රටේ විශාල වශයෙන් වෘත්තිය සමිති වාගෙම කම්කරු සංවිධාන පවතිනවා, මෙහෙම තියෙද්දි මොකද කම්කරු අරගල මධ්‍යස්ථානය ගොඩනගන්නේ
දැනට ලංකාවේ තියෙන කම්කරු ව්‍යාපාරයේ මුලික වශයෙන් ප‍්‍රශ්න ප‍්‍රමාණයක් තියෙනවා. ලෝකයේ කම්කරු ව්‍යාපාරය බිහිවෙන්නේ මාක්ස් වාදය නැත්තම් වම බිහිවෙන්න් කලින්. චාටිස් ව්‍යාපාරය බිහිවෙන්නේ මාක්ස් බිහිවෙන්න කළින්. කම්කරු ව්‍යාපාරයට දේශපාලන නායකත්වය දෙන එකයි, කම්කරු පංතිය විප්ලවයේ ගාමක බලවේගය ලෙස හඳුනා ගන්න එකයි, කම්කරු පංතිය තමයි මිළ`ග සමාජ පරිවර්තය කරන්නේ කියන එක තමයි මාක්ස්ගේ දේශපාලන අදහස. අපි මාක්සාවාදි පක්ෂයක් විදිහට අපි හිතෙනවා, වෙම මොහොතේ සාමාජය මුහුණ දිලා ඉන්න ප‍්‍රශ්නයට උත්තරය තියෙන්නේ කම්කරු පංතියට නිරිදන පංතියට දේශපාලන බලය ලබා ගැනිම තුළ කියලා. අපි කම්කරු පංතියට මැදිහත් වෙන්නේ ඔය පදනමින්. පදනම් දෙකක් තියෙනවා. එකක් තමයි සාම්ප‍්‍රදායිකව කම්කරු පංතියේ ප‍්‍රතිසංස්කරණ, ජිවිතේ සරල ප‍්‍රශ්න වෙනුවෙන් එකතු වෙලා සටන් කරන සාම්ප‍්‍රදායික කම්කරු ව්‍යාපාරයක් තියෙනවා. එවගේම කම්කරුවන්ට දේශපාලන බලයහ ලබා ගැනිමට දේශපාලනිකව මැදිහත් වෙච්ච මැදිහත් විම් තියෙනවා. මේ දෙකෙන් අපි තෝරගෙන තියෙන්නේ දෙවැනි පාර. ඒක තෝර ගත්තු තවත් දේශපාලන පක්ෂත් තියෙනවා. අපි හිතෙනවා මේ මොහොත වෙද්දි තියෙන දේශලපාලන වට පිටාවයි, පසුගිය ඉතිහාසය දිහා බැලූවාම, කම්කරු පංතියට එවැනි දේශපාලන නායකත්වයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි එවැනි දේශපාලන නායකත්වයක් ලබා දිමේ ක‍්‍රියාවලියක තමා නිරත වෙලා ඉන්නේ. මේ මොහොතේ පවතින කම්කරු ව්‍යාපාර ආණ්ඩුවත් එක්ක සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධවෙලා හිටපු නිසා තමන්ගේ දේශපාලන සටන් පාඨ, කම්කරුවගේ ඇත්ත වුවුමනාවන් වෙනුවෙන් සෘජුව සටන් කරන්න බැරි තත්ත්වයකට පත්වෙලා ඉන්නවා. ඒ නිසා සෘජුව සටන් කරන, සටන්කාමි දේශපාලන නායකත්වයක් කම්කරු ව්‍යාපාරයට අවශ්‍යවෙලා තියෙනවා.
පසුගියදා මෛත‍්‍රි රනිල් හවුල් ආණ්ඩුව ඉදිරිපත්කළ අයවැයෙහි දැවැන්ත කම්කරු අයිතින් ප‍්‍රමාණයක් කප්පාදු කිරිමට යොජනා වුණා. හැබැයි මේයට විරුද්ධව සටනක් මතු වුණේ නැහැ, එහෙම වුණේ ආණ්ඩුව ඉල්ලිම්වලට එක`ගවුණ නිසාද?
