේ ලෝකය පුරා වීදී රතු පාටින් සැරසෙන මාසයයි. ඒ වාමාංශික ව්යාපාර, වෘතීය සමිති,ජාත්යන්තර කම්කරු දින සැමරන  බැවිනි. එබැවින් මෙම මැයි මාසයේද වෙනදා මෙන් රතු පාට කොඩි, බැනර්, වේදිකා ලෝකය පුරා දකින්නට හැකි වනු ඇත. මෙම බැනර් වල වේදිකාවල විව්ධ සටන් පාට දකින්නට හැකි වනු ඇත. ඒ සෑම සටන් පාඨයක්ම කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩ නගනු ඇත. පසුගිය ඉතිහාසය තුළ මේ බොහෝමයක් සටන් පාට කම්කරු දිනයට පමනක සීමා වීම අප අත්දැකීම තුළ දැක. නමුත් මෙවර ජාත්යන්තර කම්කරු දිනය උදා වන්නේ වෙනදාට වඩා වෙනස් වාතාවරනයක් තුලය. ඒ ලෝකය පුරා කම්කරුවන්, ශිෂ්යයින්,ගොවියන්, ධීවරයින් ඇතුළු විවිද ක්ෂ්රේත්ර වල වැඩ කරන පංතියේ මිනිසුන් සටන් වදින මොහොතකය. පසුගිය දශක දෙක තුළ දකින්නට නොලැබුනු කම්කරු සටන් යුරෝපය පුරා ඇවිලෙන මොහොතකය. එබැවින් මෙවර ජාත්යන්තර කම්කරු දිනය ශිෂ්ය ව්යාපාරයට බොහෝමයක් දේශපාලන ඉගැන්වීම් ලබා දෙනු ඇත. ඒ සඳහා අප වාම දෘෂ්ඨියක සිට ජාත්යන්තර කම්කරු දිනය කියවා ගත යුතු වේ.


ජාත්යන්තර කමකරු දිනය නිර්මාණය වන්නේ 1886 ඇමරිකා එක්සත් ජනපදයේ  චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක සාධාරන වැඩ දිනයක් ඉල්ලලා කල සටනින්.මෙම සටනට පාලකයෝ පහර දෙනවා, කම්කරුවෝ ඝාතනය කරනවා, හේමාකට් චතුරශ්රය ලේ විලක වෙනවා. මෙන්න මේ සිදු වීම හේතුවෙන් 1889 දෙවන ජාත්යන්තරයෙන් ජාත්යනතර කම්කරු දිනය නම් කරනවා මැයි පළමුවෙනිදට. මෙක තමයි ජාත්යන්තර කමකරු දිනයේ ඉතිහාසය. ඒක නිසා පළමුවෙන්ම අප දැනගත යුතු කාරනය නම් ජාත්යන්තර කම්කරු දිනය කියන්නේ වැඩකරන මිනිස්සුන්ගේ, පීඩිත පංතියේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන සංවිධානය වන දිනයක්. ඒක නිසා මේ සටන නිස්චිතවම ධනපතින් පාලකයින්ට එරෙහිව කරන සටනක්.
දෙවන කාරනය තමයි සටන් කිරීමට සංවිධානය යුතු බව.  එම සංවිධානය වීමද නිවැරදිව කියවා ගත යුතුය.ජාත්යන්තර කමකරු දිනය සැමරීම සඳහා විවිධ දෙශපාලන පක්ෂ, ව්යාපාර සංවිධානය වුවද එහි සැබෑ අයිතිවාසිකම කම්කරු පංතිය සතුය. මොකද තම ලාබ අරමුණු වෙනුවෙන් ධනපති පාලකයින් කම්කරු අයිතිවාසිකම් කප්පාදු කරමින් කම්කරුවන් සුරා කමින් තම පාලනය පවත්වාගෙන යන බැවිනි. එබැවින් පාලක පංතියට එරෙහිව සංවිධානය විය යුතුය. ඒ සංවිධානය වීම නිවැරදි වාම පදනමක් සහිත කම්කරු පංතියේ පක්ෂයක් මත විය යුතුය. මන්ද කම්කරු අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ අවසානය සමාජවාදය වන බැවිනි. එම සංවිධානය වන කමකරු පංතියේ පක්ෂය ජාත්යන්තරවාදී විය යුතුය. මොකද ධනවාදය තුළ කම්කරුවන් ජාත්යන්තර මට්ටමින්ම සුරාකනු ලබන අතර එයට එරෙහිව කරන අරගලයද ජාත්යන්තරය තුළ සංවිධානය වූ අරගලයක් විය යුතුය. එබැවින් කම්කරු සටන් ජාත්යන්තර තුළ සංවිධානය වූ කම්කරු පංතියේ පක්ෂයක නායකත්වය මත සිදු විය යුතුය. ස්වාධීන හෝ ධනපති පක්ෂ තුල කම්කරු පංතියට සංවිධානය වීමක තුළ අයිතිවාසිකම් දිනා ගත නොහැක. 

අනෙක් කාරනයනම් විවිධ ශ්රෙත්ර වල පවතින සටන් ඒකාබද්ධ කල යුතු වීමයි.කම්කරු, ගොවි, ධීවර, ශිෂ්ය වැනි ශ්රෙත්ර වල හුදෙකාලව පවතින සටන් ඒකාබධ කල යුතුය. ඒකාබද්ද සටනක් තුළ, ඒකාබද්ද ක්රියාමාර්ග තුළ අපගේ අයිතිවාසිකම් දිනාගැනීමට හැකිවනවා සේම සමාජවාදය වෙනුවෙන් කරන අරගලයද තව තවත් ත්රීව වනු ඇත, ඒ තුල දේශපාලන නායකත්වයක් බිහිවනු ඇත. අද දවසේ ශිෂ්ය ව්යාපාරය ඉගෙනගත යුතු අත්දෙකීමද එයයි. අධ්යාපනන අයිතිය වෙනුවෙන් කරන සටන කම් කරු ව්යාපාරය සමඟ ඒකාබද්ධ විය යුතුය. ඒ සඳහා නිවැරදි වාමාංශික දුෂ්ටියක් සහිත කම්කරු පක්ෂයක් තුල සංවිධානය විය යුතුය. අරගලය ජාත්යන්තරවාදී විය යුතුය.

0 comments:

Post a Comment