පැති කිහිපයක් තියෙනවා. මේකට විරුද්දව සටනක් මතු උනා. දෙසැම්බර් 15 වන දා වැඩ වර්ජනයකට කම්කරුවෝ සුදානමින් සිටියා. ඒකට බලපෑවා විශාම වැටුප් කප්පාදුව. ෑඡුත් ෑඔත් කොල්ල කෑමේ යෝජනාව. පැය 08ක වැඩ දිනය නැති කිරිමේ යෝජනාව. කම්කරු පනත් 14ක් සංශෝධනය කරන්න ගේනාපු යෝජනා යන සියල්ල බලපෑවා, කම්කරුවන් තුළ හදිසි දේශපාලන උත්සන්නියක් මතු වෙන්න. ප‍්‍රශ්නය උනේ මේකත් එකක් සාකච්ජාවන්ට යොමු උනා යම් කිසි වෘර්තිය සමිති කිහිපයක්. ඔවුන් ප‍්‍රකාශ කළා මේ දිනයන්ට මේ දේවල් කරනවා කියලා අගමැති තුමා පොරොන්දු උනා, ඒ නිසා වැඩ වර්ජනය අතහරිනවා කියලා. කම්කරුවන් තුළ මේ කප්පාදු කිරිම් එරෙහිව සටන් කළ යුතුයි කියලා තත්ත්වයක් නිර්මාණය උනා. නමුත් මේ මොහොතේ ඒ කම්කරුවක්ට නායකත්වය දෙන පිරිස් ඒ සටනට නායකත්වය දිමට ඉදිරියට ආවේ නැහැ. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ අරගලය දියකර හැරිමේ ක‍්‍රියාවලියක නිරත උනා.
ධනපති ආණ්ඩු රකින්න සමහර වෘර්තිය සමිති, වාමාංශික පක්ෂ සහය වෙනවා. මෙහෙම වෙන්නේ වමේ ගමන අවසන් නිසාද?
නැහැ එහෙම වෙන්නේ වමේ ගමන අවසන් නිසා නෙමෙයි. පවතින බලයට සම්බන්ධ වෙලා තමන්ගේ දේවල් දිනාගත යුතුයි කියන මතය සෑම කාලයකම තිබුණු ප‍්‍රශ්නයක්. මිනිස්සු සාමාන්‍ය දෛනික ජිවිතයේ බොහෝ විට මේක කරනවා. මැතිවරණයෙදි අපේක්ෂකයාගේ වැරදි අඩු පාඩු දැකදැකත් මිනිස්සු ඡුන්දය දෙන්නේ, පෞද්ගලිකව අපේක්ෂකයාට ලං උනොත් තමන්ගේ දේවල් කරගන්න පුලූවන් කියලා හිතලා. කම්කරු ව්‍යාපාරය තුළත් වාමාංශික ව්‍යාපාරය තුළත් මේ තත්ත්වය මෙහෙමම තියෙනවා. යම් කිසි ස්ථාපිත බලයක ලංවෙලා, එකත් එක්ක ගැට ගැහිලා, මොනවා හරි දෙයක් දිනා ගැනිම හැම කාලයකම දේශපාලන ව්‍යාපාරවල ප‍්‍රකාශනයක් විදිහට තිබුණත්, කම්කරුවන්ව වමේ දේශපාලනය පාවා දිමට විරුද්ද පාවා නොදෙන දේශපාලන ව්‍යාපාර පැන නැ`ගුණා. ඒවා ඉතිහාසයට අයිතියි. වමේ ව්‍යාපාරයේ ඉතිහාසයේ පාවා දීම් විතරක් නොමෙයි, පාවාදීම්වලට එරෙහිව දේශපාලන ප‍්‍රවේශයන් පැන නැ`ගුණා. ඉතිහාසය කියවිය යුත්තේ මේ දෙකම සම`ගමයි.
මේ හවුල් ආණ්ඩු ඉන්දියාවත් එක්ක එක්ටා ගිවිසුම අත්ත්සන් කරනවා. මොකක්ද මේ ගිවිසුමේ කාතාව.
එක්ටා ගිවිසුම කෙටයෙන් පැහැදිලි කරනවානම්, ලංකාව හා ඉන්දියාව අතර අත්ත්සන් කරන වෙළඳ ගිවිසුමක්. මේක බලපානවා කලාප කිහිපයකට. භාණ්ඩ අපනයනය හා ආනයනය, අයෝජකයින් ලංකාවට පැමිණිම, සේවා අංශය විවෘත කිරිම හා සංක‍්‍රමණවලට තියන ඉඩකඩ විවෘත කිරිම. ලංකාව මොතෙක් අත්ත්සන් කළ ගිවිසුම් අතරින් මෙය ගුණාත්මක අතින් වෙනස් වෙන්නේ සේවා අංශය විවෘත කිරිම කියන තැනින්. පුද්ගල සංක‍්‍රමණයන්ට ඉඩ දෙනවා කියන තැනි්න තමයි මේක වෙනස් වෙන්නේ. මේකේ තියෙන අනතුර තමයි, ලංකාව වගේ රටක ශ‍්‍රම බලකාය, ලංකාවේ විරැුකියාව, ඉන්දියාවේ විරැුකියාව, ලංකාවේ වැවුප් තත්ත්වය, ඉන්දියාවේ වැටුප් තත්ත්වය, සලකලා ලංකාවේ තියෙන වැටුප් ඉහළ තත්ත්වය නිසා ඉන්දියානු ශ‍්‍රමිකයන් විශාල වශයෙන් ලංකාවට සංක‍්‍රමණය වෙනවා. එකෙන් වෙන මුලිකම දේ තමයි ලංකාවේ ශ‍්‍රමිකයන්ගේ වැටුප් තළ පල්ලහට වැටැන එක. මේක සම්බන්ධයි පහුගිය කාළේ ආණ්ඩුව අයෝජකයන් ගෙන්වනවා කියපු ව්‍යාපෘති සම`ග. අයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ ලංකාවේ ශ‍්‍රමයේ මිළ පහළ වැටුනේ නැත්තම්. දැනට පේන විදිහට වික‍්‍රමසිංහලා හිතෙන විදිහ තමයි ඉන්දියානු මධ්‍යම පංතියට කොහොමද භාණ්ඩ අපනයනය කරන්නේ කියන කාරණය. ඒ භාණ්ඩ අපනයනය කිරිම සඳහා භාණ්ඩ හදන්නේ කොහොමද ලංකාවේ. ඒකට අයේජකයෝ ගෙන්වන්නේ කොහොමද? අයේජකයේ එන්නනම් ශ‍්‍රමයේ මිළ පහළ හෙල්න්න ඕන නැත්තම් ඉන්දියාවේ ගිහිල්ලා හදනවානේ. ඕක තමයි කතාව. සමහරු මේක පටු තැන්වලින් අල්ලගෙන ඉන්නවා. ඉන්දියානු විරෝධයක් විතරක් හදනවා. ඉන්දියානු අධිපතිවාදයක් බලහත්කාරයක් මෙතෙන තියෙනවා තමයි ඒ උනාට මේක අත්ත්සන් කරන්නේ 87 ඉන්දු ලංකා ගිවිසුම අත්ත්සන් කළා වගේ බලහත්කාරයකින් නෙමෙයි. මේක අත්ත්සන් කරන්නේ වික‍්‍රමසිංහලාගේ උවමනාවට. ඒක විවෘතව කියනවා. ඉන්දියාවත් එක්ක විරක් නෙමෙයි තවත් රටවල් ගණනාවක් එක්ක මෙවැනි ගිවිසුම්වලට එන්න සුදානමක් තියනවා කියලා ඇමතිවරු කියනවා. මේක කතාව. 1947 ගැට් සම්මුතිය, 1994 උධ ගෙනාපු ලෝකය ඇතුළේ ප‍්‍රාග් ධනය හා ශ‍්‍රමය සංසරණය වේගවත් කරන්න, වර්ධනය කරන්න කරන්න රටවල් අතර ගිවිසුම් අත්ත්සන් කරන එක තමා ඒ අයගේ යෝජනාව. එතකොට පහසුකම් හදන එක ගිවිසුම් හදන එක තමයි මේ සිදු වෙන්නේ. මේ මුලූ කතාව බලන්න. මහින්ද රාජපක්ෂ අධිවේගි මාර්ග හැදුවා. අනිත් එක පෝට් සිටි. මේ යටිතල පහසුකම් හැදිම යන ව්‍යාපෘති මුලූමනින්ම සම්භන්ධයි මේ කතාවට. ලංකාවට එන ශ‍්‍රමිකයන්ට එන්න යන්න පහසුකම් හදන එක, භාණ්ඩ හුවමාරු කරන්න පහසුකම් හදන එක. තමයි මේ යටිතළ පහසුකම්වල මුලික අවශ්‍යතාවය. ණය වෙලා ඔය යටි තළ පහසුකම් සංවර්ධනය කළේ ලංකවේ ඉන්න මිනිස්සුන්ට එහේ මෙහේ යන්න නොමෙයි. සමස්ථයක් විදිහට ගත්තාම අපි මෙකට විරුද්යි. නමුත් එක්ටා ගිවිසුමට විරුද්ද සමහරු මේ විරෝධය ඉන්දියානුවන්ට විරුද්දව පත්කරන්න සුදානමින් ඉන්නවා. අපි පැහැදිලිව කියනවා ඉන්දියානුවන්ට විරුද්දව වීමෙන් මේ ප‍්‍රශ්නය ගත්තොත් මේ ප‍්‍රශ්නය අවුලකට ගිහින් ජාතිවාදයකට ගමන් කරනවා. එතකොට මේ ප‍්‍රශ්නයේ හරය අපිට අහු වෙන්නෙත් නැහැ. අපි ජාතියන්තරවාදින් නම්, අපි වාමාංශිකයන් නම් අපි දන්නවා දැනටත් පිටරටදි ලංකාවේ ශ‍්‍රමිකයන් මුහුණ දෙනවා මේ ප‍්‍රශ්නයට. විගාමික ශ‍්‍රමිකයෝ කියලා අපේ කම්කරුවන් පස්සේ පන්නනවා ඒ රටවල ඉන්න ජාතිවාදි පක්ෂ. ඔවුන්ගේ සටන් පාඨ තමයි විගාමික ශ‍්‍රමිකයන් රටින් පිටකරනු ! කියන එක. ඒ සටන් පාඨය අපිට ගන්න අයිතියක් නැහැ. ඒක්ටා ගිවිසුම ගහන්න කළින් අපි බලපෑම් කරනවා එක්ටා ගිවිසුම එපා ! එක්ටා ගිමිසුමට එරෙහි වෙමු ! කියලා. යම් කිසි ආකාරයකට මෙවැනි ගිවිසුමක් ඇතිවෙනවා නම් අපි හිතනවා කොන්දේසි දෙකක් තිබිය යුතුයි. ඉන්දියානු කම්කරුවන්ටත් ලංකාවේ කම්කරුවන්ගේ සේවා කොන්දේසි පිහිටුවිය යුතුයි. වැටුප් තළ සමාන කළ යුතුයි. ඒක ගිවිසුම අත්ත්සන් කරන විට තියෙන ප‍්‍රශ්නයක්. ගිවිසුමට එරෙහි විම තමයි අපේ පදනම.
කම්කරු වැටුප් තළ සමාන විය යුතුයි කියන කතාවට ලංකාවේ කම්කරුවෝ එක`ග වෙයිද?
ඉන්දියාවට සමාන කරන්න නෙමෙයි ඕන. ලංකාවේ වැටුප් තළ ඉහළ තියෙන්නේ. ඉන්දියාවේ කම්කරුවන්ටත් ලංකාවේ වැටුප් මට්ටම් ගෙවිය යුතුයි. එක කරන්නේ නැහැ ඒක කරනවා නම් මේ ගිවිසුම ගහලා වැඩක් නැහැ. මේ ගිවිසුම ගහන්න ඕන යම් ක්ෂේත‍්‍රයක රැුකියා අතිරික්තයක් තියෙනවානම් ඒක වර්ධනය කරන්න වෙන රටක ඉදලා කම්කරුවෝ ගෙන්න ගන්න වෙනවා. අපි හිතමු ෂඔ ක්ෂේත‍්‍රයට ලංකාවේ කම්කරුවේ ප‍්‍රමාණවත් නැහැ කියලා. එහෙනම් ඉන්දියාවෙන් ඒ විෂයට කම්කරුවෝ ගෙන්නන එක ප‍්‍රශ්නයක් නැහැනේ. නමුත් මේ ප‍්‍රවේශය ඒකට නෙමෙයි. අපි කරන්න යන්නේ ප‍්‍රතිසංස්කරණ දිනා ගන්න නෙමෙයි හරියට කම්කරුවාට දේශපාලන නායකත්වය දිනා ගන්න කියලා.
එතකොට මේ මොහොත වෙද්දි ප‍්‍රතිස්කරණ සටන් තියෙනවා. ෑඡුත් ෑඔත් සටන වගේ ඒවාට කම්කරු මැදිහත් විම අඩු වෙද්දි දේශපාලන නායකත්වය වගේ දේකට කම්කරුවන් ගොණු කරන්න පුලූවන්ද?
නැහැ. පැති දෙකක් තියනවා. එහෙම සටන් නැහැ කියන්නත් බැහැ. කළින් විශාල අරගලයක් ගියා මහින්ද ෑඔත් එකට අත තියන්න ගිය වෙලාවේ කටුනායක. මේ දෙසැම්බර් 25 වැඩ වර්ජනයට ලෑස්වෙලා හිටියේ වැඩ කරන ජනතාව. කම්කරුවන්ගේ ඒ මතුවෙන සටන්කාමිත්වයට දේශපාලන නායකත්වය දෙන්න ඕන. මේ දෙකෙම ප‍්‍රශ්න තියෙනවා. කම්රුවන්ගේ සටන්කාමිත්වය විශ්වාසය මොට වෙච්ච තත්ත්වයක් තියෙනවා. අනිත් එක දේශපානික වශයෙන් තිබුණු නායකත්වය ඉතිහාසය පුරාවට ඒක අරාජික කරපු පවා දිපු අද්දැකීම් ගොඩක් තියෙනවා. ඒ දෙකම නිසා තමයි මේ තත්ත්ය නිර්මාණය වෙන්නේ. ඒත් 100% කම්කරුවෝ සටන් කරන්නේ නැහැ කියලා තත්ත්වයක් නැහැ. අපි හිතෙනවා ඒක අභියෝගයක්. ඒක ඉතිහාස තුළ විසඳිය යුත්තක්. නමුත් කිසිම කෙනෙකුට තමන්ගේ තමන්ගේ එළි පත්ත ගාවට ප‍්‍රශ්නය ආවාම සටන් නොකර ඉන්න බැහැ. වෛද්‍යවරු, ඉන්ජිනේරුවෝ පාගමන් යද්දි ඒ ප‍්‍රශ්නය පේනවා. පාගමන් සම්භන්ධ විචාරශිලිව කරුණු දක්වන ඉතිහාසයක් තමයි ඒ අයට තියෙන්නේ. ඒ අයට ප‍්‍රශ්නය ආවාම සටන් කරනවා. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරු ඒ අයගේ ප‍්‍රශ්නයට පා ගමන් ගියා. ඒ නිසා හැමෝම සටන් කරනවා තමන්ට ප‍්‍රශ්නය ආවාම. ප‍්‍රශ්නය තියෙන්නේ ඒ සටන්ලට නායකත්වය දෙන්නේ කොහොමද?. ඒ සටන් කොහොමද නිවරදිව වැඩ කරන ජනතාව අතරට ගෙනියන්නේ, කොහොමද වැඩ කරන ජනතාවගේ දේශපාලන බලයක් ගොඩ න`ගන්නේ කියන එක. ඒක පක්ෂයකට විසඳන්න තියන ප‍්‍රශ්නයක් මහ පොළව මත. ඒක කතාවලින් විසඳන්න බැහැ.
0 comments:
Post a Comment